1.පසුපස මායිම පළලින් අඩි 20කට වැඩි මාර්ගයකට යාබදව නොතිබෙන්නේ නම් සහ තනි මහලක් හෝ මහල් දෙකක් පමණක් ඉදිකරන්නේ නම් සහ ඉදිරියේදී දෙවන මහලක් ඉදිකිරීමට බලාපොරොත්තු නොවන්නේ නම් බිම් මහල සඳහා ඉඩම පිටිපස්සේ මායිමේ ඉඳන් අඩි 7 අඟල් 6ක් තියන්න ඕනි.පළමු මහලට අඩි 10ක් තියන්න ඕනි.
මහල් තුනක් හදනවනම් බිම්මහලට අඩි 10ක් තියන්න ඕනි.
2.ඉදිරිපස ඉඩකඩ ප්‍රමාණය එක එක තැන්වල වෙනස් වෙනවා.ඒක හරියටම දැනගන්න වෙන්නේ අදාල පළාත් පාලන ආයතනයෙන්.
3.පැතිවල මායිමේම හදන්න පුලුවන්.හැබැයි වහලේ කොටස් මායිම ඉක්මවා ඉදිකරන්න බෑ.ඒ වගේම ජනේල ආදී කිසිවක් ඒ බිත්ති තියෙන්න බෑ.මේ ක්‍රමයට යනවනම් නිවසේ සැළසුම වරලත් සිවිල් ඉංජිනේරුවෙකු විසින් සහතික කලයුතු වෙනවා.
මායිමේම ඉදිකිරීම නොකරන්නේනම් මායිමේ සිට අඩි 3ක අවම දුරක් තියෙන්න ඕනි.මේ බිත්තියේ ජනේල සහ දොරවල් දාන්න පුලුවන්.හැබැයි ඒවා නීත්‍යානුකූල වාතය සහ ආලෝකය ලබාගැනීමේ අරමුණින් භාවිතා කරන්න බෑ.
නීත්‍යානුකූලව වාතය සහ ආලෝකය ලබාගන්නා දොරජනේල ඉදිකරනේ නම්
බිම්මහලට වාතය සහ ආලෝකය ලබාගැනීමේදී,බිම් මහලේ බිතිතියේ සිට මායිමට අඩි 7 අඟල් 6 කුත් පළමු මහලේදී මායිමට අඩි 10 කුත් තියෙන්න ඕනි.
බිම් මහලට ආලෝකය සහ වාතාශ්‍රය ලබා නොගෙන පළමු මහලට පමණක් ආලෝකය ආලෝකය සහ වාතාශ්‍රය ලබාගන්නේ නම් පළමු මහල මායිමේ සිට අඩි 7 අඟල් 6ක් දුරින් හදන්න පුලුවන්.
4.ඒ වගේම මායිම් බිතිති වලට බැල්කනි යොදනවනම් ඒ බැල්කනියත් මායිමත් අතර බිත්තිය අඩි 6 අඟල් 6 ක් උසට නිර්මාණය කරන්න ඕනි.මේක කරන්නේ අල්ලපු ගෙදර පේන්නේ නැතිවෙන්න