ඉඩම් ප්‍රශ්නයක්!!!
මචන්ලා මගේ ඉඩමක් තියෙනවා අපේ ගමේ.. නිවාඩුවට ගෙදර ගිහින් බලද්දි අල්ලපු මායිමේ ඉන්න මිනිහා මගේ ඉඩමේ මායිමටම තියල ඉඩම ඩෝසර් කරල.
දැන් අඩි 9ක් විතර උසට බැම්මක් තියෙනවා.. අපේ ගෙදරිනුත් දන්නේ නෑ කපල ඉවර වෙනකම්ම. නිකමටවත් අැවිත් ගෙදරට කියල නෑ.. මම කිව්වා පස් කඩන් වැටෙන නිසා ගල් බැම්මක් බැදල දෙන්න කියල මේ විදියට ඉඩම කැපුවනම්. මිනිහා හෙන පාට් දාගෙන කතා කරා බැමි බදින්න දැන්ම අපිට සල්ලි නෑ. අනික ග්‍රාමසේවක කියපු නිසයි මේ විදියට ඉඩම කැපුවේ. හෙන සද්දේ මිනිහගේ. අපේ තාත්තා ග්‍රාමසේවක හම්බෙන්න ගියාම කියලා දෙගොල්ලෝ එක්ක කතා කරල ප්‍රශ්නේ විමසදගන්න කියල. අල්ලපු වත්තේ ඉන්න මිනිහා ග්‍රාමසේවකගේ හොද යාලුවෙක් ඒ නිසා ග්‍රාමෙට මේ ප්‍රශ්නෙට අත දාන්න බෑ කිව්වලු..
මම වැඩ නිසා මට ග්‍රාමසේවක හම්බවෙන්න යන්න බැරි වුනා..
මම ග්‍රාමසේවකට කෝල් කරල විස්තර අහද්දි පර්මිට් එකක් නැතුව පස් කපල තියෙන්නේ කියල මට මීටර් වුනා.. අන්තිමට කියනවා ඉඩමේ අයිති කාරයට කියල ලියුමක් අරන් දෙන්නම් ලු ඉක්මනින් බැම්ම බැදල දෙනවා කියල. මම හා කිව්වා. මම තාත්තට අායිම කෝල් කරල කිව්වා ග්‍රාමසේවක මෙහෙම ලියුමක් දෙයි ඒක අරගන්න කියල.. මට වැඩ එක්ක හරියට විස්තර අහන්න බැරි වුනා මොකද වුනේ කියල එදා රෑ වෙනකම්.. මුන් බැම්ම මාස හයකින් හදල දෙන්නම් කියල ලියුමක් දීලා. ග්‍රාමසේවකට ලියුම ලියන්න බෑ කියල තාත්තා එක්ක ගිහිපු මල්ලි තමයි ලියුම ලියල තියෙන්නේ. අනික ග්‍රාමසේවක SEAL එක ගහන්නත් බෑ කියල.. තව මේක පොලිස් පැමිණිලි දාන්නේ නැතිව ගොඩින් බේරගන්න කියල.

මේකට මට මොකක්ද කරන්න පුලුවන්.. අද AG Office එකේ ඉඩම් අංශෙට යනවා පැමිණිල්ලක් දාන්න..
තව දෙයක් ඉඩම තියෙන්නේ මම පදිංචි වෙලා ඉන්න ගමේ නෙමෙයි. අල්ලපු ගමේ. ඒ නිසා ඉඩද අයිති පැත්තට අදාල ග්‍රාමසේවක අපිව අදුරන්නේ නෑ..
මචන්ලා මගේ ඉඩමක් තියෙනවා අපේ ගමේ.. නිවාඩුවට ගෙදර ගිහින් බලද්දි අල්ලපු මායිමේ ඉන්න මිනිහා මගේ ඉඩමේ මායිමටම තියල ඉඩම ඩෝසර් කරල.
දැන් අඩි 9ක් විතර උසට බැම්මක් තියෙනවා.. අපේ ගෙදරිනුත් දන්නේ නෑ කපල ඉවර වෙනකම්ම. නිකමටවත් අැවිත් ගෙදරට කියල නෑ.. මම කිව්වා පස් කඩන් වැටෙන නිසා ගල් බැම්මක් බැදල දෙන්න කියල මේ විදියට ඉඩම කැපුවනම්. මිනිහා හෙන පාට් දාගෙන කතා කරා බැමි බදින්න දැන්ම අපිට සල්ලි නෑ. අනික ග්‍රාමසේවක කියපු නිසයි මේ විදියට ඉඩම කැපුවේ. හෙන සද්දේ මිනිහගේ. අපේ තාත්තා ග්‍රාමසේවක හම්බෙන්න ගියාම කියලා දෙගොල්ලෝ එක්ක කතා කරල ප්‍රශ්නේ විමසදගන්න කියල. අල්ලපු වත්තේ ඉන්න මිනිහා ග්‍රාමසේවකගේ හොද යාලුවෙක් ඒ නිසා ග්‍රාමෙට මේ ප්‍රශ්නෙට අත දාන්න බෑ කිව්වලු..
මම වැඩ නිසා මට ග්‍රාමසේවක හම්බවෙන්න යන්න බැරි වුනා.. මම ග්‍රාමසේවකට කෝල් කරල විස්තර අහද්දි පර්මිට් එකක් නැතුව පස් කපල තියෙන්නේ කියල මට මීටර් වුනා.. අන්තිමට කියනවා ඉඩමේ අයිති කාරයට කියල ලියුමක් අරන් දෙන්නම් ලු ඉක්මනින් බැම්ම බැදල දෙනවා කියල. මම හා කිව්වා. මම තාත්තට අායිම කෝල් කරල කිව්වා ග්‍රාමසේවක මෙහෙම ලියුමක් දෙයි ඒක අරගන්න කියල.. මට වැඩ එක්ක හරියට විස්තර අහන්න බැරි වුනා මොකද වුනේ කියල එදා රෑ වෙනකම්.. මුන් බැම්ම මාස හයකින් හදල දෙන්නම් කියල ලියුමක් දීලා. ග්‍රාමසේවකට ලියුම ලියන්න බෑ කියල තාත්තා එක්ක ගිහිපු මල්ලි තමයි ලියුම ලියල තියෙන්නේ. අනික ග්‍රාමසේවක SEAL එක ගහන්නත් බෑ කියල.. තව මේක පොලිස් පැමිණිලි දාන්නේ නැතිව ගොඩින් බේරගන්න කියල.