ඉඩම් බෙදීමේ ප්‍රශ්නයක්.

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    යාලුවනේ ඉඩමක් තියෙනව. ඒකෙ සම්පූර්ණ ප්‍රමාණය අක්කර තුන හාමාරක්. මේ ඉඩම පුද්ගලයන් 3න් දෙනෙක්ට අයිතියි.
    A ට අක්කර 1යි
    B ට අක්කර 1යි
    C ට අක්කර 1 යි බාගයයි.

    ikDiF8O.png


    මෙයාල තුන්දෙනාට මේ ප්‍රමාණ බැගින් අයිතියි කියල පත්තිරුවල තියෙනව. නමුත් එක් එක් කෑල්ලට ඔප්පු නෑ. ඒ වගේම මේ කෑලි තුන බුක්ති වින්දත් දළවශයෙන් අටවගත්ත මායිම් අනුව තමයි බුක්ති විඳින්නේ මැනල වෙන්කරල නෑ මෙම කැබලි 3න.

    දැන් හිතන්න මේ 3න් දෙනා එකතු වෙලා මිනිදෝරුවෙක් සම්බන්ද කරගෙන මේක මනින්න යනව කියල. ඒකෙදි A කියන පුද්දලය දැනට බුක්ති විඳින කොටස මැනලබැලුවම අක්කර 1ක් නෑ තියෙන්නේ අක්කර 0.7ක් වගේ කොටසක්. එතකොට ඉතිරි 0.3 එන්න ඕන අනිත් දෙන්නගෙන් එක්කෙනෙක්ගේ කොටසකින් නේ. ඉතින් ඒ දෙන්නම දෙන්න බෑ කියල කියනවනම්. මොකක්ද කරන්න පුලුවන්?

    එතකොට මිනින්දෝරුව වැඩේ දමල ගහල සල්ලිඅරන් යනව. වැඩේ කඩා කප්පල්. එතකොට මේ 3න් දෙනාම එකඟ වෙලා මේක පටන්ගත්තත් එක් පාර්ෂවයක් හරි පසුව විරුද්ද උනොත් මේ වැඩේ කරන්න කිසිම විදියක් නැද්ද?

    ඔය පළවෙනි ගැටලුව.

    දෙවැනි ගැටලුව තමයි. මනිද්දි එක් පාර්ශවයක් කිව්වොත් මම දැන් බුක්ති විදින කොටස එපා ඒ වෙනුවට මට වෙන කොටසක් ඕන කියල. උදාහරනෙට. B කියන කොටස දැනට බුක්ති විඳින කෙනා කිව්වොත් මට B එපා ඒ වෙනුවට A ට අයත් කොටස ඕන කියල. මේ වගේ ගැටලු වලදි මොකක්ද කරන්න පුලුවන්?
     
    • Like
    Reactions: shadow134

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,798
    18,601
    113
    ඕකට එකටම ඔප්පුව ලිව්ව ගොනා හොයන් ඉන්න ඕනෙ එකටම
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    මිනින්දෝරු කරන්නේ උඹල පෙන්නන මායිමට මැනලා ඊට කලින් ප්ලැනට reference දීල අලුතින් ප්ලැන හදල දෙන එක. මායිම් ආරවුල් නම් මනින්නේ නෑ. ඒක උඹල විසඳ ගන්න ඕනි. පුද්ගලික ඉඩම් නම් සාකච්චා කරල, සමථ මණ්ඩල වලින් හරි බැරි උනොත් උසාවි නඩුවකින් හරි නිරවුල් කරගන්න ඕනි.
     
    • Like
    Reactions: shadow134 and IKL
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මිනින්දෝරු කරන්නේ උඹල පෙන්නන මායිමට මැනලා ඊට කලින් ප්ලැනට reference දීල අලුතින් ප්ලැන හදල දෙන එක. මායිම් ආරවුල් නම් මනින්නේ නෑ. ඒක උඹල විසඳ ගන්න ඕනි. පුද්ගලික ඉඩම් නම් සාකච්චා කරල, සමථ මණ්ඩල වලින් හරි බැරි උනොත් උසාවි නඩුවකින් හරි නිරවුල් කරගන්න ඕනි.
    ඒ කියන්නේ මේකකරන්න බැරි වැඩක්නේ? එක පාර්ෂවයක් අවුලක් ඇද්දොත් මිනින්දෝරුවො යයි යන්න.
     
    • Like
    Reactions: Janithsl88

    Geeth_Nuwan

    Well-known member
  • Dec 11, 2007
    330
    261
    63
    Kegalle
    thundena katha karala wisadaganna eka thamai hodama de, ehema katha karagena minindoruwek allagena, dan thiyena full land eka thundenatama main road eka ahu wena widiyata bedaganna, akkara 3 size eka ehe mehe wela nam mul path iru wala tiyena size eka anupathayak widiyata samana wenna bedala ganna eka thamai lesima saha sadaranama widiya.
     
    • Like
    Reactions: Janithsl88

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    ඒ කියන්නේ මේකකරන්න බැරි වැඩක්නේ? එක පාර්ෂවයක් අවුලක් ඇද්දොත් මිනින්දෝරුවො යයි යන්න.
    ඔව්. එකඟ වෙලා කරන්න ඕනි. මොකද තුන්දෙනාම ඔය ඉඩමට හිමිකම් කියන නිසා. මිනින්දොරු එන්න කලින් අහනවා බං ඉඩමේ මායිම් අවුල් තියෙනවද නැද්ද කියල.. අහ් අනිත් දේ මමත් මිනින්දෝරු කෙනෙක් අත්දැකීමෙන් කියන්නෙ.. :rolleyes:;)
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,791
    1
    58,040
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ක්‍රම 3ක් තියෙනව.

    1. ඕක විසඳන්න තියෙන ලේසිම විදිහ තමයි තුන් දෙනා එකතුවෙලා සමගියෙන් බෙදාගන්න එක.

    2. නඩු කියල උසාවියෙදි බේරුමක් කරගන්න වෙනව.

    3. තමන් දැනට භුක්ති විඳින කොටස ගැන සෑහීමකට පත්වෙනව නම් අනික් දෙන්නගෙන් දිවුරුම් ප්‍රකාශ අරගන්න ඕනෙ තමන්ගෙ කොටසට අයිතිවාසිකම් කියන්න එන්නෙ නෑ කියල. ඒක පත් ඉරුවලට ඇතුල්කරගන්න වෙනව.
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    අහ තව දෙයක් ඔය තුන් දෙනාටම ඉඩම අවශ්‍ය නම් කරන්න තියෙන්නේ අර උඩ කිව්ව දේවල් වගේම ඔය ප්‍රශ්න දාන පාර්ශවය කැමති නම් උඹට ඒ පර්චස් ගානට සල්ලි දීල උඹගේ නමට ඉඩම ලියව ගන්න පුළුවන්. එතකොට ඔප්පුවේ ගානට දැනට පවතින මිලට ගෙවල ලියව ගන්න පුළුවන්.
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    ඉඩම් case කියන්නේ නීති මහත්තුරුන්ට
    සල්ලි ආකර
    කොහෙවත් යන නීති මහත්තයාලා පෝසත් කරන්නේ නැතුව
    නිකම් තමන්ගේ කාලය අවුරුදු 10ක් 15ක් අපතේ යවන්නේ නැතුව
    කතා කරලා බේරගන්න කියන්න සාදාරණ විදියකට

    ඉතින් අර 0.3 ක් වැඩියෙන් තියන කෙනා ගෙන් තමයි ගන්න ඕනේ
    එකට එයා විරුද්ද වෙන්නේ මොකටද

    අපෙත් ඉඩම් බෙදන්න එද්දී අපේ ගෙවල් සීමාව විතරක් හරියට තිබ්බා
    උඩහා වත්තේ කොනට යද්දී අඩි 20ක් විතර වැට අපේ වත්ත ඇතුලට ඇවිල්ල
    අල්ලපු ඉඩමේ මාම වැට අවිද්දවලා
    මනින්න ආවෙත් අපේ නැදෑ කෙනෙක් මයි
    එයා කිසි කතාවක් නැතුව මේ වැට වැරදි
    මෙතන තියන්න ඕනේ කියල
    ඒක වෙනස් කළා
     
    • Like
    Reactions: Janithsl88

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    ඉඩම් case කියන්නේ නීති මහත්තුරුන්ට
    සල්ලි ආකර
    කොහෙවත් යන නීති මහත්තයාලා පෝසත් කරන්නේ නැතුව
    නිකම් තමන්ගේ කාලය අවුරුදු 10ක් 15ක් අපතේ යවන්නේ නැතුව
    කතා කරලා බේරගන්න කියන්න සාදාරණ විදියකට

    ඉතින් අර 0.3 ක් වැඩියෙන් තියන කෙනා ගෙන් තමයි ගන්න ඕනේ
    එකට එයා විරුද්ද වෙන්නේ මොකටද

    අපෙත් ඉඩම් බෙදන්න එද්දී අපේ ගෙවල් සීමාව විතරක් හරියට තිබ්බා
    උඩහා වත්තේ කොනට යද්දී අඩි 20ක් විතර වැට අපේ වත්ත ඇතුලට ඇවිල්ල
    අල්ලපු ඉඩමේ මාම වැට අවිද්දවලා
    මනින්න ආවෙත් අපේ නැදෑ කෙනෙක් මයි
    එයා කිසි කතාවක් නැතුව මේ වැට වැරදි
    මෙතන තියන්න ඕනේ කියල
    ඒක වෙනස් කළා
    වැට ඇවිද්දත් මාම හොඳ හින්ද හොඳයි. නැත්තම් ඔහොම වැට වෙනස් කරන්න දෙන්නේ නා බං අපි මිනින්දෝරුවෙක් ගෙන්නල මැන්න කියල. ඊට පස්සේ බනින්නේ හොර මිනින්දෝරුවෙක් ගෙනල්ල මැනපු ඒවා අපි පිළිගන්නේ නෑ අපිත් මැනලා බලන්න ඕනි. වැට අඩියක් හෙලෙව්වොත් කපනව බලාගනින් තමයි..:baffled:
     
    • Wow
    Reactions: amino
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ඉඩම් case කියන්නේ නීති මහත්තුරුන්ට
    සල්ලි ආකර
    කොහෙවත් යන නීති මහත්තයාලා පෝසත් කරන්නේ නැතුව
    නිකම් තමන්ගේ කාලය අවුරුදු 10ක් 15ක් අපතේ යවන්නේ නැතුව
    කතා කරලා බේරගන්න කියන්න සාදාරණ විදියකට

    ඉතින් අර 0.3 ක් වැඩියෙන් තියන කෙනා ගෙන් තමයි ගන්න ඕනේ
    එකට එයා විරුද්ද වෙන්නේ මොකටද

    අපෙත් ඉඩම් බෙදන්න එද්දී අපේ ගෙවල් සීමාව විතරක් හරියට තිබ්බා
    උඩහා වත්තේ කොනට යද්දී අඩි 20ක් විතර වැට අපේ වත්ත ඇතුලට ඇවිල්ල
    අල්ලපු ඉඩමේ මාම වැට අවිද්දවලා
    මනින්න ආවෙත් අපේ නැදෑ කෙනෙක් මයි
    එයා කිසි කතාවක් නැතුව මේ වැට වැරදි
    මෙතන තියන්න ඕනේ කියල
    ඒක වෙනස් කළා
    එහෙම කරන්න මිනින්දෝරුවන්ට බලයක් නෑනේ. එයා මනින කෙනෙක් විතරනේ.
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    මාම හොඳ හින්ද හොඳයි
    honda seen eka nemei unee ban
    eyaata needeeyo okkom aissarahaa noondi unaa
    අපිත් මැනලා බලන්න ඕනි
    ape nam unee minindooruwaa api okkogema needeeyek
    okkotama eka wagee needeegama thibbe
    aaya aaya menne ne
    අඩියක් හෙලෙව්වොත් කපනව බලාගනින්
    budu ammoo echchara darunu case walata nam mama face karala nee
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    තුන්දෙනා එකඟ වෙලා බෙදාගන්න බැරිනම් අනිවාර්යෙන් බෙදුම් නඩුවක් දාන්න වෙනවා
    බෙදුම් නඩු අවමවශයෙන් අවුරුදු 5කට වඩා යනවා විසදන්න

    කවුරු හරි ප්‍රාණ භුක්තිය තියල ලියපු එකක්නම් ඒ කෙනා තවම ඉන්නවනම් එයාට පුළුවන් කොටස් නැවත ලියන්න.
    ඒ කෙනා නැත්නම්, හැබැයි හරියට කියල තියෙනවනම් එක එක කෙනාට දීල තියෙන ප්‍රමාණය නඩුව ලේසියි.
    හැබැයි මේ විදිහට ලියන කෙනා අනිවාර්යෙන් ඉඩමේ මේ කොටස මෙයාට දෙන්න කියල ලියන්නේ නැහැ

    ඉඩම් නඩුවේ මේ ක්‍රමේට බෙදන්න තවත් අවුරුදු ගානක් නඩු කියන්න වෙනවා මොකද එක එක්කෙනා එක එක තැන්වලින් ඉල්ලන නිසා.

    මගේ මතය අනුව නඩු ගිහින් මේක කරන්න යන්න එපා
    එකතුවෙලා කතාකරලා කරගන්න
    නැත්නම් අවුරුදු 10ක් වත් යනකල් විසඳුමක් එන්නේ නැහැ
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඉඩම් නඩු කියන්නේ යකෙක් බදාගත්තා වගේ තමා,හොදම දේ උබල කතාවෙලා සාදාරන විදිහට බෙදාගන්න එක,නැත්නම් නඩු කිව්වොත් උබලගේ ළමයින්ගේ ළමයිට තමා ඉඩම හම්බෙන්නේ