ඉඩිමහින් යලිත් ඇන ගනී

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
ඉඩිමහින් යලිත් ඇන ගනී

ලංකා කර්තෘට ඇප දෙන්නැයි කියා ඉඩිමහින් යලිත් ඇන ගනී දේශීය 2010 පෙබරවාරි 16 වෙනි අඟහරුවාදා, 16:58
mahinda_1.jpg
ලංකා පුවත්පතේ ප්‍රධාන කර්තෘ චන්දන සිරිමල්වත්ත මහතා නිදහස් කිරීමට සිදුවූයේ ජනාධිපතිවරයාගේ මැදිහත්වීම නිසා බව නිවේදනය කරමින් ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත්කර තිබේ.

එම නිවේදනයේ දැක්වෙන්නේ සිරිමල්වත්ත මහතා ඇප මත නිදහස් කිරීමට අවශ්‍ය කටයුතු සලසන ලෙස අද උදෑසන ජනාධිපතිවරයා පොලිස්පතිවරයාට නියෝග කළ බවයි. රාවය පුවත්පතේ කර්තෘ වික්ටර් අයිවන් මහතා කරන ලද ඉල්ලීමකට අනුව මෙම ජනාධිපතිවරයා මෙම නියෝගය කළ බවද එහි සදහන්වේ.

කෙසේ වෙතත් අප වෙත වාර්තාවී ඇති තොරතුරුවලට අනුව රහස් පොලීසිය විසින් රදවාගෙන සිටි සිරිමල්වත්ත මහතාගෙන් පසුගිය පෙබරවාරි 05 වනදා වන විට ප්‍රශ්න කිරීම් අවසන්වී ඇති අතර අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙබරවාරි 08 ඔහු තවදුරටත් රදවා තබා ගැනීමට අදාලව චෝදනා ගොනුකළ හැකිද යන්න නීතිපතිවරයාගෙන් විමසා තිබේ. එහිදී සිරිමල්වත්ත මහතාට එරෙහිව කිසිදු චෝදනාවක් නොමැති බැවින් රැදවුම් නියෝග යටතේ ඔහු තවදුරටත් රදවා තබාගත නොහැකි බව නීතිපතිවරයා දැනුම්දීමෙන් අනතුරුව සිරිමල්වත්ත මහතා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුව තිබේ.

ඒ අනුව සිරිමල්වත්ත මහතා අද ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඒ මහතාට එරෙහිව කිසිදු චෝදනාවක් ගොනු කිරීමට අපොහොසත්වී ඇති බැවින් කිසිදු ඇප කොන්දේසියකින් තොරව ඔහු නිදහස් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනය පහත පළවේ.

presidentpr.jpg
 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka

අනුන්ගෙ පානෙන් එළිය පොදක් ගන්න
මේ තරම් ට්‍රයි කරන සරණාගතයෙක්
මම නම් ජීවිතේට දැකල නෑ.

" අනේ මම හමුදාව කරන දේවල් ගැන දන්නෙත් නෑ,
මට වගකීමකුත් නෑ,
එව වෙනස් කරන්න මට බලයකුත් නෑ.
හැබැයි යුද්ධෙ නම් මගේ"



________________________
ඉධ තප්පති පෙච්ච තප්පති
පාපකාරී උභයත්ථ තප්පති
දැනුත් තැවෙයි, පසුවත් තැවෙයි.
පව්කාරයා දෙතැන්හිම තැවෙයි.
-බුදුන් වහන්සේ-