ඉතාලියේ විදේශිකයන්ට ලැබෙන සේවයක්

lifeAdvisor

Member
Nov 1, 2011
229
10
0
wiki
ඉතාලියේ විදේශිකයන්ට ලැබෙන සේවයක්

ඉතාලියේ විදේශිකයන්ට ලැබෙන සේවයක්

TC.jpg


ඉතාලිය කියන්නෙත් අද විදේශිකයෝ විශාල ප්‍රමානයක් ඉන්න රටක්,ලක්ශ 50ක් කිට්‍ටු වෙන විදේශික ජනතාවක් ඉන්නවා කියලා මට ලගදී කොහෙන් හරි ඇහුනා,ඉතින් මේ විශාල ජනතාවගෙන් මේ රටට ලොකු සේවයක් වෙනවා කියන එක රටේ ආණ්ඩුවට පිළිගන්න වෙලා තියනවා,,,අනික යුරෝපා සංගම් නීති පද්ධතියට යටත් වීමෙනුත් මේ විදේශිකයෝ පිළිබද යම් සොයා බැලීමක් කරන්න වෙලා,,අනික් එක තමා යුරෝපා රටවල් අතරින් ඉතාලියේ ක‍තෝලික පල්ලිය මේ රටේ වෙසෙන දුප්පත් වීදේශිකයන්ව අතෑරලා නෑ,,ජාති ආගම් බේදයක් නැතුව පල්ලියෙන් කෙරෙන සේවයත් ඉතා ඉහලයි.
ලගදී ඉතාලියේ විදේශිකයන්ට දුන්නු සේවාවට යමු එහෙනම්,අපි කාට උනත් අපේ මවු භාශාවෙන් පිට භාශාවක් කතා කරන්න හුරු වෙනකොට ඒ භාශාවේ සියලුම දෑ අපිට අල්ල ගැනීම අපහසුයි,,යම් යම් අවස්ථාවලදී යෙදෙන භාශා හැසිරීම ඒවාට යෙදෙන වචන අල්ල ගැනීම ගොඩක් අමාරු වෙනවා,,ඒක තමන්ගේ මවු භාශාවෙනුත් යම් යම් වෑරදීම්,තේරුම් ගෑනීමේ අපහසුතා සිදු වෙන වෙලාවල් තියනවා,,,අපිට උනත් සිංහල භාශාව වරදින වෙලාවල් නැතුව නෙමේ නේ.
මේ අපහසුතා හොදටම දැනෙන තැනක් තමා රෝහල කියන්නේ,,රෝහල කියන්නේ විදේශිකයන්ට භාශා දැනුම අඩු කම නිසා ගොඩක් අපහසුතා සිදු වෙන තැනක්,අපට ලංකාවෙදි උනත් රෝහලකදි භාශා ප්‍රශ්න එන වෙලාවල් තියනවා,,,එහෙම බලනකොට කොහොමද විදේශ රටකදී විදේශ භාශාවක් එක්ක ගනුදෙනු කරද්දි,ඉතින් මේ අපහසුතා හදුනා ගත්තු ඉතාලි රජය මේකට මරු පිළියෙමක් යොදලා තියනවා මේ වෙනකොට,ඒ තමා භාශා පරිවර්තකයෙක් යොදා ගැනීම,හැබැයි මේ භාශා පරිවර්තකයා ඉන්නේ රෝහලේ නෙමේ,,මොකද ඒක ප්‍රායෝගික දෙයක් නෙමේ නේ,,එහෙම කලොත් විවිධ භාශාවලින් භාශා පරිවර්තකයෝ විශාල ප්‍රමානයක් බදවා ගන්න වෙයි රෝහලේ සේවකයෝ විදිහට,
ඉතින් මේ ගැටලුවට දුන්නු නියම උත්තරේ තමා දුරකතනය මාර්ගයෙන් භාශා පරිවර්තක සහය ලබා ගැනීම,කෙටියෙන් සිංහලෙන්ම කිවුවොත් කෝල් කොන්පරන්ස්,දැන් තේරුනා නේ.
තවත් පැහැදිලි කලොත් ඔන්න මම යනවා ස්පිරිතාලෙට ලෙඩකට බේත් ටිකක් ගන්න,ගිහින් ඩොකා එක්ක කතා කරද්දි මට තේරෙන්නේ නෑ ලෙඩේ ඩොකාට හරියට පැහැදිලි කරන්න,එතකොට ඩොකා කරන්නේ කෝල් එකක් ගන්නවා භාශා පරිවර්තකයට, දැන් මම භාශා පරිවර්තකයට විස්තරේ දෙනවා,,පොර ඩොකාට පැහැදිලි කරනවා,
ඇත්තටම මේ සේවය ඉතාලි දොස්තරලා උනත් මානුශික පැත්ත ගැන හිතලා එයාලත් මේ විදේශිකයන්ට කරන ලොකු සේවයක්,,මොකද මේ භාශා පරිවර්තනය කරන අතර රෝගයට ප්‍රතිකාර කිරීමත් ලේසි නෑ නේ,අනික් එක තමා මේකට කිසි මුදලක් අය නොකිරීම,
මම මේ පෝස්ට් එක බලන ඉතාලියේ ඉන්න අයවත් පොඩි දැනුවත් කිරීමක් කරන්නම්,,මේ ලබා දෙන සේවය ලගදී ඉදන් ආරම්භ කලේ,,ඉතින් මේක නොදැන ඉන්න රෝහල් සේවකයෝ ඉන්න පුලුවන්,,ඔයාලා රෝහලකට ගිහින් භාශා ගැටලු ආවොත් මෙහෙම සේවයක් ගන්න පුලුවන්ද කියන එක අහලා බලන්න,විමසිලි කවුන්ටරේට කියලා බලන්න,එයාලා අරගොල්ලන්ව දැනුවත් කරයි.
එහෙනම් ඔන්න ඕක තමා ඉතාලි රජයෙන් අපිට ලබා දුන්නු සේවය.

මේ ලිපිය ඔබ සැම දැනුවත් කිරීම සදහා "http://sonodilan.blogspot.com/" වෙබ් අඩවියෙන් උපුටාගන්නා ලද එකක් බවද, මෙහි සියලු credits එහි කතෲට හිමි විය යුතුය.
 
  • Like
Reactions: tharindudoo