ඉතාලි මගී නෞකාවකට කොරෝනා

redundent

Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    ඉතාලි මගී නෞකාවකට කොරෝනා

    සංචාරකයින් 7000ක් රැගත් ඉතාලි මගී නෞකාවකට කොරෝනා වෛරස් බියක්.

    විශාලත්වයෙන් ලොව පස් වෙනි ස්ථානයේ පසුවන සුඛෝපභෝගී මගී නෞකාවට කොරෝනා වෛරසය ඇතුල්වී ඇති බවට සැක පළවී තිබෙනවා. මේ හේතුවෙන් එහි සිටින මගින් 7000ක් දැඩි අවධානමකට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

    ඉතාලී සමාගමකට අයත් සුඛෝපභෝගී මගී නෞකාවේ සිටින චීන ජාතික යුවලක් කොරෝනා වෛරස් රෝගයට ගොදුරුව ඇති බවට සැක මතුවී තිබෙනවා. දැඩි උණ රෝගයෙන් පෙලෙන මෙම චීන ජාතික යුවල හොංකොං සිට පැමිණ ඇති අතර ඔවුන් නෞකාවේ සංචාරය සඳහා එක්ව ඇත්තේ ඉකුත් ජනවාරි මස 25 වෙනිදා බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

    Costa Smeralda නම් සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාව මේ වන විට රෝමයේ Civitavecchia ආසන්න වෙරළ තිරයේ නැංගුරම්ලා තිබෙනවා.
    83795488_10157320823312599_1827672570594328576_o.jpg

    දැඩි ලෙස උණ රෝගයෙන් පෙළෙන මෙම චීන ජාතික යුවල ගේ රුධිර පරික්ෂණයක් රෝමයේ Spallanzani රෝහලේ විශේෂඥ වෛද්‍ය කණ්ඩයමක් විසින් නෞකාවෙදීම සිදුකර ඇති අතර මේවන විට ඔවුන් නෞකාවේම පිහිටි වෛද්‍ය ඒකකයේ ආරක්ෂා සහිතව රඳවා ගෙන සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

    මෙම චීන ජාතික යුවලගේ රෝග ලක්ෂණ කොරෝනා වෛරසය ආසාධිතවූ පුද්ගලයින්ගේ රෝග ලක්ෂණයන්ට බෙහෙවින් සමාන කමක් දක්වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

    මෙම ඇතිවී තිබෙන තත්ත්වයත් සමග නෞකාවේ සිටින සියලුම සංචාරකයින්ට සහ කාර්ය මණ්ඩලයට ඉන් පිටතට නොයන ලෙස රෝම බලධාරීන් නියෝග කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මේ ජාතියේ එවුන් දැන් ලෝකේ වටේ ගිහින් ලෝකෙටම මේක බෝ කරන්නේ නැතුව ගෙවල් ඇතුලට වෙලා ඉන්න දැන ගන්න ඕනේ...රෙද්ද
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    මේ ජාතියේ එවුන් දැන් ලෝකේ වටේ ගිහින් ලෝකෙටම මේක බෝ කරන්නේ නැතුව ගෙවල් ඇතුලට වෙලා ඉන්න දැන ගන්න ඕනේ...රෙද්ද

    wedak ne fren gedara idalath
    balnnema plane yawala Virus eka import karana ratawalut den tiytanawa :baffled: