ඉතා වැදගත් Mobile/PC ඇප් එකක්

chanaka

Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    ඉතා වැදගත් Mobile/PC ඇප් එකක්

    බයිසිකල් පදින හැමෝටම ඉතා වැදගත් Mobile/PC ඇප් එකක්​
    :yes::yes:

    Phone App Store වල කරක් ගහද්දි හම්බුනා මේ Fuelly කියන ඇප් එක. ඒකේ විස්තර ඔක්කොම PC එකෙන් භාවිතා කලොත් cloud එකේ ගබඩා වෙනවා වගේම මොබයිල් එකෙන් විස්තර ඇතුලත් කළොත් ඒක cloud එකවුන්ට් එකට අප්ඩෙට් කිරීමටත් හැකියාව තියෙනවා. ෆ්‍රී සහ පේඩ් වර්ශන් දෙකක් ඇති අතර පේඩ් එකෙන් ඇඩ්ස් ෆ්‍රී වර්ෂන් එක සහ ගොඩක් පහසුකම් හම්බෙනවා. නමුත් දැනට free version එකෙන් වැඩක් කරගන්න පුළුවන් කිසිම කරදරයක් නැතුව.​

    මුලින්ම මේ වෙබ්සයිට් (http://www.fuelly.com/driver/create) එකේ රෙජිස්ටර් වෙන්න ඕනා. රෙජිස්ටර් වෙද්දි මෙන්න මේ 'username' කියන ෆීල්ඩ් එකට ඔයාගේ නම හරි වෙන අනියම් නම් (Nickname) වගේ එකක් දෙන්න. මොකද මේක අකවුන්ට් එක හැදුවට පස්සේ වෙනස් කරන්න බැහැ. ඒවාගේම මේ නමින් තමයි අනික් අයටත් පබ්ලික් ලින්ක් එකක් විදියට හදුනාගැනීමට හැකිවන්නේ. ඒ නිසා පොඩ්ඩක් සිහි කල්පනාවෙන් වෙලාව අරන් ලස්සන නමක් දාලා එකවුන්ට් එකක් හදාගන්න. මම screenshots ටිකක් දාන්නම් කොහොමද ඇප් එක mobile එකේ සහ desktop එකේ පේන්නේ කියලා.
    fz7k8.jpg

    2h2h846.jpg

    2a50n7k.jpg


    මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා තෙල් ෆුල් ටෑන්ක් එකක් ගැහුවහම කොච්චර කිලෝමීටර් ප්‍රමාණයක් ඒකෙන් ගිහින් තියෙනවද, බයිසිකලේ සර්විස්, ඉන්ෂුවරන්ස් වෙලාවට කරගන්න මතක් කිරීම් (service reminders) වගේ සෙටප් කරලා තියාගන්න. ඒවාගේම මගේ රයිඩින් ස්ටයිල් එකත් කොහොමද කියලා බලාගන්න. මේකෙන් තීරණය කරන්න පුළුවන් මම ගොඩක් තෙල් නාස්ති කරගන්නවද, එහෙම නැත්නම් බයිසිකලේ හොදට ටියුන් වෙලා නැද්ද වගේ විස්තරත්.

    එහෙනම් screenshot එක දාන්නම් ඔයාලට අවබෝධයක් ගන්න කොච්චර මේ ඇප් එක වටිනවද කියලා.​
    nf1d3c.jpg

    2uf7qbm.jpg

    oigobo.jpg

    2wpkrib.jpg


     
    Last edited: