ඉතියෝපියාව ඇත්තටම අපිට වැඩිය හොඳද? කියන තරම් සුපිරි ද?
මේ දවස්වල ගොඩක් facebook පොස්ට් යනවා නේ ඉතියෝපියාව හරි සුපිරියි කියලා. ඉතින් පොඩ්ඩක් හොයලා බැලුවා. ඉතින් ඔය සුපිරියි කියන්නේ අලුතෙන් චිනෙත් එක්ක එකතු වෙලා හදන ව්‍යාපෘති කිහිපයක පින්තුර දැකලා. ලංකාවෙත් ඒ වගේ ව්‍යාපෘති ඕන තරම් තියෙනවා නේ (හයිවේ, කොළඹ ලොකු බිල්ඩින්, හෝටල්, ජලාශ, අනන් මනන්). ඒවයෙත් පින්තුර අරගෙන පොස්ට් හදන්න පුළුවන් ඕන තරම්. හැබැයි ඇත්තටම රටවල් සංසන්දනය කරන්න ඕන facebook පොස්ට් වලින්ද නැතිනම් රටක ආර්ථික, සමාජ තත්වය මනින ඇත්ත සන්ක්‍යලේකන මගින්ද?
මුලින්ම මතක තියාගන්න ඕන ඉතියෝපියාවේ ලංකාව වගේ පස් ගුණයක් සෙනග ඉන්නවා, රට කිහිප ගුණයක් ලොකුයි ලංකාවට වැඩිය. ලංකාවේ ජනගහනය මිලියන 21, ඉතියෝපියාවේ මිලියන 110 වගේ.
රටක ආර්ථිකය මනින ප්‍රදාන සන්ක්යලේකනට තමයි ඒක පුද්ගල අදායම (GDP per-capita ). ලෝකේ රටවල් ඉහල අදායම් රටවල්, පහල අදායම් රටවල්, මද්යම අදායම් රටවල් විදියට බෙදන්නේ මේකෙන්. ලෝකේ රටවල් 190 වගේ තියෙනවා.
* Sri Lanka $3,950 (ලෝකේ රටවල් වලින් 113)
* Ethiopia $953 (ලෝකේ රටවල් වලින් 161)
GDP per-capita මනින තව විදියක් තමයි මිලදී ගැනීමේ ශක්තිය මත මනින එක (purchasing power ). ඒ කියන්නේ ලංකාවේ $ 100 කින් කරන්න පුළුවන් දේට වැඩිය ඇමරිකාවේදී $100 කින් කරන්න පුළුවන් දේවල්, මිලදී ගන්න පුළුවන් දේවල් වෙනස්. උදාහරනෙකට ලංකාවේ ලැබ කෑම එකක් $1 ට වැඩිය අඩුයි. ඇමරිකාවේදී $10 වත් වෙයි. ඉතින් purchasing power අනුව GDP per-capita එක මෙන්න මෙහෙම
* Sri Lanka $14,500 (ලෝකේ රටවල් වලින් 95)
* Ethiopia $ 2,700 (ලෝකේ රටවල් වලින් 162)
රටක ජීවන තත්වය මනින ලෝකේ පිළිගත් ප්‍රදානම මිනුම් දණ්ඩ තමයි මානව සංවර්දන දර්ශකය (HDI). මේක ගණනය කරන්නේ UN එකෙන්, මේකෙන් බලන්නේ ආර්ථිකය, සෞක්‍යය, අද්යාපනය, වගේ නිර්ණායක.
* Sri Lanka 0.780 (ලෝකේ රටවල් වලින් 71)
* Ethiopia 0.470 (ලෝකේ රටවල් වලින් 173)
ඉතින් මේවයින් පේනවා ලංකාව ඉතියෝපියාවට වැඩිය ගොඩක් ඉස්සරහින් ඉන්නේ. ඉතියෝපියාව ආර්ථික වර්ධන වේගය (GDP growth rate ) අතින් නම් ලංකාවට වැඩිය ඉස්සරහ. ලංකාවට විතරක් නෙමෙයි ලෝකේ ගොඩක් රටවල් වලට වැඩිය ඉස්සරහ. හැබැයි ආර්ථික වර්ධන වේගයෙන් දිශානතිය ගැන අදහසක් එනවා මිසක් තියෙන ආර්ථික තත්වය ගැන මැනීමක් වෙන්නේ නැහැ. තියෙන ආර්ථික තත්වය මැන බලන්නේ GDP per-capita එකෙන් තමයි. උදාහරනෙකට ලෝකේ දියුණු යුරෝපා රටවල් වල, ජපානේ, කැනඩාවේ, බොහොම අඩු 0 ට කිට්ටු ආර්ථික වර්ධනයක් තමයි තියෙන්නේ කොරෝනා නැති කාලෙත්. අනික ඉතියෝපියාව වගේ අඩු ආර්ථික තත්ත්ව තියෙන රටවල තමයි ඉක්මනින්ම වර්ධනය වෙන්නේ මොකද ඒවායේ ලැබ ශ්‍රමය තියෙන හින්ද. 1980 ගණන්වල අපේ රටට garment ආව නේ. හැබැයි දැන් ඒවා යන්නේ බන්ගලිදෙශේට, ඉතියෝපියාවට. මොකද අපේ රටේ පඩි වැඩියි, උන්ට පාඩුයි. ඉතියෝපියාවෙත් පඩි වැඩි වෙච්ච දවසකට වෙන රටවලට යාවි.
වැරදියට තේරුම් ගන්න එපා. සිංග, ඔසී, කොරියා, යුරෝපේ, එක්ක බැලුවම අපි හද්ද චාටර්. ප්‍රශ්න ගොඩක් තියෙනවා. අවුල් ගොඩක් තියෙනවා. හැබැයි හැම දේම වැරදියට දකින, සර්ව රිනාත්මක කිසිම හොඳක් පෙන්නේ නැති මිනිස්සු හිතන විදිය තරම්ම අප්සට් නැහැ.