ඉතිරිවුන දෙමළෙකු ගෙන්.....
ඉතිරිවුන දෙමළෙකු ගෙන්.....
ඔබට ප්‍රශ්න කල හැක
මේ සංඛ්‍යාවල නිවරැදි බව
සුන්දර වදන් මවා
තර්ක කල හැක
ම්ලේච්ච ඝාතන සිදුනොවූ බව
එහෙත්
යටපත් කල හැකිවේ ද?
බුල්ඩෝසර් වලින් වල දමා
දස දහස් ගනනක් මරා දැමූ
මේ රෞද්‍ර ඉතිහාසය
ඔබ ගෙනහැර පාවි
සංඛ්‍යාවන් එකින් එක
දකුණේ අරගල වලදී
මරා දැමූ බව මීටත් වඩා
මම ප්‍රශ්න කරන්නම්,
නුඹලා ලේසියෙන්
වළලා දමන්න ට සමත් වූ
ඒ මරණයේ වේදනාවන් ගැන.
එහෙත්
සංසන්දනය කල හැකිවේ ද?
සංඛ්‍යාවලින්
මළවුන් ගේ ආත්මයන් හා
ඉතිරිවූවන් ගේ
සදාකාලික වැලපීම්
ඔබ උත්සහ කරාවි
ලෝකය ට පෙන්වන්නට
අවතැන් කඳවුරු වල
සුවපහසු ව
අවසරලත් කැමරා වලින්
සොරාගත් සිනාවකින් දෙකකින්
එහෙත්
සැඟවිය හැකිවේ ද?
එළිමහන් හිර කඳවුරු වල
අඩුවක් නැතුව දඬුවම් විඳින
අපේ පරඬැල් ජීවිත
ඔබ හිනස්සාවි
විහිළු කරුවන් නළු නිලියන්
ගෙන්වමින්,
දෙමව්පියන් ඇස් ඉදිරිපිට ම මරා දැමූ
දහස් ගනනක් අහිංසක දරුවන් ව
එහෙත්
මකා දැමිය හැකිවේ ද?
ෂෙල් වැදී පුපුරා ගිය
මවක ගේ සිරුරක
කැබලි ඇහුලූව
පුංචි දරුවෙකු ගේ
පහුරුගාන මතකය
ඔබ චෝදනා කරාවි
බොරු ප්‍රචාර බවට
මගේ සෝයුරියන්
නිරන්තරයෙන්
සෙබළුන් අතින් කෙළසෙන බව
මගේ සෝයුරන්
නිරන්තරයෙන්
අතුරුදන් වෙන බව
එහෙත්
කෙසේනම් නොඇසේවි ද?
බියෙන් වෙව්ලන
උන්ගේ හෘද ස්පන්දනය
තමන් ගේ වාරය
එන තෙක් වෙව්ලන
ඔබ පවසාවි
ඔවුන් බලහත්කාරයෙන්
මිනිස් පලිහක් සෑදූ බව
අහිංසකයින් කොටුකර ගෙන
එහෙත්
සටහන් නොවී තිබේවි ද?
කොහේ හෝ තැනක
අන්තිමයා තෙක් සටන් වැදුනු
පාවා නොදුන් අරගලයක
හවුල්කරුවන් වී
කැමැත්තෙන් මියැදුනු
ගැහැණුන් මිනිසුන් ගැන
ඔබ දොස් කියාවි
අප නුඔලා සමඟ
කෑලිකපන වෛරයෙන් සිටි බව
දැක්ක දැක්ක තැන
පළිගන්නා බවට
එහෙත්
අසා දැනගත හැකිවේ ද?
නුඹලා නොදුටු සත්‍යය
කිසිදු හානියක් නොමැතිව
අවසන් මොහොතෙ හි
නුඹලා වෙතට පැමිණි
සිංහල මිලිටරි සිරකරුවෙකුගේ
හෘද සාක්ෂියට තට්ටුකර
ඔබ ලියාවි
පත්තර කවි පිටුවල
ආරාධනා කවි
දැං ඉතිං නෑගම් එන්න
රජුන් සෙන්පතීන්
ව ර්‍ණනා කරන පන්හිඳෙන් ම
එහෙත්
සොයාගන්න හැකිවේ ද?
එක සිංහලයෙක්
මේ සංහාරයට
කොතැනින් හෝ දායක නොවුන
එවන්න, ඔහු අත ඔය කවිය
ඔහුට පමණක් හැකිවේවි
මේ කම්බි වැට ගලවන්න
මහේෂ් මුණසිංහ
2009 08
ඉතිරිවුන දෙමළෙකු ගෙන්.....
ඔබට ප්‍රශ්න කල හැක
මේ සංඛ්‍යාවල නිවරැදි බව
සුන්දර වදන් මවා
තර්ක කල හැක
ම්ලේච්ච ඝාතන සිදුනොවූ බව
එහෙත්
යටපත් කල හැකිවේ ද?
බුල්ඩෝසර් වලින් වල දමා
දස දහස් ගනනක් මරා දැමූ
මේ රෞද්‍ර ඉතිහාසය
ඔබ ගෙනහැර පාවි
සංඛ්‍යාවන් එකින් එක
දකුණේ අරගල වලදී
මරා දැමූ බව මීටත් වඩා
මම ප්‍රශ්න කරන්නම්,
නුඹලා ලේසියෙන්
වළලා දමන්න ට සමත් වූ
ඒ මරණයේ වේදනාවන් ගැන.
එහෙත්
සංසන්දනය කල හැකිවේ ද?
සංඛ්‍යාවලින්
මළවුන් ගේ ආත්මයන් හා
ඉතිරිවූවන් ගේ
සදාකාලික වැලපීම්
ඔබ උත්සහ කරාවි
ලෝකය ට පෙන්වන්නට
අවතැන් කඳවුරු වල
සුවපහසු ව
අවසරලත් කැමරා වලින්
සොරාගත් සිනාවකින් දෙකකින්
එහෙත්
සැඟවිය හැකිවේ ද?
එළිමහන් හිර කඳවුරු වල
අඩුවක් නැතුව දඬුවම් විඳින
අපේ පරඬැල් ජීවිත
ඔබ හිනස්සාවි
විහිළු කරුවන් නළු නිලියන්
ගෙන්වමින්,
දෙමව්පියන් ඇස් ඉදිරිපිට ම මරා දැමූ
දහස් ගනනක් අහිංසක දරුවන් ව
එහෙත්
මකා දැමිය හැකිවේ ද?
ෂෙල් වැදී පුපුරා ගිය
මවක ගේ සිරුරක
කැබලි ඇහුලූව
පුංචි දරුවෙකු ගේ
පහුරුගාන මතකය
ඔබ චෝදනා කරාවි
බොරු ප්‍රචාර බවට
මගේ සෝයුරියන්
නිරන්තරයෙන්
සෙබළුන් අතින් කෙළසෙන බව
මගේ සෝයුරන්
නිරන්තරයෙන්
අතුරුදන් වෙන බව
එහෙත්
කෙසේනම් නොඇසේවි ද?
බියෙන් වෙව්ලන
උන්ගේ හෘද ස්පන්දනය
තමන් ගේ වාරය
එන තෙක් වෙව්ලන
ඔබ පවසාවි
ඔවුන් බලහත්කාරයෙන්
මිනිස් පලිහක් සෑදූ බව
අහිංසකයින් කොටුකර ගෙන
එහෙත්
සටහන් නොවී තිබේවි ද?
කොහේ හෝ තැනක
අන්තිමයා තෙක් සටන් වැදුනු
පාවා නොදුන් අරගලයක
හවුල්කරුවන් වී
කැමැත්තෙන් මියැදුනු
ගැහැණුන් මිනිසුන් ගැන
ඔබ දොස් කියාවි
අප නුඔලා සමඟ
කෑලිකපන වෛරයෙන් සිටි බව
දැක්ක දැක්ක තැන
පළිගන්නා බවට
එහෙත්
අසා දැනගත හැකිවේ ද?
නුඹලා නොදුටු සත්‍යය
කිසිදු හානියක් නොමැතිව
අවසන් මොහොතෙ හි
නුඹලා වෙතට පැමිණි
සිංහල මිලිටරි සිරකරුවෙකුගේ
හෘද සාක්ෂියට තට්ටුකර
ඔබ ලියාවි
පත්තර කවි පිටුවල
ආරාධනා කවි
දැං ඉතිං නෑගම් එන්න
රජුන් සෙන්පතීන්
ව ර්‍ණනා කරන පන්හිඳෙන් ම
එහෙත්
සොයාගන්න හැකිවේ ද?
එක සිංහලයෙක්
මේ සංහාරයට
කොතැනින් හෝ දායක නොවුන
එවන්න, ඔහු අත ඔය කවිය
ඔහුට පමණක් හැකිවේවි
මේ කම්බි වැට ගලවන්න
මහේෂ් මුණසිංහ
2009 08