ඉතිහාසයෙන් බිඳක්!
ගිය මැතිවරණ කාලේ එක පාරම රුපවාහිනී/ITN වල "ඉතිහාසයෙන් බිඳක්" කියල ඉඩි අමින්, පොල් පොට්, ගඩාෆි, කිම් ජොං ඉල් වැනි ඒකාධිපති පාලකයන්ගේ ක්‍රියාකලාප ගැන පෙන්නුවා මතකද? මේ පාර එව නැති එක මට වගේ ඔබටත් ප්රෙහේලිකාවකද?
එවැනි එක්තරා රටක් ගැන කතාකරන්න අවසරයි. ඒ තමා උතුරු කොරියාව. මේ රට අද පාලනය කරන්නෙ එදා හිටපු අභීත නායක කිම් ජොං ඉල් ගේ පුත්‍ර රත්නය කිම් ජොං උන්. පියපුතු දේපලේ ඇති විශාල රූප රට පුරා අඩියෙන් අඩියට එල්ලා තියෙනවා. සැම පුවත්පතකම, රුපවාහිනී විකාශනයක පමණක් නොව, පාසල් පොත්වල පවා කිම් ජොං පවුලේ වික්‍රමයන්, බල මහිමය හා රටට සිදුවන සේවය කියවෙනවා. කොටින්ම කියනවානම් පියරජ මිය ගිය පුවත රටට නිවේදනය කල සැම රුපවාහිනී නිවේදකයෙක්ම දරුවන් මෙන් කැමරාව ඉදිරිපිට හඬා වැලපුනා.
ලොවින් උතුම්ම රට බව එම රට සියළු වැසියන් දන්නා කොරියාව, නිරන්තරයෙන් විදෙස් කුමන්ත්‍රණ වලින් පීඩා විඳින රටක්. මෙම රටට විශේෂ සම්පත්මය හෝ යුධමය වටිනාකමක් නැතත්, එම රටෙහි ජනයා ගැන ඊර්ෂියාවෙන් පෙලෙන අමෙරිකාව ඇතුළු රටවල් දශක ගණනක් ගෙන ගිය කුමන්ත්‍රණ නිසා එහි ජනයාට සාගින්නෙන් පෙළීමට මෙන්ම ලොව අන් රටවල ඇති පහසුකම් නැතිව ජීවත් වීමට සිදුව තිබෙනවා.
එහෙත් ඔවුන් මින් සැලෙන්නේ නෑ. ඔවුන් පරම්පරාවක්ම කිම් ජොං පවුලේ ආරක්ෂාව යටතේ ජීවත් වුණා. ඉදිරියෙත් එහෙමයි. කොටින්ම කියනවානම් පෙර සිටි දේශද්‍රෝහීන් ගෙන ආ ප්රජාතන්ත්රවාදය, යහපාලනය, අන්තර්ජාතික සබන්ධතා, සාමය වැනි නීච, බටහිර අදහස් නව පරපුරේ අධ්‍යාපනයෙන් සම්පූර්ණයෙන් ඉවත් කර තිබෙනවා. දැන් කිසි කෙනෙක් ඒවා දන්නෙත් නෑ, ඒවාට රැවටෙන්නේ නෑ.
රණශූරයෙක්, දක්ෂ ක්‍රීඩකයෙක් පමණක් නොව හසල තාක්ෂණික දැනුමක්ද ඇති කිම් ජොං පුත්‍ර රත්නයන් විසින් උතුම් උතුරු කොරියාවට සුභ අනාගතයක් අත්කර දී දැන් වසර කිහිපයක්ම ගෙවී ගොසින්. ඔවුන් අපටත් ආදර්ශයක් නොවේද?