අජිත් ධර්මකීර්ති - 27/05/2023
මේ මගේ බ්ලොග් එකට ඇනොනිමස් පාඨකයෙක් දාපු ප්‍රතිචාරයකට මම දුන් පිළිතුර ටිකක් මොඩිෆයි කරලා ගත්ත.
මේක මැදහත් සිතින් කියවන්න. මොකද දැන් වෙන දේ මොකද්ද , සිදුහත් කුමාරයාගේ සීන් එක මොකදද කියල කියෙව්වම තේරෙයි.
මගේ බ්ලොග් ලිපි සෑහෙන දුරට කියවල තිබ්බ නම් ඕන කෙනෙකුට තේරෙන්න ඕනේ මම සිංහල බෞද්ධ ජාතිවාදියෙක් නොවන බව. කොටින්ම මම සිංහල බෞද්ධයෙක් නෙමේ. මම ඒ යෙදුමටත් කැමති නැහැ. බෞද්ධයෙකුට සිංහල, දෙමල, තායි ආදී වෙන්න බැහැ කියන එකයි මගේ අදහස. ලංකාවේ උතුරේ දෙමළ බෞද්ධයෝ ඕන තරම් හිටිය. බෞද්ධ කියන්නේ බෞද්ධාගම පිළිපදින හෝ බුදුන් සරණ ගියේ කෙනකු පමණයි. මම බුදුන් සරණ ගිය නිරාගමිකයෙක්. හරි දැන් ඒක පැත්තකට දැම්මොත් ඔය අන්තවාදී අන්‍යාගමික කියල හංවඩු ගහන කට්ටිය දිහා බලමු. ඕක එන්නේ මෙන්න මෙහෙම.
දකුණු කොරියාවේ ඉතිහාසය රැගෙන බලන්න. කොරියන් යුද්ධය ඉවර වුනාට පස්සේ ඒ රට පට්ට දුප්පත්. ඇමෙරිකන් ආධාර එව්වට එතරම් වැඩක් වුනේ නැහැ. කිම් ඉල් සුන් ගේ උතුරු කොරියාව ඊට වඩා ටිකක් වෙන්න බලවත් ඒ කාලේ. පස්සේ අමෙරිකාවෙන් යැව්වලු විද්වතුන් කට්ටියක් හේතුව හොයන්න. ඔවුන් හොයා ගත්ත හේතුව මොකක්ද දන්නවද?
ක්‍රිපූ 372 ඉඳන් පැවත එන බුද්ධාගම, ඒ වගේම පැරණි කොන්ෆියුසියස් ආගම, හා ඇමෙරිකාවට ගැති නැති වතිකානයෙන් පාලනය වන කතෝලික ආගම - මේ තුන තමා රටේ දියුණුවට බාධා කරන්නේ. ඒ කියන්නේ ඒ ඒ ආගම් හා දර්ශනයන් තුල උගන්වන්නේ අල්පේච්ච ජීවිතයක් ගත කරන හැටි, මරණින් මතු දෙව් සැප ලබන හැටි, ලාභ ගැනීමට වඩා අසල්වැසියාට උදව් කිරීම හා ප්‍රේම කිරීම වඩා වැදගත් වන හැටි වගේදේ කියල. ඇත්තටම ලංකාවේ විතරක් නෙමේ ඔර්තොදොක්ස් ක්‍රිස්තියානිය තියන ග්‍රීසිය වැනි රවල මොනස්ටික් හෙවත් තපස් ජිවිත තියෙනවා. කැලෑ වලට වෙලා තපස් රකින ජිවිත. ඉතාලිය වගේ රටවලත් එහෙමයි. අමෙරිකාව දෙවන ලෝක යුද්ධෙන් පස්සේ මාෂල් ප්ලෑන් එක යටතේ ජර්මනියට සහ ජපානයට උදව් කලා. ඔවුන් වටහා ගත්ත ජර්මන් කාරයන්ගේ ඔය අනම් මනම් දේවල් නැහැ මේ ආත්මේ ජොලියේ ඉඳල මැරෙන්න උන්ට ඕනේ. ඒ නිසා උන්, උන්ටයි, උන්ගේ ළමයින්ට අනාගතයේ හොඳට ඉන්න රටක් හැදුව කියල, අර හිට්ලරයා යුද්දෙට ගිහින් විනාශ කරලා දාපු රට තුලින්. ඒ වගේම ජපානේ දැක්මත් වෙනසකට භාජනය වුනා . ඒක වර්තමාන ජීවිතය අගය කරන එකක් වුනා. පරණ දේවල් වලට මරාගෙන මැරෙන සමුරායි ක්‍රමය හෙම වෙනස් වුනා. නැති වෙලාම ගියා. උන් දියුණු වුනා.ඕව සැලකිල්ලට අරගෙන අලුත් ක්‍රිස්තියානි ආගම් සමූහයක් ඉම්පෝට් කරලා හඳුන්වා දුන්න කොරියාවට . ජෙරෙමි ප්‍රනාන්දු වගේ කට්ටිය, ඊට අමතරව හුලංදාවේ හාමුදුරුවෝ වගේ බෞද්ධ කියල නමින් ඉන්න ව්‍යාපාරිකයෝ සෙට් එක ඊට කලින් හැදුනේ ජපානේ. ජපානේ හාමුදුරු ගොල්ලට කසාද බඳින්නත් පුළුවන්. මගෙමෙව්නා උන්දැගේ තලිබාන් සෙට් එකත් මේකට ගැලපෙනවා. බිල්ඩින් හදන හැදිල්ලට.
හොඳට බලන්න , ජෙරෙමි විතරක් නෙමේ හුලන්දාවේ උමන්දා බුදු වරයා උපන් දින සාද දාන හැටි. මෑන් පෙන්වනවා නේද සතුටෙන් භෞතික දේවල් වලින් සැප අරන් ජිවත් වෙන හැටි. ව්‍යාපාර කරන හැටි. බුදු හාමුදුරුවෝ වුනත් ජාතක කතා වල ඕව ඕන තරම් කියල තියනව.
ඉතින් ඇමෙරිකන් විද්වත්තු මේ ජර්මන්, ජපන් සිස්ටම් එක වැඩි දියුණු කරලා අඳුන්වල දුන්න දකුණු කොරියාවටත්. ප්‍රතිපලය වුනේ බෞද්ධාගම අදහන කට්ටිය 15% පමණ අඩු වීම. ආගමක් නැති එවුන්, ඒ කියන්නේ මේ මන් වගේ නිරාගමික සෙට් එක 50% ට වැඩියි. හොයල බලන්න. අනිත් සම්ප්‍රදායික ආගම් වලටත් ඒක වුනා. කොරියාවේ ඔය නිකන් පල්ලි ගීතිකා වලට නටන ක්‍රිස්තියානිය සහ නාමික ආමිස පූජා බුද්දාගම පැතිරුනා. කොරියන් මිනිස්සු ජීවිතය දිහා බලන විධිහ වෙනස් කළා. උන් හැදුව උන්ට එදිනෙදා හොඳට ජිවත් වෙන්න පට්ට රටක්. දැන් අපේ එවුනුත් යනව එහෙ වැඩ කරන්න. එක්කෝ ඔයාල ජෙරෙමියා සරණ යන්න. නැත්නම් උමන්දා බුදුන් ගේ සරණ යන්න. ලෞකික ජීවිතය සැපවත් කර ගන්න. නැත්නම් අල්පේච්ච වෙලා අනම් මනම් නොකියා, තියෙන දෙයක් තම්බගෙන කාල ඔය ඉන්න විධිහට ඉන්න. තේරුනා නේද/
අර නංගිට කියන්න තියෙන්නේ ඉතින්, යකෝ සිදුහත් කුමාරයා ඉපදිච්ච ගමන් ඇවිද්ද එකටයි, අග්ගෝ හමස්මි කියල බාසාව දාපු එකටයි, කන්‍යාවන්ව දෙයියෝ ඇවිල්ල ගැබ්බර කරන එකටයි අපි හිනා වුනේ දෙකේ පන්තියේ ඉඳන් කියල.
දියුණු වෙන්න ඕනෑ නම් හලපන් පරණ ආගම