ඉතිහාසය ආවර්ජනය කරන සේයාරූ

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ඉතිහාසය ආවර්ජනය කරන සේයාරූ

    ඇල්බට් අයින්ස්ටයින්ස් නිව්ජර්සි හි ප්‍රින්ස්ටන් නගරයේ පිහිටි තම කාර්යාලයෙන් පිටත්ව ගිය පසු.එදිනම රාත්‍රියේ ඔහු මෙළොව හැරගියේය.(1955)​

    85ASiRF.jpg




    හිටපු ඇමෙරිකානු ජනපති බිල් ක්ලින්ටන් අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගියා ඇයි සැලකෙන මොනිකා ලෙවින්ස්කයි නැමති ධවල මන්දිරයේ සේවය කල කාන්තාව(1995)​

    edEiqy0.jpg




    නිව්යෝර්ක් නගරයේ මධ්‍යම උද්‍යානයේ දී ඡායාරූප ශිල්පියෙක් විසින් 1974දී මෙම ඡායාරූපය ලබාගන්නා ලදි.මෙම විකටයන් දෙදෙනාගෙන් එක් අයෙක් පසු කාලයේදී ප්‍රසිද්ධියට පත්වූ නළුවෙක් සහ ප්‍රහසනකරුවෙක් වූ රොබින් විලියම්ස් බව ඔහුට පසුව වැටහිණි.​

    1UvLgn9.jpg




    මෙහි සිටින්නේ සුප්‍රසිද්ධ ඇන්තනි ජෝශප් බිඩ්ල්ය.ඔහු බයිනෙත්තු සහ ආත්මාරක්ෂක සටන් පිළිබඳ උපදේශකයෙක්/ගුරුවරයෙක් විය.එක්සත් ජනපද හමුදාවේ සේවය කල ඔහු යටතේ පුහුණු වන සෙබලුන්ට කියා සිටියේ බයිනෙත්තුවලින් ඇණ තමන්ව මරාදමන ලෙසයි.නමුත් ඔවුන් එසේ නොකල මුත් ඔහු එහිදී තුවාල ලැබූ බව සඳහන් වේ.​

    P3wR001.jpg




    දහනම හැවිරිදි රොබට් වඩ්ලෝව් නැමැත්තා අඩි 8යි අඟල් 7 උස පුද්ගලයෙක් විය.වාර්තාගත ඉතිහාසය තුල ජීවත්වූ ලොව උසම මිනිසා වන්නේ ඔහුය.මෙහි දැක්වෙන්නේ රොබට් ඔහුගේ මිතුරෙක් සමග කතා කරමින් සිටින අයුරුය.(1937 අප්‍රේල් 1).ඉන් වසර තුනකට පසු ඔහු මිය යන අතර ඒ කාලය තුල ඔහුගේ උස තවත් අඟල් 4කින් වැඩිවූ බව සඳහන්ය.(මරණය - 1940 ජූලි 15)​

    5Tw0XJg.jpg




    ලන්ඩන් නගරයේ වර්ම්වූඩ් වීදියේදී IRA සටන්කාමීන් විසින් ට්‍රක් බෝම්බයෙක් පුපුරවා හැරීමෙන් පසු.(1993 අප්‍රේල් 24) IRA - අයර්ලන්ත ජනරජ හමුදාව- අයර්ලන්තය සම්පුර්ණයෙන්ම නිදහස් රාජ්‍යයක් විය යුතුබවට බල කරමින් බ්‍රිතාන්‍යයට එරෙහිව ආයුද සන්නද්ධ අරගලයක් ගෙන කණ්ඩායමක්.

    gAfvKfk.jpg




    දෙවන එළිසබෙත් රැජිනගේ සංචාරයක් අතරතුර සෙබලෙක් සිහිසුන්ව ඇදවැටී සිටි අයුරු(1970 ජූනි )​

    HT0bm8h.jpg




    1990 දශකයේ මුල් සමයේදී ඒඩ්ස් රෝගය.මෙම පියා මරණ මංචකයේ සිටින සිය පුත්‍රයා සනසන අයුරු.ඒඩ්ස් රෝගයේ මුහුණුවර වෙනස් කිරීමට හේතුවූ මෙම ඡායාරූපය ලයිෆ් සඟරාවේ 1990 නොවැම්බර් කලාපයේ පළවිය.​

    PsGWRTj.jpg




    ජෙනරල් ඉලෙක්ට්‍රික් සමාගමේ ගොඩනැගිල්ලේ 69 වන මහලේ සිටින චාල්ස් ඇබෙට්ස් විසින් ඔහුගේ සුප්‍රසිද්ධ Lunch atop a Skyscraper නම් ඡායාරූපය ගැනීමට සූදානම් වන අයුරු.(1932)​

    tVk221F.jpg




    උල්කාවක් ගැටී දිවිගලවාගත් එකම පුද්ගලයා ලෙස වාර්තා වූ ඈන් හොඩ්ග්ස් නැමැත්තිය ඒ නිසා ඇතිවූ විශාල පිලිස්සුම් තුවාලය සමග.(1954)​

    g5zFWHJ.jpg





    පිලිපීනයේ පිනටෝබො ගිනිකන්ද පිපිරීමෙන් විසිරී යන අළු/දූවිලි වලාවෙන් මිදී පලා යන ට්‍රක් රථයක්(1991 ජූනි 17).විසිවන සියවසේ දෙවන විශාලතම ගිනිකඳු පිපිරීම ලෙස සැලකෙන්නේ මෙයයි.


    NgSCBX0.jpg





    1945 දී බර්ලීනය සෝවියට් හමුදාවට යටත්වීමෙන් පසුව සෝවියට් සෙබලෙක් හිට්ලර්ගේ හිස(ප්‍රතිමාවක ) රැගෙන යන අයුරු.

    srxqFzO.jpg




    පළමු ලෝක යුද්ධයේ අගල් සංග්‍රාමයේ රාත්‍රී දර්ශනයක් බ්‍රිතාන්‍යය ඡායාරූප ශිල්පියෙක් විසින් ලබාගත් අවස්ථාවක්.මේවා දෙපාර්ශ්වය විසින් එල්ල කරගත් මෝටාර් ප්‍රහාරයන්ය(1917).​

    ulw35yc.jpg





    ශේන් කොනේරි Dr. No චිත්‍රපටයේදී ජැමෙයිකානු දැරියක් ඉදිරියේ ගායනා කරන අයුරු(1962)

    5siQKL3.jpg





    ගැටිස්බර්ග් සටනේ පරාජිතයන් සහ ජයග්‍රාහකයන් ඉන් වසර 50කට පසුව එකිනෙකා හමුවූ මොහොත(1913).මෙම සටන ඇමෙරිකානු සිවිල් යුද්ධයේ හැරවුම් ලක්ෂයක් මෙන්ම දරුණුම ජීවිත හානි සිදුවූ අවස්ථාවකි.සටන සිදුවන්නේ 1863 වසරේදී ඇමෙරිකානු හමුදාව(උතුරු ජනපද ) සහ දකුණු ජනපද අතරයි.

    uu0Rw86.jpg





    ජනපති ජෝර්ජ් එච්.ඩබ්ලිව්. බුෂ් විසින් ටෙක්සාස් රේන්ජර්ස්වරුන්ගේ ප්‍රථම රාත්‍රී තරඟයේදී පන්දුව විසිකරන අයුරු.(1991 ටෙක්සාස්,ආර්ලින්ටන්)

    DHZrH0t.jpg





    ජර්මනියට බෝම්බ හෙළීමේදී යොදාගත් B-17 යානයක්.මෙහි දැක්වෙන්නේ දෙවන ලෝක යුද සමයේදී ලබාගත් වර්ණ ඡායාරූප ස්වල්පයෙන් එකකි(1940)

    msKhs50.jpg





    1924 දී ඔහියෝහි.මෙම තරුණයන් තිදෙනා ඔවුන්ගේ අලුත්ම මෝටර් රථයේ ගමන් කරන අයුරු.එය පැයට කි.මී. 25 වේගයෙන් ගමන් කරයි.

    QRosu9a.jpg





    අධික ශීතල නිසා දරුණු ලෙස තුවාල ලැබූ ජර්මන් සෙබලෙක් ඇඳක වැතිර සිටින අවස්ථාවක පැමිණි හිට්ලර් හට ආචාර කිරීමට සිය අතක් ඔසවන්නට තැත් කරද්දී හිට්ලර් විසින් එය වලක්වන අයුරු.(1940)

    3jh3Zbi.jpg





    1956 ඔක්තෝම්බර් මාසයේදී චිත්‍රපටයක මංගල දර්ශනයකදී දෙවන එළිසබෙත් රැජිණ විසින් ඇමෙරිකානු නිළි මර්ලින් මොන් රෝ මුණ ගැසුණු අයුරු.එවිට ඔවුන් දෙදෙනාම වයස අවුරුදු 30හි පසුවිය.

    5CzRJSx.jpg





    Source:Dailybananas.com

    -HarshaLulzSec-
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Good post.:)

    You must spread some Reputation around before giving it to HarshaLulzSec again.