ඕක බයිලා නෙවෙයි ඔහොම තමා අපි ඉගෙන ගන්න ඒව අපි use කරන්නේ. ඕක බයිලා වෙන්නේ උබ ඒ ගැන දන්නේ නැති නිසා.
උබට මං කියන එක තේරෙන්නෙ නෑ. උබ මේ ලෝකෙ තියෙන හැමදෙයක්ම, හැම විෂයක්ම ගැන දන්නවද? ඉගෙන ගෙන තියෙනවද? එහෙම නැත්තං උදාහරණ විදියට නැටුම්, දේශපාලන විද්‍යාව ඕව ගැන ඉගෙන ගෙන තියෙනවද?
මං නං නෑ. නැති උනා කියලා මට නැති වෙච්ච දේකුත් නෑ. ඒ කියන්නෙ අත්‍යවශ්‍ය නෑ. හැබැයි ඉගෙන ගෙන හිටියනං වාසියක් මිස අවාසියක් වෙන්නෙත් නෑ.
ඒ වගේම ඉස්කෝලෙ උගන්නපු ගණිතය, විද්‍යාව වගේ ඒව අත්‍යවශ්‍ය නෑ කියන්න බෑ. හැබැයි මට ඉතිහාසය ගැන එහෙම කියන්න පුලුවන්. ඒක මට උබට ඔප්පු කරන්න වෙන්නෙ ඉගෙන ගත්ත එක unlearn කරලද? කරන්න පුලුවන් උනා නං කරල පෙන්නන්නං. කොහාමද කියහන්කො ඔප්පු කරන්නෙ?
වැදගත් නෑ කියලා තමා කිව්වේ.
මෙතන සිලබස් වෙනස් කරලා තියෙන්නේ උබට සාපේක්ෂව නෙවෙයි නෙ රටේ පාලකයන්ට සාපේක්ෂව නෙ. ඒ නිසා ඒ මොකක් නිසාද කියලා අපිට හිතන්න වෙනවා.
ඔහොම්ම ටික දවසක් ගිහිං හිතෙයි අඩේ රටට කෙල වෙලා තියෙන්නේ මාක්ස් වාදය දන්නේ නැති නිසානේ කියලත්.
මාක්ස්වාදය කියන්නෙ දේශපාලන විද්‍යාවට හරි දර්ශනයට හරි උගන්නන්න ඕන දෙයක්. ඒක වෙනම විෂයක් නෙවෙයි.
දැන් උබ කියන දේවල් ඔක්කොම කියන්නෙ මං ඉතිහාසෙ උගන්නන එකේ කිසිම වැදගත්කමක් නෑ කිව්ව කියලයි, රජයෙන් ඉස්කෝල වල ඉතිහාසෙ උගන්නන එක නවත්තන්න යනව කියලයි සම්පූර්ණ වැරදි දේවල් දෙකක් හිතාගෙන.
දෙකම වැරදියි.
ඉතින් ඉස්සෙල්ල ඒක හදාගන්නෙ නැතුව කොහොමද කතා කරන්නෙ?