අපේ කාලේ ඉතිහාසය ඔප්ශනල් කියලා පටලවන් ඉන්නවා. ඔව් මම කරද්දිත් ඉතිහාසය කියලා ඔප්ශනල් එකක් තිබුනා. වෙනස තමයි එතකොට අනිවාර්යෙ විෂයක් විදිහට තිබුනු ඉතිහාසය සහ සමාජ අධ්‍යනය කියන විෂයෙන් ශිෂ්‍යට ඉතිහාසය පිළිබඳව ප්‍රමාණාත්මක දැනුමක් ලබාදීම ආනිවාර්ය වීම. දැන් ඔය හදලා තියෙන සිලබස් එකේ අනිවාර්ය විෂයන් පහ ඇතුලේ එහෙම නෙවෙයි කොහොමටත් ඉතිහාසයක් නෑ. දෙකේ වෙනස ඕකයි.
දැන් තියෙන ඉතිහාස සිලබස් රිවිව් වෙන්න ඕන. ඒක ගැන විවාදයක් නෑ. මීට වඩා ඔලුවලට යන විදිහට සිලබස් හැදෙන්න ඕන, සංස්කෘතිකයි, එකඟයි. හැබැයි දැන් අවුල් කියලා සම්පුර්ණයෙන් ගලවන්න ඕන කියන එවුන්ට තියෙන්නෙ වෙනම අවුලක්.
අනික් අතට 9 වෙනකන් ඉගැන්නුවම ඇතිය ගානවා. 9 වෙනකන් උගන්නලා හැලුවම වෙන්නෙ ඔය අහන, ඇහිලා තියෙන ටිකවත් නොදැනගන්න එක. කීදෙනෙක්ට දෙමළ පුළුවන්ද 9 වසර වෙනකන් ඉගැන්නුවට ? බෑනේ නේහ්. ඒ වගේ තමයි. අනිවාර්ය කිරීම ඇතුලේ ඒ ඒ වෙනස්කම් තියෙනවා. තමන්ට විෂය අප්‍රසන්නයි හො නෙැවැදගත් හෝ, මේ වෙනකන් රස්සාවකට ඉන්ටවිව් ගියාම මහාරට්ඨගෙන් පස්සෙ රජකම ගත්තෙ කවුද කියලා ඇහුවේ නෑ කියලා විෂය නොවැදගත් වෙන්නෙ නෑ. ඒ විෂයන් වලින් කරන කාර්යභාරයක් තියෙනවා. ඒවයේ ප්‍රයෝජ්‍යතාවන් වෙනස්.
