ඉතිහාසෙන් කතාවක්

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    දෙවෙනි ලෝකයුද්දය ගැන වගේම ඉතිහාසය ගැනත් පිස්සුවෙන් හොයන මං වගේ අය ඇති කියල හිතල මේ ත්රෙඩ් එක දාන්නෙ.

    අපි දන්නවා හිට්ලර් ලොක්කට පිස්සු තද වෙලා ඉතිහාසෙ හදපු ලොකුම යුද පෙරමුණ යුරෝපෙ හදාගෙන රුසියාවට පයින් පාරක් දෙන්න පුකේ අමාරුවක් හැදුණු විත්තිය සහ ස්ටාලින් ගොයිය කෝමහරි හිට්ලර්ගෙ අම්ම මුත්ත මතක් වෙන ගැහිල්ලක් දීපු විත්තිය. :yes:
    ඒ වගේම නට්සි හමුදාවලින් කරපු අහස පොළොව නූහුලන අපරාධ ගැනත් දන්නවා. මේව ත්රෙඩ් එකක දාන්නවත් බැරි තරම් දරුණු අපරාධ. :angry:ඒත් වැඩිය ප්‍රසිද්ධ නැති, ඉතිහාසය විසින් හන්ගපු කාරණයක් තියනවා. ඒ තමයි සෝවියට් දේශයේම පිරිසක් හිට්ලර් එක්කම එකට එකතු වෙලා තමන්ගෙ රටවලට විරුද්ධව සටන් කොරපු බව.

    ප්‍ර - හම්මට සිරි - ඒ කියන්නෙ පෙරෙට්ටො වගේ රැඩිකල් උණ ගහපු උන් ටිකක්ද? :shocked: ඔවු, එහෙම උනුත් හිටියා, තව වෙන උනුත් හිටියා.

    ප්‍ර - එහෙනං අපේ ටම්බි සහෝදරවරු වගේ උනුත් වෙන්ට ඇති? ඔවු යකෝ, තම්බි ලක්ෂ 2ක්. :angry:ඒ වගේම වෙන උන් තව මිලියනයක් විතර නට්සි හමුදා එක්ක එකතුවෙලා තමන්ගෙම රටවලට බැක් සයිඩ් ඕකේ කරන්න ගියේ.

    මොකද්ද අප්පා මෙහෙම වෙන්න හේතුව ?

    හේතු ගොඩක් තියනවා. ඒත් ත්රෙඩ් එක කෙටි කරන්න සරලව කියඤ්ඤං.

    මුලින්ම බොල්ශෙවික් පාලනය සමහරුන්ට තිත්ත වෙලා තිබුණේ. අපේ රතු සහෝදරවරු කරේ තියන් ගියාට ස්ටාලින් සර් ඒ කාලෙ වෙද්දි ලොකුවටම ෆේල් වෙන ලකුණු තිබ්බෙ. හැබැයි එයා ෆේල් උනේ නෑ, ඇයි?
    ෆේල් නොවෙන මරු ක්‍රමවේදයක් ස්ටාලින් සර් ගාව තිබුණා.ඒ තමයි ෆේල් කියන උන්ව සයිබීරියාවට හරි විශ්වයේ වෙනත් කොටසකට බෝන් අගේන් කරල අරින එක.....:baffled::baffled:

    දෙවෙනි එක.....

    ජර්මන් ආක්‍රමණයට මූණ දෙන්න තරම් රුසියාව මුලින් ශක්තිමත් වුණේ නැහැ.හාන්ස් ගුදේරියන් සහ ජර්මන්නුන්ගේ ජංගම ප්‍රහාරක ශක්තිය ඉස්සරහ රුසියාවට රිදෙන්න වැදිල හමුදාවල් පස්සට ගියා. (හැබැයි සතුරාට පුලුවන් තරම් පූක්ෂණය කරගෙනම පස්සට යන්න කියල තමයි රුසියන් ඕඩර් එක තිබ්බෙ:cool:) ඉතින් සමහරු හිතුවෙ රුසියාවට අබ සරණයි කියලම තමයි:frown:.

    ඊළඟට....

    නට්සි හමුදාවල අද බටහිර තියනවා වගේම ප්‍රතිපත්තියක් තිබුණා. මේක දැනගන්න එක වැදගත්. ඒ තමයි ධනවාදී උන්ට සැලකුවේ එක විදිහකට. පෙරදිග උන්ට සැලකුවේ තව විදිහකට. ඒ නිසා උන් හැමිණෙන තීරණයක් අරගත්තා.

    “කිසිම රුසියානු සිරකරුවෙක් තියාගන්නේ නැත“.

    මොකද්ද අවුල? - අහු වෙන එකාව මරල දානව යකෝ....

    පින්තූර වල දැකල ඇති දාස් ගණන් හමුදා හිරකාරයින්ව එක තැනකට දාල වැටක් ගහල කොටුකරල තියනවා. යන්න ලැට් එකක්වත් නෑ. ඒක කමක් නෑ, ලැට් යන්න කන්න දුන්නෙත් නෑ. බඩගින්නෙ තියල මැරුව මිලියනයකට වැඩිය රුසියන් හමුදාව.

    එතකොට සාමාන්‍ය මිනිස්සු - පල්ලිය අස්සට දාල ගිණි තියල මැරුව. යුදෙව්වන්ව ගෑස් කාමරේට යැව්ව:sorry::sorry:.
    (ඒ කාලෙ මංජුල පීරිස් හිටය නං කියනවා ඔබට ගින්නෙන් සහ වාතයෙන් අපලයි කියල)

    ඉතින් මේ වධ බන්ධන වලට බය වුණු පිරිසක් හිටිය.
    ඒ කාලෙ ස්ටාලින් සර් ෆේල් කිව්වට මෙච්චර කැත වැඩ නට්සි හිරකාරයින්ටවත් කරේ නෑ. අල ගෙඩියක් හරි කන්න දුන්න. (හැබැයි පස්සෙ අහු වෙච්ච හිරකාරයො ටිකක් කිලෝමීටර් ගාණක් හිමේ ඇවිද්දුවා, කීපදෙනයි අන්තිමට ඉතුරු වුණේ)

    මේ ඉන්නෙ අහුවෙච්ච සිරකරුවෝ කන්න බොන්න නැතුව හිටෝල තියන විදිහ
    Bundesarchiv_Bild_183-B21845,_Sowjetische_Kriegsgefangene_im_Lager.jpg

    රයිට් සබ්ජෙක්ට් එකට එමු. කවුද මේ විදිහට පක්සෙ මාරු කරපු හොරගෙඩියා?

    මූ - (සමහරවිට තිස්ස අට්ටනායකගෙ නෑ කමක් තියනවා වෙන්න පුලුවන්- මොකද ඇපල් බාන්න ගියාට අන්තිමට ඌ ගියපු පක්සෙ පැරදුණා)
    Bundesarchiv_Bild_183-J28172,_Andrej_Andrejewitsch_Wlassow.jpg

    මේ නිකම්ම නිකන් එකෙක් නෙවෙයි. ජෙනෙරාල් කෙනෙක්. අන්ද්රේයි ව්ලසෝව්. නට්සි හමුදා එක්ක සටනකින් පැරදුණාට පස්සෙ උන්ටම එකතු වෙලා කිව්ව තව මං වගේම සැට් එකක් ඉන්නවා කැමති නං මීට් කරල දෙඤ්ඤං කියල.

    එහෙම එකතු වුණු සැට් එකක් තමා මේ. මවුරටට වඩා හිට්ලර් සර් හොඳයි කියපු.......
    Bundesarchiv_Bild_183-N0301-503,_General_Wlassow_mit_Soldaten_der_ROA.jpg

    ඒත් අපි දන්නවා අන්තිමට රොකොසොව්ස්කි, කුස්නෙට්සොව් වගේ දක්ෂ නිලධාරීන්ගෙ මෙහෙයවීමෙන් රුසියානුවෝ නට්සීන්ව කම්බස්ථාන කරපු විත්තිය.....

    ඊට පස්සෙ මේ ජනරාල් සහ තව සැට් එකක් අහු වුනා රුසියානුවන්ටම.:cool:

    ප්‍ර - හරිම ආදරෙන් සලකන්න ඇති නේද?:yes::yes:
    ඔවු. එල්ලුම් ගහේ ගෙඩියක් කඩල දීල ඉතිහාසෙනුත් අයින් කරල දැම්ම.

    රයිට් බ්රෝස්, මේකයි ගතයුතු ආදර්ශය. ඉතිහාසෙ බලනකොට මිනිස්සු කියන්නෙ මහ අමුම සක්කිලි වැඩ කරපු කාලකන්නි හැත්තක්. බුදුදහමෙ මේ දේවල් ලස්සනට කියල තියෙන්නෙ තමන්ගෙ හිත පාලනය කරගන්න ලෝකෙ අනිත් උන් ගැන විශ්වාසෙ තියන් ඉන්න එපා කියල.ඉතිහාසෙ මුන් කරල තියෙන අපරාද දැක්කම සාධාරණ භයක් ඇති වෙන්න ඕන ජීවිතේ ගැන.
    ඒකාධිපතිය පිස්සෙක් වුනාම ලෝකෙම අවුල් වෙන්න ඒ ඇති. ඒ හින්ද පිනක් දහමක් කරගෙන කාටවත් ගිනිගෙඩි නොදී ජීවත් වෙලා හිටු. බුදු සරණයි උඹලාස්ට!!!
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    රුසියන්කාරයෝ පළිය ගත්තේ ජර්මන් ගෑණුන්ගෙන් ..
    ඔවු. මේක ගැන වෙන කතාවක් තියනවා. උන් මහම අමානුෂික විදිහට ගෑණු දූෂණය කරලා මරලා දැම්මා.
    There were girls, they became women and then became corpse.

    බටහිර සමහර අය ඉන්නවා මේ ගැන තාමත් කණු කුණු ගාන.....
    ඒ නිසාම තමා මම පහළින් දැම්මේ මිනිස්සුන්ගේ හිතේ සොබාව ගැන.....
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔවු. මේක ගැන වෙන කතාවක් තියනවා. උන් මහම අමානුෂික විදිහට ගෑණු දූෂණය කරලා මරලා දැම්මා.
    There were girls, they became women and then became corpse.

    බටහිර සමහර අය ඉන්නවා මේ ගැන තාමත් කණු කුණු ගාන.....
    ඒ නිසාම තමා මම පහළින් දැම්මේ මිනිස්සුන්ගේ හිතේ සොබාව ගැන.....
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    සෑහෙන්න වටින ත්රෙඩක්..මාත් හෙන ආසාවෙන් හ‌ොයන කියවන පැත්තක් තමයි විශේෂයෙන් මේ දෙවන ලෝක යුද්ධය සම්බන්ධව..මේක දිගටම කරන් යන්න බලමු මචං!
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    සෑහෙන්න වටින ත්රෙඩක්..මාත් හෙන ආසාවෙන් හ‌ොයන කියවන පැත්තක් තමයි විශේෂයෙන් මේ දෙවන ලෝක යුද්ධය සම්බන්ධව..මේක දිගටම කරන් යන්න බලමු මචං!
    නියමයි මචෝ...
    ආසාවෙන් කියෙවුව.
    දිගටම මේ වගේ ලෝක ඉතිහාසය ගැන නූල් දාන්න..
    ස්තුතියි මචං. බලමු. මාර කතාවල් තියනවා. අපි බලමු ඉස්සරහට....
     
    Inquisitor

    Active member
  • Nov 5, 2008
    228
    69
    28
    Off Kandy
    ඔවු. මේක ගැන වෙන කතාවක් තියනවා. උන් මහම අමානුෂික විදිහට ගෑණු දූෂණය කරලා මරලා දැම්මා.
    There were girls, they became women and then became corpse.
    මේ අපරාධ ගැන ලියවුණු English පොත් මොනවා හරි තියෙනවා නම් සඳහන් කරන්න.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    Good Job machan 😍

    යුද සීන් එකක් ආවොත් වැඩිපුරම කැරි වැඩ වෙන්නෙ ගෑනුන්ට.
    ජපන්නු චීනෙ කරපු නැන්කින් සන්හාරය ගැන කියවල බලපල්ල, කල කිරෙනව බන්. 🥴

    'Nanking should be remembered not only for the number of people slaughtered but for the cruel manner in which many met their deaths. Chinese men were used for bayonet practice and in decapitation contests. An estimated 20,000 – 80,000 Chinese women were raped. Many soldiers went beyond rape to disembowel women, slice off their breasts, and nail them alive to walls. Fathers were forced to rape their daughters, and sons their mothers, as other family members watched. Not only did live burials, castration, the carving of organs, and the roasting of people become routine, but more diabolical tortures were practiced, such as hanging people by their tongues on iron hooks or burying people to their waists and watching them get torn apart by German shepherds. So sickening was the spectacle that even Nazis in the city were horrified, one proclaiming the massacre to be the work of bestial machinery'

    https://en.wikipedia.org/wiki/The_Rape_of_Nanking_(book)
     
    Last edited:

    ජපන්නු ගැන.කියල වැඩක් නෑ. උන්ගෙ කෘර වැඩ අහද්දිත් ඇඩෙනවා.
    හැබැයි ඔය දේවල් පුර්තුගීසිකාරයොත් අපේ මුතුන්මිත්තන්ට කළා. ආගම පතුරුවන්නත් ඔව්ව කළා.
    ඔටෝමන් තුර්කිකාරයෝ ඉස්ලාම් ආගම පතුරුවන්න නැගෙනහිර යුරෝපයේ කරපු දේවල් අහනකොට කලන්තෙ දානවා.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,045
    1
    28,493
    113
    TFS machan. මේ වගේ දේවල් ආයෙත් ලෝකයේ සිද්ධ නොවෙයි කියන්න කාටවත් බෑ. දැක්කා නේද ඊයේ ඉරාකෙ suicide attack එක?

    ඒ නිසා හොඳම දේ තමයි බුදුදහමේ කියන විදිහට මේ සසරින් ඉක්මනටම ගැලවිලා යන එක
     
    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    Good Job machan 😍

    යුද සීන් එකක් ආවොත් වැඩිපුරම කැරි වැඩ වෙන්නෙ ගෑනුන්ට.
    ජපන්නු චීනෙ කරපු නැන්කින් සන්හාරය ගැන කියවල බලපල්ල, කල කිරෙනව බන්. 🥴

    'Nanking should be remembered not only for the number of people slaughtered but for the cruel manner in which many met their deaths. Chinese men were used for bayonet practice and in decapitation contests. An estimated 20,000 – 80,000 Chinese women were raped. Many soldiers went beyond rape to disembowel women, slice off their breasts, and nail them alive to walls. Fathers were forced to rape their daughters, and sons their mothers, as other family members watched. Not only did live burials, castration, the carving of organs, and the roasting of people become routine, but more diabolical tortures were practiced, such as hanging people by their tongues on iron hooks or burying people to their waists and watching them get torn apart by German shepherds. So sickening was the spectacle that even Nazis in the city were horrified, one proclaiming the massacre to be the work of bestial machinery'

    https://en.wikipedia.org/wiki/The_Rape_of_Nanking_(book)
    ජපන්නු ගැන.කියල වැඩක් නෑ. උන්ගෙ කෘර වැඩ අහද්දිත් ඇඩෙනවා.
    ජපනා දැන් පූස්පාට් දැම්මට ඉතිහාසය කියවනකොට මහම මහ අමනුස්සයෝ ටිකක්, unit 731 ගැන පොඩ්ඩක් හොයලා බලන්න.