ලංකාවේ ඇතුලේ ගිහින් උපරිම විඳින්න පුළුවන් ට්‍රිප් එකක් තමයි ඔය.
නුවර ඉඳන් යනවානම්, කොළඹින් උදේ තියෙන ට්‍රෙන් එකක් නුවරට එන වෙලාව බලාගන්න හෝ නුවරින් තියෙන ට්‍රෙන් එකක හවස් වෙන්න කලින් පට්ටිපොළට යන්න.
එතනින් ඔයාට රැට ඉන්න තැනක් අහල සෙට් කරගන්න. ගිහින් ස්ටේෂන් එකෙන් ඇහුවත් කියයි. මම දන්නා තැනක් තමයි නිසංසලා ගෙස්ට් එක. අයිති එක්කෙනා කරුණාදාස කියල කෙනෙක් ගණන් එහෙමත් ශේප්. හවසට උදේට කෑම කන්න තැනකුත් පට්ටිපොළ තියෙනවා.
එතනින් කෑම උදේට කාල, දවල්ට කන්න මොනවාහරි අරගෙන ස්ටේෂන් එකටත් කියලා පිටත් වෙන්න. කව්රුහරි ඇහුවොත් කියන්න ටනල් සෙක්ෂන් එක බලන්න යනවා කියලා. ඔහියත් සාමාන්‍ය කෑම කඩයක් තියෙනවා මොනවාහරි අරගන්න කාලයන්න පුළුවන්. එතනින් ඉඩල්ගස්හින්නට පිටත් වෙන්න හවස් වෙනකොට යාගන්න පුළුවන් (දවල් 1-2 අතර වගේ). එතනින් බදුල්ලට යන්න ට්‍රෙන් තියෙනවා එත් ආපහු නුවරට තියෙනවද කියලා පොඩ්ඩක අහලා දැනගන්න. නැත්නම් බදුල්ලට ගිහින් රැ බදුල්ලේ නතර වෙලා. (බදුල්ල ස්ටේෂන් එකට යන පාරේම නවතින්න තැනක් තියෙනවා, ඉමාලි ගෙස්ට් ඉන් 0552223265). උදෙන ම නුවරට පිටත් වෙන්න පුළුවන් ආපහු ට්‍රෙන් එකේම.