ඉදිරිපත් කළ ඡායාරූප 756ක් අතරින්?

ඉදිරිපත් කළ ඡායාරූප 756ක් අතරින්?

282760_562523743766607_383332410_n.jpg

ලෝක බැංකුව විසින් සංවිධානය කරන ලද "අසමානතාවය" පිළිබද ජාත්‍යන්තර ඡායාරූප ප්‍රදර්ශනයකදී ඉහළම කලාපීය සම්මානය ශ්‍රී ලංකාවේ පාසල් සිසුවෙකුට හිමිව තිබේ.

බීබීසී පුවත් සේවය පැවසුවේ වයස 14 - 17 අතර වයස් ඛාණ්ඩ වෙනුවෙන් දකුණු ආසියානු කලාපයට හිමිවන ඉහළම සම්මානය, මඩකලපුව ප්‍රදේශයේ 17හැවිරිදි පාසල් සිසුවෙකු වන දිව්යරාජ් සයන්තන්ට සහ නේපාල ජාතික දරුවෙකුට හිමිව ඇති බවය.

ඡායාරූප ගැනීම තම විනෝදාංශය බවත් තරගය පිළිබදව අන්තර්ජාල දැන්වීමක් දුටු සිය පියා එයට ඉදිරිපත්වන මෙන් තමන් දිරිමත් කළ බවත් සයන්තන් පවසා තිබේ.

එම සම්මානය සයන්තන්ට හිමිව ඇත්තේ ඔහු ඉදිරිපත් කළ සරමකින් පමණක් සැරසී කල්මුණේ - කලවන්චිකුඩි මහාමාර්ගය අසල පොල් විකුණන දරුවෙකුගේ ඡායාරූපයටයි.

එම ජාත්‍යන්තර ඡායාරූප ප්‍රදර්ශනයට ඉදිරිපත් කළ ඡායාරූප 756ක් අතරින් දරුවන් 11දෙනෙකුට සම්මාන හිමිවී තිබේ.

ඉහත දැක්වෙන්නේ දිව්යරාජ් සයන්තන් සම්මානයට පාත්‍ර වූ ඡායාරූපයයි.