ලොකු වැඩ කළ පුංචි මිනිසා

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    mata baninna epa ithin මේ පත්තරේ තියන එකක් දාන්නේ මමත්. කියවල බලන්න.


    දිවංගත රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා සුවිශේෂී දැක්මක් තිබුණු හා එම දැක්මට අනුව රටත් සමාජ ක්‍රමයත් ගොඩනැගීමට අප්‍රතිහත ධෛර්යයකින් ක්‍රියා කළ විරළ ගණයේ ජන නායකයෙකි. ඔහුගේ අනපේක්‍ෂිත වියෝව අප රටේ අභාග්‍ය සම්පන්න කාලයක හා දූෂිත දේශපාලන ක්‍රමයක ආරම්භය සනිටුහන් කළේය. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා සාමාන්‍ය ජනතාව තුළින් සමාජ සේවය ආරම්භ කළ කෙනෙකු හැටියට ජන හඬ, ජන හද, ජන දුක යන සියල්ල හොඳින් හැඳිනගෙන සිටියේය. සිය තරුණ කාලයේ පටන් ඔහුගේ සිත තුළ පැනනැගුණු මහත් ගැටලුවක් විය. එනම් විසම සමාජ ක්‍රමයක් නිසා පොදු ජනතාව පීඩාවට ලක් වී සිටීමයි. එහිලා ඔහු විසම සමාජ ක්‍රමයක පැතිකඩ විමර්ශනය කිරීමට පෙළඹුණේය. සමාජ ක්‍රමය විසම වූයේ කෙසේද? සමාජ විසමතාව දුරලිය හැක්කේ කෙසේද? ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේදය කුමක්ද? එය ආරම්භ කළ යුත්තේ කොතැනින්ද? සමාජ සමානාත්මතාව පිරි සමාජ ක්‍රමය කොතරම් සුන්දරද? මෙවැනි තර්ක ඔස්සේ ඔහු සමාජ ක්‍රමය පිළිබඳ නිශ්චිත වැටහීමක් ලබාගත්තේය. ඉන් පසු ඔහු සිය ගමන්මග තෝරාගත්තේය. එය සමාජ සේවය යි. නිහතමානී ලෙස කොළඹ නගරසභාවෙන් ආරම්භ කළ සමාජ සේවය නිහතමානී ජනාධිපතිවරයෙකු ලෙස අවසන් කළ ඔහු “මෙයට ඔබේ යටහත් සේවක – ආර්. ප්‍රේමදාස” යනුවෙන් ලිපි අත්සන් කිරීම පුරුද්දක් කොට ගෙන සිටි එකම ජනාධිපතිවරයා විය.


    සමාජ ක්‍රමය වෙනස් කිරීමට නම් පුද්ගල බද්ධ වෙනස්කම් සිදුකළ යුතු බව ඔහු විශ්වාස කළේය. පුද්ගලයාගේ සිතුවිලි යහපත් විය යුතුය, පුද්ගල චර්යා යහපත් විය යුතුය, ආගම දහම ජීවනයේ මාර්ගෝපදේශකයා විය යුතුය, සංස්කෘතික හැදියාව නොකෙලෙසිය යුතුය, ගුරු–දෙගුරුන්ට වැඩිහිටියන්ට හා පුජක පක්‍ෂයට ගරුකිරීමට පුරුදු විය යුතුය, සාහිත්‍යය හා කලාව ජීවිතයේ කොටසක් කරගත යුතුය, දැහැමි මාර්ගවලින් ආදායම් ඉපයිය යුතුය, ඒ සඳහා ධෛර්ය වැඩිය යුතුය, අනුන්ට අතපා ජීවත් වීමෙන් මිදිය යුතුය, ස්වෝත්සාහයෙන් වැඩ කළ යුතුය, සෑම පුද්ගලයෙකුටම සමානව සැලකීමට පුරුදුවිය යුතුය, සෑම පුද්ගලයෙකුම සතු අයිතියට ගරු කළ යුතුය, ජීවිතයත් ගෙදර දොරත් පරිසරයත් ලස්සනට තබාගත යුතුය. ලස්සනට හා පිරිසිදුව ඇඳ පැළඳ සිටිය යුතුය, ගෙදරදොරේත් වැඩපොලේත් පිළිවෙල පවත්වා ගත යුතුය, හොර බොරු වංචා යනාදියෙන් වැළකිය යුතුය යන පුද්ගල ගුණාංග දියුණු කිරීමෙන් සමාජ ක්‍රමය දියුණු කළ හැකි බවත් සුන්දර රටක් නිර්මාණය කළ හැකි බවත් රණසිංහ ප්‍රේමදාස තරයේ විශ්වාස කළේය.



    මේ පින්තුර නම් ඇත්තටම ෂෝ එකට ගත්තු ඒවා නෙවෙයි දැන්
    කාලේ උන් වගේ. මුගේ පුතා මේ තරම් මී හරකෙක් උනේ
    කොහොමද කියන එක තමයි හිත ගන්න බැරි.




    ඒ සඳහා ඔහු ප්‍රථමයෙන් සිදු කළේ ඔහුගේ චරිතය ආදර්ශවත් ලෙස හැඩගස්වා ගැනීමයි. “මාව ඝාතනය කළාට කමක් නෑ. ඒත් මා කුඩා කල පටන් හදාගත් මගේ චරිතය ඝාතනය කරන්න එපා….” යැයි මඩ මාධ්‍යකරුවන්ගෙනුත් මජර දේශපාලඥයන්ගෙනුත් ඔහු ඉල්ලා සිටියේ එබැවිනි. සුචරිතවත් සමාජයක් නිර්මාණය කිරීම පිණිස ඔහු සුචරිත ව්‍යාපාරය ආරම්භ කළේය. එමගින් යහපත් ජීවන ධර්මතා සමාජය තුළ පෝෂණය කිරීමට මහන්සි ගත්තේය. එයම ඔහු දේශපාලනය කෙරෙහි යොමු කළේය. රණසිංහ ප්‍රේමදාස සිය සමාජ චින්තනය කවිය මගින් ව්‍යක්තව ඉදිරිපත් කළේය. රට ජාතිය, ආගම දහම, හා මිනිසුන් ගැන ඔහු කවි ලීවේය. දේශානුරාගී කවි හා ගීත රචනා කළේය. සමාජ ප්‍රශ්න විවරණය කරන නවකතා ලීවේය. චිත්‍රපට තිර පිටපත් ලීවේය. කලාකරුවන් මිතුරන් ලෙස ඇසුරු කළේය. ඔවුන්ට අතහිත දුන්නේය. යාචකයන්ගේ හැකියාවන් හැඳින ගෙන ඒවා සමාජයට ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දුන්නේය. ධනවතා ද දුගියා ද එකම මිනිසුන් කොට්ඨාසයක් ලෙස ඔහු දැක්කේය. මේ සියල්ල ඔස්සේ ඔහු පන්ති මානසිකත්වයෙන් ලෙඩවූ ජන මනස නිරෝගිමත් කිරීමටත් ප්‍රබෝධවත් කිරීමටත් මහන්සි ගත්තේය. “පෙරදිග අහසේ පෙරමුණ අරගෙන – සිතිවිලි නව හිරු කිරණ නැගේ…” “දාගැබ් මහා වැව් බැන්දේ නුබයි පුතේ….” “සමනළ මුදුනේ සිරිපද සිඹ සිඹ – උදා ඉරක් පායයි…” “උත්සාහය උක් දණ්ඩක් වැන්නේ – වැළදූ පසුවයි මිහිර දැනෙන්නේ…” යන ගීත ප්‍රේමදාස අතින් ලියවුනේ ඔහු තුළ වූ අවංක හා අව්‍යාජ අපේක්ෂාවන් පිළිබිඹු කරමිනි.

    සමාජ විසමතාව ආදායම් විසමතාව නිසාත් ආචීර්ණ කල්පික ක්‍රම හා ආකල්ප නිසාත් හටගන්නා බව තේරුම්ගත් ඔහු ඒ සඳහා පිළියම් සෙවීය. ඔහුගේ පිළියම් ජාත්‍යන්තර න්‍යායන්ගෙන් උකහාගත් ඒවා නොවීය. ඔහුගේ සිත තුළ ජනිත වූ සරල සංකල්ප ඔස්සේ සමාජ පෙරළියක් කිරීමට ඔහුට පුරුද්දක් මෙන්ම හැකියාවක් ද විය. ඒ සඳහා දක්‍ෂ හා යෝග්‍ය පිරිස් සොයා ගැනීමට ඔහුට අනුපමේය ඉවක් තිබුණි. නිවාස හිඟය පිටුදැකීමට ඔහු උදාගම් ව්‍යාපාරය ආරම්භ කළේය. නිවාස වැඩි දියුණු කරගැනීමට ණය ක්‍රමයක් ආරම්භ කළේය. නිවාස සංවර්ධනය සඳහා සෙවන ලොතරැයිය හා නිවාස බැංකුව ආරම්භ කළේය. එදා තිබුණු පොල් අතු පැල්පත් සියල්ල කඩිනම්ව පියකරු නිවාස බවට හැරුණේය. නිවාස හා ඉදිකිරීම් දියුණු වත්ම ඒ හා බැඳුනු දේශීය කර්මාන්ත රැසක් ද ඉදිකිරීම් තාක්‍ෂණය ද වැඩිදියුණු විය. එක්සත් ජාතීන්ගේ සංවිධානය ද ප්‍රේමදාසගේ නිවාස සංවර්ධන වැඩසටහන මහ ඉහළින් පිළිගෙන ඊට ලොව හොඳම ජනාවාස වැඩසටහනට ලැබෙන සම්මානය ද පිළිගැන්වූවේය.


    ආදායම් විසමතාව දුරු කිරීම පිණිස උදාගම් ව්‍යාපාරය ආරම්භ කළ ඔහු ඒ ඔස්සේ ප්‍රාදේශීය සංවර්ධනය ඉලක්ක කළේය. ප්‍රාදේශීය සංවර්ධනය බලහත් කාරයෙන් කළ නොහැක්කක් බව සංවර්ධන විශේෂඥයන්ගේ මතය වුවත් ප්‍රේමදාස සිය ප්‍රාදේශීය සංවර්ධන සංකල්පය සමග පෙරට ගියේ ඔහුගේ චින්තනය පිළිබඳ ඔහු තුළ වූ විශ්වාසය හා අධිෂ්ඨානය න්‍යායට වඩා බලවත් වූ නිසාය. තෝරාගත් පසුගාමී ප්‍රදේශයක මංමාවත් වැඩි දියුණු කොට කර්මාන්ත ශාලා කිහිපයක් හා රජයේ කාර්යාල කිහිපයක් එකවර ආරම්භ කොට එම ප්‍රදේශය තුළ රැකියා දහස් ගණනක් ජනිත කිරීම සිය ඉලක්කය විය. ඒ ඔස්සේ ඔහු එම ප්‍රදේශවාසීන්ට මාසිකව රුපියල් මිලියන ගණනක නව ආදායමක් ඉපයීමට සැලැස්වීය. ඒ කෙරෙන් හටගත් නව ඉල්ලුම ඔස්සේ එම තදාසන්න ප්‍රදේශවල වෙළදාම දියුණු කොට තිරසාර ප්‍රාදේශීය සංවර්ධනයක් සාක්‍ෂාත් කළේය. නව ආදායම් ඔස්සේ එම ප්‍රදේශ ඊළඟට නිෂ්පාදන, වෙළඳාම හා පාරිභෝජන කලාප බවට පත්විය. දඹුල්ල, කැකිරාව, මිහින්තලේ, මහියංගනේ, ඇතුළු ප්‍රදේශ රැසක් නව නගර බවට කෙමෙන් පත්වූයේ තිරසාර ප්‍රාදේශීය සංවර්ධනය පිළිබඳ යතාර්ථවත් ප්‍රේමදාස දර්ශනය නිසාය.



    සමාජ විසමතාව නිසා රාජ්‍ය පරිපාලන සේවාවන් ලබාගැනීමේ දුෂ්රතාවට පත්ව දිසාපති කාර්යාල ක්‍රමය ඔස්සේ සාමාන්‍ය ජනතාව පීඩා විඳින බව වටහා ගත් ඔහු ජනයා ඉන් මුදා ගැනීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාල ක්‍රමය හඳුන්වා දුන්නේය. එක දිස්ත්‍රික්කයකට එවැනි ප්‍රාදේශීය ලේකම් කාර්යාල කිහිපය බැගින් හඳුන්වා දී රාජ්‍ය පරිපාලනය මහජනයා සමීපයට ගෙනගියේය. ඒ ඒ ප්‍රදේශවල ජනයාට පහසුවෙන් සේවා ලබාගැනීමට එමගින් අවස්ථාව සලසා දී ඔවුන් එතෙක් විඳි පීඩාවලින් මුදාගත්තේය. එපමණකින් නොනැවතී රාජ්‍ය පාලනය ද ගමට ගෙනයාමේ පියවර තැබුවේය. ඒ අනුව ප්‍රාදේශීය සභා ක්‍රමය පිහිටුවා දේශපාලන බල අධිකාරිය ගමට ගෙන ගොස් එමගින් ප්‍රාදේශීය පාලනය පහසු කළේය. ඔහුගේ ඊළඟ අපේක්ෂාව වූයේ ග්‍රාමෝදය මණ්ඩල පිහිටුවා ගමේ ගැටළු කඩිනමින් විසඳා ගැනීමට ප්‍රවේශයක් ලබා දීමය. ආදායම්, පරිපාලන හා දේශපාලන විසමතා දුරලීමට ඔහුගත් පියවර නිසා අද දකින ප්‍රාදේශීය සංවර්ධනයටත් සමාජ සමානාත්මතාවටත් මග පෑදුනේය.

    කාර්යාලයේ හා වැඩපොළේ කාර්යක්‍ෂමතාව හා සඵලදායිතාව සංවර්ධනය ඔහුගේ මූලික ඉලක්කයක් විය. කාර්යක්ෂමව වැඩ කිරීමෙන් දිනකට විශාල වැඩ කොටසක් ඉටුකරගත හැකි බැවින් සේවා ලාභීන් රස්තියාදු නොකොට ඔවුන් තෘප්තිමත් වන පරිදි සේවා සැලසීමට හැකි වන බව ඔහු විශ්වාස කළේය. තවද සඵලදායි ලෙස වැඩ කිරීමෙන් රජයේ ව්‍යාපෘතිවලින් මහජනයාට මහත් ප්‍රයෝජනයක් ලැබිය හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය. කාර්යක්ෂමතාව හා සඵලදායිතත්වය ඔස්සේ නාස්තිය පිටු දැකීමට හැකි වන බව ඔහු දැන සිටියේය. එමෙන්ම රාජ්‍ය සේවයේ වංචාව, දූෂණය, කුරිරුකම, නිළධාරිවාදය, අසාධාරණය, පක්ෂපාතිත්වය යන අනර්ථයන් පිටුදැකීමට ඔහු ඍජුව මැදිහත් විය. රාජ්‍ය සේවයේ ඉහළම කාර්යක්ෂමතා මට්ටමක් පවත්වා ගැනීමට ඔහු සමත්විය. ඉන් නොනැවතී ජනපති ජංගම සේවය ඔස්සේ ද මහජන පීඩාවන් දුරලීමට ඔහු මැදිහත් විය. ඔහුගේ දේශපාලනය තුළ වූ එකම අපේක්‍ෂාව වූයේ පරාර්ථයයි.

    සමාජ විසමතා නිසා හටගෙන තිබුණු ඇති–නැති පරතරය හා දුගී දුප්පත්කම පිටුදැකීමට ඔහු තරම් වෙහෙසුණු කෙනෙකු නැත. අධ්‍යාපනය, කුලය, ගෝත්‍රය, ජාතිය, ජන්මය යනාදිය විසින් නිර්මාණය කර තිබුණු අසාධාරණ කම් ප්‍රහීන කොට ඇති–හැකි සමාජයක් හා සමානාත්මතා සමාජයක් ගොඩනැගීම පිණිස ඔහුට ආවේනික සංකල්ප රැසක් පෙරදැරිව වැඩ කළ ඔහු දිළිඳු පවුල්වල උගත් තරුණ තරුණියන්ට ගුරුපත්වීම් ලබා දීම, රජයේ රැකියා ලබා දීමේ දී දේශපාලන බලපෑම ඉවත් කිරීම සඳහා විභාග ක්‍රමයක් හඳුන්වා දීම ඔස්සේ සුදුස්සාට සුදුසු තැන ලබා දීම, ගැමියන් ක්ෂුද්‍ර ව්‍යවසායකත්වය කෙරෙහි දිරිගැන්වීම ඔස්සේ පවුලේ ආදායම් වර්ධනය කරගැනීමේ මාර්ග විවර කිරීම හා අනුන්ට අත නොපා ජීවත්වීමේ ස්වෛරී පුද්ගල අගයන් මහජන සිත් සතන් තුළ පෝෂණය කිරීමට රණසිංහ ප්‍රේමදාස තරම් කැපවුණු රාජ්‍ය පාලකයෙකු නැත. ජනසවිය වැඩසටහන නිර්මාණය කරමින් ඔහු එය සුබසාධන ව්‍යාපෘතියකින් ඔබ්බට ගෙන ගියේය. එහිලා ද දක්නට ලැබුණේ සුබසාධනයට වඩා වැඩි යමක් ඔස්සේ තිරසාර ලෙස ජනතාව ආර්ථික හා ආකල්පමය වශයෙන් ශක්තිමත් කොට ඇති–නැති පරතරය දුරලීමයි.

    රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාට රජ මැදුරට වඩා දුගී පැල්පත සැපතක් විය. දරිද්‍රයන්ගේ පැල්පත්වලට ගොස් ඔවුන්ගේ දුකසැප විමසීම ඔහු අවංකවම කළ කටයුත්තක් විය. ඒ ඔස්සේ ඔහු පෙන්වූ නිහතමානිකම සමාජයේ මාන්නය බිඳ දැමීමටත් සමානාත්මතා සමාජයක් නිර්මාණය කිරීමටත් ඔහු යොදා ගත්තේය. ඔහු රජ බොජුන් වැළඳුවේ නැත. රජ සැප වින්දේ නැත. සරළ හා චාම් දිවි පෙවෙත ප්‍රේමදාස අගය කළේය. රණසිංහ ප්‍රේමදාසගේ දේශපාලනය තුළ අවස්ථාවාදය, වංචාව, දුෂණය, දුරාචාරය නොවීය. ඔහු අවංක විය, සරල විය, එඩිතර විය, නොපසුබට විය, ජනතාවාදී විය. පොඩි මිනිසාගේ පැත්ත ගත්තේය. මේ නිසාම ඔහුට දේශපාලන සතුරන් බහුල විය. සතුරු කුමන්ත්‍රණ ද බහුල විය. එහෙත් ඔහුට ඒකායන ප්‍රාර්ථනයක් විය. ඒ ඇති–නැති පරතරය පිටුදැක සාධාරණ හා සමානාත්මතා සමාජ ක්‍රමයක් ගොඩනැගීමයි. ඒ සඳහා ඔහු දිවා රෑ වෙහෙස නොබලා වැඩ කළේය. එමගින් ඔහු සමාජ පෙරළියක් කිරීමට සමත් විය.

    රණසිංහ ප්‍රේමදාස කළ ඒ මහත් සමාජ පෙරළියේ භෞතික ස්වරූපය පමණක් ඔහුගේ ඇවෑමෙන් ඉතිරි විය. අධ්‍යාත්මික ස්වරූපය මිනිසුන්ගෙන් ගිලිහී ගියේය. සොඳුරු මිනිසුන් බිහිකිරීමේ ප්‍රේමදාසගේ සුන්දර සිහිනය යතාර්ථයක් නොවීය. ප්‍රේමදාස සමාජ කුරිරුකමට එරෙහි විය. එහෙත් සමාජය ප්‍රේමදාසට කුරිරු විය. ඒ සමාජ කුරිරුකම ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ අභාවය සැල වූ මොහොතේ රතිඤ්ඤා දැල්වීමෙන් ප්‍රදර්ශනය කරනු ලැබීය. අද අප ජීවත් වන්නේ ප්‍රේමදාස පැතූ සොඳුරු සමාජයේ නොව අවස්ථාවාදීන් හැදූ දූෂිත කුරිරු සමාජයේය. රණසිංහ ප්‍රේමදාසගේ වටිනාකම සමාජයට තේරුම් ගියේ ඔහු මිය ගියාට පසුවය. මේ ලෝකයේ ප්‍රේමදාස වැනි ශ්‍රේෂ්ඨ ජනතා සේවකයන් විරළය. ප්‍රේමදාස වටින්නේ එදාට වඩා අදට ය, අදට වඩා හෙටට ය.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,576
    72,774
    113
    මාලඹේ
    ow u maha modayek. u gama kanwa. ekenma hoda gemak gahanna thibba mole pawichci karala.
    තාත්තා ගේ ජාන නැහැ මුගේ ළඟ මුගේ අම්මාගේ ජාන තියෙන්නේ වැඩිපුර
    හේමා ප්‍රේමදාස තමා රණසිංහ ප්‍රේමදාස ගේ නමත් කෑවේ
     
    • Like
    • Sad
    Reactions: NRTG and Dead Cupid

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    තාත්තා ගේ ජාන නැහැ මුගේ ළඟ මුගේ අම්මාගේ ජාන තියෙන්නේ වැඩිපුර
    හේමා ප්‍රේමදාස තමා රණසිංහ ප්‍රේමදාස ගේ නමත් කෑවේ
    ow dan uge ganith ea wagemayi ban. uwa kanne eki dan.
     
    • Like
    Reactions: NRTG

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    සෑහෙන වැඩ ටිකක් කරා දුප්පත් මිනිසුන්ට
    උතුරේ දුප්පත් දෙමළ මිනිස්සුන්ට අත්මරක්ෂවට තුවක්කු පිස්තොලත් බෙදා දුන්නා 🤩
     
    • Wow
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    දුප්පත් මිනිස්සුන්ට ගොඩක් උදව් කෙරුවා කියලා මමත් අහලා තියනවා. දේශපාලකයෙක් වශයෙන් වැරදි ඇති ඒ උනාට හොඳත් කරලා තියන පාටයි.
    බූරු පුතානොට හැරෙන්නවත් බැහැ වගේ මේ චරිතෙත් එක්ක
     
    • Like
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,170
    46,947
    113
    හොඳ දේට හොඳයි කියන්න ඕන.මහරගම ඵහෙම අද ඔය තත්වෙන් තියෙන්නේ ප්‍රේමදාස නිසා..පොඩි මනුස්සය ගැන බලපු ඵකම නායකයා.අදටත් ඒ මිනිස්සු හොඳ කියන්නේ ඒකයි.
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    දුප්පත් මිනිස්සුන්ට ගොඩක් උදව් කෙරුවා කියලා මමත් අහලා තියනවා. දේශපාලකයෙක් වශයෙන් වැරදි ඇති ඒ උනාට හොඳත් කරලා තියන පාටයි.
    බූරු පුතානොට හැරෙන්නවත් බැහැ වගේ මේ චරිතෙත් එක්ක
    සිරා කතාව. ඔය මනුස්සයව ජේ ආර් ,සිරිසේන කුරේ වගේ ළඟ ඉන්න මිනිස්සු නොමඟ යැව්වා. ඒකට හේතු උනේ පොරට තිබුණ හීනමානය. සාමාන්‍ය මිනිස්සු හිතුවේ අනේ පොඩි මිනිහෙක් රජ උනා දැන් අපිත් ගොඩ කියලා. ඒ මිනිස්සු කබලෙන් ලිපට වැටුනා. ඒකනේ මැරුණට පස්සේ මිනිස්සු රතිඥා පත්තු කරේ.
     
    • Love
    Reactions: NRTG

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,170
    46,947
    113
    සිරා කතාව. ඔය මනුස්සයව ජේ ආර් ,සිරිසේන කුරේ වගේ ළඟ ඉන්න මිනිස්සු නොමඟ යැව්වා. ඒකට හේතු උනේ පොරට තිබුණ හීනමානය. සාමාන්‍ය මිනිස්සු හිතුවේ අනේ පොඩි මිනිහෙක් රජ උනා දැන් අපිත් ගොඩ කියලා. ඒ මිනිස්සු කබලෙන් ලිපට වැටුනා. ඒකනේ මැරුණට පස්සේ මිනිස්සු රතිඥා පත්තු කරේ.
    ඒ නම් රතිඤ්ඤා පත්තු කරේ විරුද්ධ පක්ෂ වල උන් බං.ඒ දවස්වල මම පොඩියි.ඒ වුනාට තාම මතකයි ඒ දවස.
     
    • Sad
    Reactions: NRTG

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    @Bitter Truth
    උනුත් කරන්න ඇති. පොරට සෑහෙන්න අන්ධ විශ්වාස තිබුණා මයිනට වගේම. නාඩි වාක්‍යවල මැරෙනවා කිව්ව නිසා ඔය පුතානෝ දුටුගැමුණු රජතුමාගේ මඟුල් කඩුව පවා හෙව්වා කියනවා. ඇයි මයිනා 6 පරාක්‍රමබාහු රජුගේ කඩුව හෙව්වේ. (කටුගේ කඩු කුණු බක්කිවලින් හම්බ උනේ. කෝට්ටේ රජමහා විහාරයේ හාමුදුරුවන්ව මැරුවේ. ඒ මරපු එකාවත් වැලිකඩ බන්දනාගරේදී වෙඩි තියලා මැරුවා.)
    කතාව ඇත්තද බොරුද දන්නේ නැහැ ඒත් විජේ කියලා නම තියෙන කෙනෙක්ලු රජවෙනවා කිව්වේ ඊළඟට. විජේවීර, විජේ කුමාරතුංග ,විජය විමලරත්න වගේ අයගේ ඝාතන පිටිපස්සේ මෙයා හිටියා කියලත් කියනවා. අන්තිමට කොහේවත් හිටපු විජේතුංග බණ්ඩා රජ උනා පොඩි කාලෙකට හරි.
    දුප්පත් මිනිස්සුන්ට උදව් කරා. ඒත් මැරබලය උපරිම තලයකට ගේන්න සෑහෙන්න දායක උනා. අමරසිංහලා, සොත්තිව්පාලි වගේ කට්ටිය මෙයාගේ කාලේ වැඩ දැම්මේ.