ඉදිරියේදී අධික වේගයෙන් රිය පැදවීමට දඩුවම

Macdady

Active member
  • Aug 20, 2009
    532
    153
    43
    Singapore
    ඉදිරියේදී අධික වේගයෙන් රිය පැදවීමට දඩුවම

    a549e13d40e787f171ad57b349382ed8_L.jpg


    අධික වේගයෙන් රිය පැදවීම් සම්බන්ධයෙන් කිසිම විටෙක රියදුරන් නීතියේ රැහැනට හසුකර නොගන්නා ලෙසට වයඹ පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන මහතා වයඹ පළාතේ සියළුම පොලිස් ස්ථානවලට ලිඛිත නියෝගයක් නිකුත් කොට ඇතැයි වාර්තා වෙයි.

    අධික වේගයෙන් රිය ධාවනය පරීක්‍ෂාකරන උපකරණ පොලිස් ස්ථානයෙන් පිටතට රැගෙන නොයන ලෙසත්, යම් නිළධාරියෙක් මෙම නියෝගය පැහැර හැරියහොත් විනයානුකූල පියවර ගන්නා බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අවධාරණය කර ඇත.

    ඇතැම් පොලිස් නිළධාරීන් අධික වේගයෙන් රියපැදවීම සම්බන්ධයෙන් රියදුරන් කොටුකරගෙන දූෂිත ක‍්‍රියාවල නිරතවන බවට ලැබී ඇති පැමිණිළි සහ තොරතුරු පදනම් කරගෙන මෙම නියෝගය නිකුත්කර ඇතැයි පොලිස් තොරතුරු අනාවරණය කළේය.

    අධිකවේගයෙන් රිය ධාවනය සම්බන්ධයෙන් නඩු නොගන්නා ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පොලිසියට නියෝගයක් තිබෙන බව පොලිස් තොරතුරු අනාවරණය කළේය. පසුව පොලිසිය නීතිපති උපදෙස් මත අධික වේගයෙන් රිය ධාවනය කරන රියදුරන් හසුකරගෙන අපරික්‍ෂාකාරී ලෙස රිය ධාවනය කිරීමට නඩු පැවරීමට පියවර ගත් බව උසස් පොලිස් නිළධාරියෙක් පෙන්වා දුන්නේය.

    අධිකවේගයෙන් රිය ධාවනය කිරීම වෙනුවට අපරික්‍ෂාකාරීව රිය ධාවනය කිරීම යැයි අධිකරණය නොමග යවමින් කළ එම ක‍්‍රියාවද නතර කරන්නැයි මේ වනවිට නීතිපති දැනුම්දී තිබෙන බව ද එම නිළධාරියා පැවැසූවේය.

    එසේ තිබියදීත් තවදුරටත් එම කටයුත්ත සිදුවන බවත් එය නතර කිරීමට මුලින්ම පියවර ගත්තේ වයඹ පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පමණක් බවත් එම නිලධාරියා පැවසී ය.

    ඊට මුල්වන්නට ඇත්තේ අධිකවේගයෙන් රිය පැදවීමක් සම්බන්ධයෙන් අධිකරණ විනිසුරුවරයෙක් වයඹ මාර්ගයකදී පොලිසිය නතර කිරීමක් වන්නට ඇති බව එම නිළධාරියා සැකපහළ කළේය. අධිකවේයෙන් රිය පැදවීම් සම්බන්ධයෙන් නඩු ගැනීම් නීති විරෝධී බව පොලිසියට පෙන්වා ඇත්තේද එම විනිසුරු බව එම නිළධාරියා වැඩිදුරටත් පැවසී ය.
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    දැන් එහෙනම් හයියෙන් ගියාට පොලිසියෙන් දඩුවම් කරන්නේ නැත්නම් අපේ අය ජිවිතෙන් දඩුවම් දෙයි