මෙරටට ඉදිරියේදී වාහන ආනයනය කිරීමට අවසර දීමේ දී මූලිකත්වය ලබා දෙන්නේ විදුලි බලයෙන් ක්‍රියා කරන වාහන සඳහා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේය.
ඒවා ආරෝපණය කිරීම සඳහා විදුලිය සපයා ගැනීම පුනර්ජනනීය බල ශක්තියෙන් සිදු කිරීමට අදහස් කරන බව ද ජනාධිපතිවරයා පැවැසීය.
අද පාර්ලිමේන්තුව නව සැසි වාරය ආරම්භයේදී රාජාසන කතාව සිදු කරමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.
ජනාධිපති වරයාගේ රාජාසන කතාව අවසාන කිරීමෙන් පසු පාර්ලිමේන්තුව හෙට පස්වරු 1 දක්වා කල් තබනු ලැබීය.
හරිත කෘෂිකර්මය ක්‍රියාත්මක කිරීමේදී ගැටලු ඇති වූයේ අරමුණ හරියාකාරව සන්නිවේදනය නොවීම නිසා බවද ජනාධිපතිවරයා පැවසීය.
රාජ්‍ය විශ්වවිද්‍යාල වැඩි කරන අතර ඉහල ප්‍රමිතියෙන් යුතු රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල ඇරැඹීම ගැන පාර්ලිමේන්තුවේ සාකච්චා කරන්නැයිද ඉල්ලා සිටි ජනාධිපතිවරයා ඉදිරියේදී නව ලොවට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වා දෙන බවද පැවසීය.
lankacnews