ඉදිරි ගමනට අයවැය දෙන ජවය

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
ඉදිරි ගමනට අයවැය දෙන ජවය

ab1011281.jpg

”මේ අයවැයේ මොනවද තියෙන්නේ?”

විපක්ෂයේ කිහිප දෙනෙක් එසේ අසති. 2011 අයවැයේ කිසිවක්ම නැති බව ඉන් හඟවන්නට තැත් කරයි.

”අයවැයේ මොනවද නැත්තේ?”

ආණ්ඩු පක්ෂය පෙරළා ප්‍රශ්න කරන්නේ; උපදින්නට සිටිනා දරුවා ගේ පටන් විශ්‍රාමිකයා දක්වා වූ සියලු දෙනාටම මේ අයවැය හොඳ බවට තර්ක කරමිනි.

එහෙත් මැදිහත් සිතින් බොහෝ අයවැය කතා අසා දැක පුරුදු අපට නම් මේ අයවැයේ ඇත්තේ හා නැත්තේ මොනවාද යනු එක්වරම ඇඟට දැනෙයි. බැරිකම, අඳෙීනාව, ලාබ ජනප්‍රියත්වය, කැරට් අල හා කොළේ වසාගැසීම් වැනි ගැලවිජ්ජා එකක් වත් 2011 අයවැය කතාවේ කොතැනක වත් දකින්නට නැත.

”අහවල් හේතුව නිසා අහවල් දේ කරගන්න බැරිවුණා” වැනි බැරිකම හංගන වාක්‍ය එහි නොතිබිණ. “යුද්ධය උද්ධමනය, ලෝක ආර්ථික අවපාතය, ඉන්ධන මිල, නිසා ආර්ථික වර්ධනය ඇණහිටියා” වැනි අඳෙීනාවන් ද එහි දක්නට නොවීය.

”අද මෙහෙමයි – ඒත් හෙට හොඳට කමු” වැනි කැරට් අල ද නොතිබිණි. “කටු අත්තේ මල් පිපෙන තුරු ඉන්න” ජාතියේ බොරු බලාපොරොත්තු ද එකක්වත් 2011 අයවැය කතාවේදී අසන්නට නොලැබිණි.
 

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
වක්‍ර බදු නැහැ

”පාන්ගෙඩිය රුපියල් පහකින් පහළට. වැටුප් රුපියල් 5000කින් ඉහළට” කියා ඇහැට පෙනෙන්න යමක් දී දුන් දෙය මෙන් දෙගුණයක් ආපසු ගන්නා වක්‍ර බදු පැණවීම් ද එකක්වත් එහි දකින්නට නොවීය. එහෙයින් මේ අයවැය යෝජනාවේ එක් තැනෙකවත් ලාබ ජනප්‍රියත්වය හා කොළේ වසා ගැසීම් ද නැති බව කෙළින්ම කිව හැකිය.

එසේනම් 2011 අයවැය යෝජනාවේ ඇත්තේ මොනවාද? අපට පෙනෙන්නට මෙහි තිබෙන්නේ එකම එක් දෙයක් පමණි. එනම් හැකිකමය. මෙතෙක් කල් අයවැය කතාවලදී බැරිකම බොහෝ විට ඔප්නැංවූවා මිස හැකිකම ගැන කතා කෙළේ කලාතුරකිනි. එවැනි අයවැය තනිකරම ඉලක්කම් සෙල්ලමක් මිස රටට හා ජනතාවට හෙට ගැන බලාපොරොත්තුවක් ඇති කෙළේ නැත. එහෙත් 2011 අයවැය කතාවේ සතුව වචනයක්, වාක්‍යයක් පාසාම අප නම් ග්‍රහණය කර ගත්තේ හැකිකම පිළිබඳ අව්‍යාජ විශ්වාසයයි. සෑම තරාතිරමක පුද්ගලයන් හා සෑම ක්‍ෂේත්‍රයකම හැකිකම පිළිබඳ ආත්ම ශක්තිය හා අනාගතය පිළිබඳ සුබවාදී තිර දැක්ම ඔප් නංවා ඇත්තේය. ‘ත්‍රස්තවාදය ජය ගත් ශ්‍රී ලංකාව දැන් ආර්ථිකය ජයගනිමින් සිටින්නේය’ යනුවෙන් අන්තර්ජාතික ජනමාධ්‍ය 2011 අයවැය කතාව ප්‍රචාරය කෙළේ ප්‍රවෘත්ති නැතිවාට නොවේ.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා දෙවැනි වරටත් ජනාධිපති ධූරයේ දිවුරුම් දීමෙන් පසුව ඉදිරිපත් කළ අයවැය කතාව ඇමෙරිකාවේ “වෝල් ස්ට්‍රීට් ජර්නල්” පුවත්පතේ සුවිශේෂි අවධානය දිනා ගත්තේ ද නිකමට නොවේ.ර්‍ථඹ්ර්‍ණ 420 යටතේ ඇමෙරිකාවේ මුහුදට දමන අතිරික්ත තිරිඟු පිටි සහනාධාරයෙන් යැපෙන තුන්වැනි ලෝකයේ දූපතක් ලෙස කලක් ගත කළ ශ්‍රී ලංකාව වැනි රටක ආර්ථිකය දෙස මෙබඳු පුවත්පත් එදා නිකමටවත් ඇස් ඇරියේ නැත. එහෙත් අද ලොව සුප්‍රකට හා බලවත් ජනමතයක් ගොඩනැඟිය හැකි වෝල් ස්ට්‍රීට් ජර්නල් වැනි අන්තර්ජාතික පුවත්පත් ශ්‍රී ලංකාව දෙස බලන්නේ පෙර නොබැලූ ඇසකිනි.

බී.බී.සී., රොයිටර් හා තවත් විදේශ ප්‍රවෘත්ති සේවා සහ වෙබ් අඩවි මඟින් ජනාධිපතිතුමාගේ 2011 ආර්ථික දැක්ම හා යෝජනා පිළිබඳව පුළුල් ප්‍රචාරයක් ලබාදී තිබිණි. ශ්‍රී ලංකාවේ ආර්ථිකය හා අයවැය යෝජනා සම්බන්ධයෙන් මෙතරම් ලෝක අවධානයක් එල්ල වූයේ ඉතිහාසයේ ප්‍රථම වරට විය යුතුය. අයවැය කතාවෙන් පසුව ඉන්දියාවේ සුප්‍රකට හින්දු පුවත්පත හා තවත් ප්‍රකට පුවත්පත් හා වෙබ් අඩවි ගණනාවකින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ඉදිරි ආර්ථික දැක්ම පිළිබඳ ප්‍රකාශයන්ට පුළුල් ප්‍රචාරයක් ලබා දුන්නේය.
 

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
ඉන්දියාවෙන් සංවර්ධන සහන

ඊට අමතර කරුණක් වශයෙන් මේ අතරවාරයේ ඉන්දීය විදේශ ඇමැතිවරයා ද මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙයි. ඔහු ශ්‍රීී ලංකාවට පැමිණියේ තවත් සංවර්ධන ප්‍රතිලාභ රැසක් රැගෙන බැව් අසන්නට ලැබිණි. 2011 අයවැය සම්බන්ධයෙන් අන්තර්ජාතික තත්ත්වය එසේ වෙත්දී ශ්‍රීී ලංකාවේ ප්‍රකට දේශීය ව්‍යාපාරිකයෝ හා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය ද හැරෙන තැපෑලෙන් ප්‍රතිචාර පළ කළහ. ඔවුහු නොපැකිලව 2011 අයවැය යෝජනා ද අගය කළහ.

මහාපරිමාණ ව්‍යාපාරිකයාගේ් සිට ජීවිතයේ සැඳෑ සමය ගතකරන විශ්‍රාමිකයා ද එකවිට සතුටු කිරීම අසීරු කරුණක් විය හැකිය. එහෙත් මේ දෙදෙනාම කලක් තිස්සේ විඳෙව්වේ එකම ප්‍රශ්නයක් නිසාය. ඒ මෙරට පවතින ‘බදු ජංජාලයයි’. එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බදු ක්‍රමයක් නොව බදු ජංජාලයකි. මේ බදු ජංජාලයට පැටලී විඳවන්නෝ අන්තිමට කියන්නේ ‘බුදු අම්මෝ’ කියාය. එය ඒ තරමටම අපලයක් වී තිබිණ. රැකියා උත්පාද කරන, රටට විදේශ විනිමය ගෙනෙන ආයෝජකයෝ අනවශ්‍ය බදු බර නිසා සීමිත වූහ. ජීවිතයේ සැඳෑ සමයේදී බොහෝ දෙනට ඉතිරි වන්නේ විශ්‍රාමික පාරිතෝෂිකය හෝ අර්ථසාධකය පමණි. ඒ අර්ථසාධකයටත් බදු පනවා තිබිණි.

රුපියල් ලක්ෂ දෙකතුනක් ඉතිරි කිරීමේ ගිණුමක දමා ලැබෙන බැංකු පොලියෙන් යැපෙන අයද වෙති. ඔවුන් මතද බද්දක් පනවා තිබුණේය. දැන් ඒ සියලු බදු අපල අහවරය. පෞද්ගලික අංශයට ලබාගත හැකි උපරිම සහනය නම් අර්ථසාධකය මත පණවා තිබූ බදු ඉවත් කිරීම බව කැල්ටෙක්ස් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි කිෂූ ගෝමන් මහතා ප්‍රසිද්ධියේ කියා සිටියේය. 2011 වසර වෙනුවෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඉදිරිපත් කළ අයවැය යෝජනාවේ නිහඬ විප්ලවයක් ලෙස සැලකිය හැක්කේ මෙරට බදු අපලය ඉවත් කිරීම බව අවිවාදයෙන් සඳහන් කළ හැකිය.
 

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
බදු අඩු කරනවා

”.... අපේ කර්මාන්තකරුවන්ට අන්තර්ජාතික මට්ටමේ නිෂ්පාදනවලට අවතීර්ණ වීමට අවශ්‍ය තාක්ෂණය ලබාගත හැකි වන සේ ආනයනය කරනු ලබන යන්ත්‍රෝපකරණ හා අමුද්‍රව්‍ය සඳහා තීරු බදු හා අනෙකුත් බදු අඩු කිරීමට ද මා යෝජනා කරනවා. තුන්වෙනුව ශ්‍රී ලංකාවේ පේටන්ට් බලපත්‍ර ලබා ගත් සියයට 65 ට වඩා දේශීය අගය එකතු කිරීම් සහිත ශ්‍රී ලංකා වෙළෙඳ නාම යටතේ වන අපනයන කර්මාන්ත සඳහා සියයට 15 සිට සියයට 10 දක්වා අඩු අනුපාතයක ආදායම් බද්දක් අය කිරීමට මා යෝජනා කරනවා. හතර වෙනුව සාමාන්‍ය අපනයන දිරිමත් කිරීම සඳහා සියලු අපනයන සමාගම්වල ආදායම් බදු සියයට 15 සිට 12 දක්වා අඩු කරනවා. ලාබ මත අඩු කරන ආදායම් බදු ප්‍රමාණය සියයට 35 සිට 28 දක්වා අඩු කිරීමට යෝජනා කරනවා...”

”.... සංචාරක සහ ඊට අදාළ ව්‍යාපාර කටයුතුවල ආදායමින් අය කරනු ලබන බදු සියයට 15 සිට 12 දක්වා අඩු කිරීමටත් මා යෝජනා කරනවා. ඒ වගේම මගී ප්‍රවාහනය සඳහා යොදා ගන්නා වාහනවල තීරු බදු හා බදු සියයට 25 කින් අඩු කිරීමටත් මා යෝජනා කරනවා. පරිසර හිතකාමී සංචාරක කටයුතු දිරි ගැන්වීම් සඳහා ගෙන්වනු ලබන විද්යුත් හා විද්යුත් ඉන්ධන වාහන නිෂ්පාදන බදු හා වැට් බදුවලින් නිදහස් කරනවා. රට තුළින් සොයා ගත නොහැකි නවීකරණය හා පුළුල් කිරීම සඳහා යොදා ගන්නා යන්ත්‍රෝපකරණ සඳහා වැට් බදු හා රේගු බදු අඩු කිරීමට ද මා යෝජනා කරනවා. සංචාරකයින් හා දේශීය පාරිභෝගිකයන් සඳහා සාප්පු සවාරි ජනපි‍්‍රය කරවීම පිණිස දැනටමත් මා නමගිය වෙළෙඳ භාණ්ඩවල ඉහළ බදු අය කර තියෙනවා...”

දායකත්වය වැඩි කිරීම

”ගරු කතා නායකතුමනි,... අපේ සංවර්ධන ව්‍යායාමයට අපේ බැංකු හා මුල්‍ය ආයතනවලින් ලැබෙන දායකත්වය වැඩි කළ යුතුයි. අඩු පොලී මට්ටම් පවත්වා ගැනීම් සඳහා කරනු ලබන වෑයම දිගටම පවත්වා ගත යුතුයි. ජනතාව බැංකු හා මුල්‍යායතනවලට සමීප වීම දිරි ගැන්විය යුතුයි. ඒ නිසා ගනු දෙනුකරුවන් බැංකුවලින් මුදල් ආපසු ලබා ගැනීමේදී අය කරන හර බදු ඉවත් කිරීමට මා යෝජනා කරනවා. ඒ නිසා කිසිම බද්ධක් මුදල් ආපසු ගැනීමේදී ජනතාව ගෙවිය යුතු නැහැ...”

”... එසේම මුල්‍ය සේවා මත සපයා ඇති සියයට 20 ක් වූ වැට් බද්ද සියයට 12 දක්වා අඩු කිරීමට යෝජනා කරනවා. තවදුරටත් බැංකු හා මුල්‍ය ආයතනවල ලාබ මත අය කරන සියයට 35 ක්වු බද්ද සියයට 28 දක්වා අඩු කිරීමට යෝජනා කරනවා.”

”... කලාපයේ හොඳම පුද්ගලික ආදායම් බදු ව්‍යුහයක් පවතින රට බවට ශ්‍රී ලංකාව පත් කිරීමටත් මා බලාපොරොත්තු වෙනවා. ඒ අනුව පුද්ගල ආදායම් මත සියයට 5 සිට 35 දක්වා පවත්නා බදු අනුපාත සියයට 4 සිට 24 දක්වා අඩු කිරීමට මා යෝජනා කරනවා. එසේම නිදහස් බදු සීමාව රුපියල් ලක්‍ෂ 3 සිට 5 දක්වාත් වැඩි කිරීමට යෝජනා කරනවා. මෙය නේවාසික නොවන ශ්‍රී ලාංකිකයන් සඳහා ද ලබා දෙනවා. මින් ඉදිරියට ඉහළ බදු අනුපාත ගැන අපේ වෘත්තිකයන් කනස්සල්ලට පත් විය යුතු නැහැ...”

”ගරු කතානායකතුමනි... උපයන විට ගෙවීම් කරන මැදි ආදායම් ලැබෙන රැකියාවන් කරන අයටත් සරල බදු ක්‍රමයක් අවශ්‍යයි. එබැවින් වසරකට රුපියල් ලක්‍ෂ 6 ක් (මසකට 50,000 ක්) උපයන සියලු සේවා නියුක්තිකයන් උපයන විට බදු වලින් නිදහස් කරනවා. ලක්‍ෂ 6 කට වඩා උපයන සේවා නියුක්තිකයන්ට අදාළ වන්නාවූ බදු අනුපාතිකයද උපරිමය සියයට 24 කට යටත්ව අඩු වනු ඇත.”

”ගරු කතානායකතුමනි - පොලී ආදායම් මත බදුවල බදු නිදහස උපරිමය ලක්‍ෂ 3 සිට 5 දක්වා වැඩි කිරීමට මා යෝජනා කරනවා... සේවක අර්ථ සාධක අරමුදල් ආදායම අවස්ථා තුනකදී දැනට බදුවලට යටත් වෙනවා. මම හිතනවා එය වැරදි දෙයක් කියා... එබැවින් අර්ථ සාධක අරමුදලින් ලබා ගන්නා මුදල් ආදායම් බදුවලින් නිදහස් කිරීමට මා යෝජනා කරනවා...”
 
Last edited:

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
බදු ප්‍රතිසංස්කරණයක්

බදු ප්‍රතිසංස්කරණයක්

යට දැක්වුණේ 2011 අයවැය කතාවේදී මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා සඳහන් කළ උධෘත කිහිපයකි.

”.... දැනට පවතින බදු ක්‍රමය ඉතා සංකීර්ණ, ඉතා ඉහළ බදු අනුපාත ඇති සහ පටු බදු පදනමක පවතින බව අපි කවුරුත් පිළිගන්නවා. එබැවින් පුළුල් බදු ප්‍රතිසංස්කරණයක් සිදුවිය යුතු යැයි මා යෝජනා කරනවා යැයිද” එතුමා තම කතාවේදී පැවසීය. බදු අපලය සදහටම තුරන් කැර දැමීමේ යාතු කර්මයක් ලෙස 2011 අයවැය යෝජනා ඉතිහාස ගත වන්නා සේම එය සමාජයේ ලොකු කුඩා සියලු දෙනා පීඩාවට පත් කළ බරකින් නිදහස් කිරීමක් ලෙසත් අවිවාදයෙන් සඳහන් කළ හැකිය.

ජනාධිපතිතුමා යෝජනා කළ ආකාරයට බදු සහන තවත් ක්‍ෂේත්‍ර ගණනාවක් කරා විහිදෙයි. මැණික්, විසිතුරු මල් වගාව පමණක් නොව ත්‍රිරෝද රථයක් පදවා දෛනික ජීවනෝපාය සරිකර ගන්නා අයටත් ස්වයං රැකියාවල යෙදෙන අයට පවා ඒ සහනය අත්වෙයි. මෙවැනි දූරදර්ශී හා තිරසාර විසඳුම් දී ඇති විටෙක පාන් රාත්තල ගැන කතා කිරීම තරම් තවත් විහිළුවක් තිබේද කියාත් විමසිය යුතුය. ජීවන වියදම පාන් රාත්තලෙන් මනින එජාපය හා එහි ඊනියා ආර්ථික විශේෂඥයින් තවමත් පාන් රාත්තලෙන් එළියට ඒමට නොහැකිව සිටින බව පමණක් ඉන් මොනාවට ඔප්පු වෙයි.

ඇත්තෙන්ම 2011 දී නිහඬ විප්ලවයකට මුල පුරමින් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා බදු බර ඉවත් කොට ඇත්තේ රටේ ආර්ථිකයේ හා ජනතාවගේ සුබ සිද්ධිය තකාය. ඒ සහනය මහ පරිමාණ ආයෝජකයාගේ සිට විශ්‍රාමිකයා දක්වා පුළුල් පරාසයක ගලා යයි.

එහෙත් අද මේ අයවැය අන්ධයින් දුටු අලියා වැනිව තමන්ට දැනෙන දැනෙන හැටියට විවේචනය කරන එජාපය 2001 සිට 2004 දක්වා කළ කී දේත් අමතක කළ යුතු නැත. ලෝක ඉතිහාසයේ ’සුදු කර පටි වංචා’ අතර එ.ජා.ප ආණ්ඩු කාලයේදී කළ මහා වැට් බදු වංචා කැපී පෙනෙයි. ඔවුන් සමෘද්ධි, පොහොර වැනි මහජන සහන කපමින් ඊනියා බදු සමා පනත නම් කුප්‍රකට වංචාව හරහා රුපියල් බිලියන ගණනක මහජන මුදල් වංචා කෙළේය.

කැසිනෝ බද්ද

වත්මන් ආණ්ඩුව කැසිනෝ ව්‍යාපාරිකයෙකු ගෙන් එක් කාර්තුවකට රුපියල් ලක්‍ෂ 500 ක බද්දක් අය කරයි. එහෙත් එජාපෙ ආණ්ඩුව ඒ වනවිට කැසිනෝ සඳහා තිබූ රුපියල් ලක්‍ෂ 250 බද්ද රුපියල් ලක්‍ෂ 5 දක්වා අඩු කෙළේ “රෙජිනෝ” නම් අලුත්ම සූදුවක් ඉදිරිපත් කරමිනි. ඒ ආකාරයෙන් නැවත මහජන මුදල් වංචා කළ එජාපෙ බදු සහන දුන්නේ රට හදන හා රටේ ජීවත්වන ජනතාවට නොව පල් හොරුන්ටය. එදා අද වෙනස තේරුම් ගැනීමට මේ නිදසුන පමණක් ප්‍රමාණවත්ය.

“කටු අත්තේ මල් පිපෙන තුරු ඉන්න” යැයි කියමින් එදා රනිල් වික්‍රමසිංහ මහතා සහ ඔහුගේ සුපිරි ආර්ථික විශේෂඥයින් රජයේ රැකියා දොර වසා දැම්මේය. දුම්රිය, රේගුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රාජ්‍ය බැංකු පවා විකිණීමට පිඹුරුපත් සකස් කෙළේය. එදා ඊනියා සටන් විරාම ගිවිසුම නිසා යුද්ධයක් නොතිබු මුත් ගමක පාරක් - බෝක්කුවක් හැදුණේ නැත. කොටින්ම කිවහොත් අන්තර්ජාතික වැඩ කාරයන් නහුතයක් සිටි එජාපෙ ආණ්ඩුවෙන් රටට වගතුවක් අත් වූයේ නැත. ඇත්තෙන්ම අද ඔවුන් කළ යුතුව තිබෙන්නේ වැරදුණු තැන් හඳුනා ගෙන මහින්ද චින්තන ඉදිරි දැක්මෙන් ඉගෙන ගැනීමට උත්සාහ දැරීමය.

එහෙත් වාචාලකම දේශපාලනය බවට පත් කර ගත් විට මොනවා හෝ කීම මිස ඇත්ත ඇති හැටියෙන් දැකීම දුෂ්කර වනවා විය හැකිය. අද එජාපය හා ජවිපෙ 2011 අයවැය ගැන කරන පුස් විවේචන අහසේ පාවෙන්නේ මහජනතාවගේ ඉහට උඩිනි. මොකද ඒවායේ කිසි බරක් හෝ හරයක් නැති හෙයිනි. ඒක පුද්ගල ආදායම වසර පහකදී දෙගුණ විය. රැකියා වියුක්තිය පහත වැටිණ. තවත් 15,000 කට පමණ ළඟදීම රජයේ රැකියා ලැබෙයි. ආර්ථික වර්ධන වේගය සියයට 8 ඉක්ම යන්නේය.

විදේශ සංචිත ඉතිහාසයේ විශාලතම වටිනාකමට උරුමකම් කියන්නේ ය. විපක්ෂය අයවැයට එරෙහි වන්නේ නම් පිළිගත හැකි සංඛ්‍යා ලේඛන හා තර්ක මඟින් ඊට අවතීර්ණ විය යුතු ය. එහෙත් ඔවුන් කෙතරම් බංකොළොත් දැයි පෙනෙන්නේ අයවැය ගැන කියන කතා “මල්ලේ පොල්” වැනි තර්ක බවට පත්ව තිබීම නිසාය. මෑතකදී එජාපයෙන් පාර්ලිමේන්තුවට පත් කළ ආර්ථික විශේෂඥයෙක් අයවැය විවේචනය කරන්නට යොදා ගත්තේ පාන් ය. ඔහු කියන හැටියට ජනතාව පාන් කෑම අඩු වී ඇත. එහෙනම් ආර්ථික වර්ධනයක් කොයින් ද? මෙවැනි විකාරවලට ජනමාධ්‍යවලින් ඉඩදීමත් අපරාධයකි.
 

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
අපේ හැකිකම ප්‍රදර්ශනය කිරීමක්

බදු බරවලින් රට නිදහස් කැර ගැනීමක් පමණක් නොව ජනාධිපතිතුමා මෙරට ජනතාවගේ සමාජ ආරක්ෂණය කෙරෙහි ද ඉතිහාසයේ ප්‍රථම වරට සහෘද දැක්මක් පළ කොට ඇත. එනම් සෑම වැසියකුටම විශ්‍රාම වැටුපක් ලබා දීමේ වෑයමයි. එයට විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ද ඇතුළත්ය. එවැනි සමාජ සුරක්ෂිතතාවක් හා දුර දැක්මක් සහිත 2011 අයවැය මෙරට ඉතිහාසයේ ඉදිරිපත් වූ අනාගතවාදී අයවැය බවට පත්වනු නිසැකය. රට හා ජනතාව අනාගතයට ගෙන යන අයවැයක් ඉදිරිපත් කිරීම වචන හා ඉලක්කම් හරඹයක් නොවේ.

මුලින් කී පරිදිම ශ්‍රී ලංකාව අනාගත ලෝකයේ පසුවන්නේ කවර ස්ථානයක ද යන බව 2011 අයවැය කතාවේදී ජනාධිපතිතුමා කළ සෑම ප්‍රකාශයකින්ම තහවුරු කෙරෙයි. මෙය අපේ හැකිකම මත පූර්ණ විශ්වාසය තබා ඉදිරිපත් කළ අනාගතවාදී ආර්ථික දැක්මක් වන්නේ එහෙයිනි. රනිල්; මැජික් බලයෙන් “කටු අත්තේ මල් පිපෙනතුරු ඉන්න කීවා” වැනි බොරු කතා බොරු සිහින එකක්වත් 2011 අයවැයේ නැත. ඉකුත් වසර පහේදී කළ මහා පෙරළිය අපේ දෑස් අබිමුව පෙනෙන්නට හා ඒවායේ ප්‍රතිඵල ඇඟට දැනෙමින් තිබියදී මහින්ද චින්තන ඉදිරි දැක්ම මත 2011 අයවැය යෝජනා ඉදිරිපත් කෙරිණ.

එමඟින් රටේ මහත් සංවර්ධන හා ආර්ථික පෙරළියකට මුල පුරනු ඇති බවත් නිසැක ය. බදු අපලයෙන් රටත් ජනතාවත් නිදහස් කර ගැනීමෙන් ජනාධිපතිතුමා තවත් සැඟවුණු ත්‍රස්තවාදයක් අවසන් කොට ඇත. ඒ හැකිකමේ මහිමයයි. ඒ හැකිකම නොතිබුණේ නම් බදු අපලය මෙසේ අවසන් වන්නේ ද නැත. 2011 අයවැය යෝජනා සම්බන්ධයෙන් අපගේ පිරිස් ඇදගන්නා අංශ තවත් ගණනාවක් තිබෙන මුත් ඒ සියල්ල අභිබවා කැපී පෙනෙන්නේ ශ්‍රී ලංකාව හැකියාව ඇති රටක් බව ආර්ථික යුද්ධය පැත්තෙන් ද පෙන්නුම් කිරීමය. 2011 අයවැය ශ්‍රී ලංකාව ලෝකයටම මුල් වරට තම හැකිකම පෙන්නුම් කළ අවස්ථාවක් බවට පත් වීමත් නොවැළැක්විය හැකි ය.
 

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
ane huke nannane. oka gana kawda buruwo hoda kiyanne??? tho witharaine


සාමයේ සැබෑ ප්‍රතිලාබ ගෙන දුන්නා - වෝල්ස්ට්‍රීට් ජර්නල්

වසර 19 කට පසු අඩුම අයවැය හිඟය - රොයිටර්

බදු ප්‍රතිසංස්කරණ මඟින් සංවර්ධන ඉලක්ක කරා යනවා - බී.බී.සී.


" ශ්‍රී ලංකාවට උදා වූ සාමයේ සැබෑ ප්‍රතිලාභ රටට ලබා දෙමින් ආර්ථික සංවර්ධනය අතින් මනා නායකත්වයක් ලබා දීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ක්‍රියා කරමින් සිටින බැව් 2011 අයවැය යෝජනා පිළිබඳ අගය කරමින් අන්තර්ජාතික ජනමාධ්‍ය ආයතන පවසයි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ සුප්‍රකට වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත 2011 අයවැය යෝජනා පිළිබඳව සුවිශේෂ අවධානයක් යොමු කරමින් වාර්තා කැර තිබුණේ ජනතා වුවමනාවන් ඉටුවන පරිදි රටේ ආර්ථිකය නිසි මඟට යොමු කිරීමට ජනාධිපතිතුමා සමත්ව සිටින බවයි. ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් අනතුරුව, දෙවැනි ධුර කාලයේ වැඩ ආරම්භ කරමින් ජනාධිපතිතුමා ඉදිරිපත් කළ 2011 අයවැය යෝජනා මඟින් සාමයේ නියම ඵල නෙළා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වනු ඇති බවත් ය.

රොයිටර් පුවත් සේවය වාර්තා කැර තිබුණේ වසර 19 කට පසුව අවම අයවැය හිඟය සහිත අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සමත්ව සිටින බවයි. මේ අතර ලෝක ප්‍රකට බී. බී. සී. ප්‍රවෘත්ති සේවය ලොව පුරා ප්‍රමුඛ ප්‍රවෘත්තියක් ලෙස වාර්තා කැර තිබුණේ බදු ප්‍රතිසංස්කරණ ඔස්සේ සංවර්ධන ඉලක්ක කරා ළඟා විය හැකි සාර්ථක අයවැයක් ඉදිරිපත් කර ඇති බවයි.

මේ අතර වොෂිංටන් නුවර පදනම් කර ගත් අයවැය සමීක්ෂණ සංවිධානයක් විසින් ඉකුත් දා වාර්තා කරනු ලැබුවේ දකුණු ආසියාවේ ඉහළටම නැඟී එන හා විනිවිදභාවයකින් යුත් අයවැය ලේඛන අතර 2011 අයවැය ලේඛනය මුල් තැනක් ගන්නා බවයි. මේ ගෝලීය සමීක්ෂණය අනුව ලකුණු 67 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව හා ඉන්දියාව විවෘත අයවැය දර්ශකයේ ඉහළ ශ්‍රේණිගත කිරීමකට ලක්ව ඇත. 2006 වසරේ සිට ම ශ්‍රී ලංකාව විනිවිද භාවයකින් යුත් අයවැය ලේඛන ඉදිරිපත් කිරීමෙන් ප්‍රසාදයට ලක්ව ඇති බවත් එම ගෝලීය සමීක්ෂණ වාර්තාව තව දුරටත් පෙන්වා දෙයි.

මීට අමතර වශයෙන් ජගත් මූල්‍ය ආයතන, ප්‍රකට ආයෝජකයන්, සහ දේශීය සමාගම්කරුවන් ද, ලංකා වාණිජ මණ්ඩලය ද 2011 අයවැය ලේඛනය පිළිබඳව ප්‍රසාදය පළ කළහ. "
 

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
මේක දාපන් විහිලු section එකේ. :P:rofl:

fonseka gana monawa hari liyala dannam wihilu eke :D

wasara 19 kata passe genapu aya waya parathare aduma ayawaya meka

Rate anagathaya gana hithala genapu ekak

Perothayonge badawal purawala rata sanwardanaya karanna baha

molayak thiyenawanam hithala balapan
 

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    fonseka gana monawa hari liyala dannam wihilu eke :D

    wasara 19 kata passe genapu aya waya parathare aduma ayawaya meka

    Rate anagathaya gana hithala genapu ekak

    Perothayonge badawal purawala rata sanwardanaya karanna baha

    molayak thiyenawanam hithala balapan

    උඹ කොහොමත් ෆොන්සේකාට කැමතිනේ. එකනේ ඔච්චර ෆොන්සේකා ගැන වර්ණනා කරන්නේ? :P

    හැම අය වැයක් ආවම උඹලා ඕක උඩ දාගෙන ඉන්නවා. මිනිසුන්ට කිසිම සෙතක් නෑ. සෙත තියෙන්නේ ආණ්ඩුවේම මැති ඇමතිලා හොර සෙට් එකට තමයි. :rolleyes::rolleyes::rolleyes:
     

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    උඹ කොහොමත් ෆොන්සේකාට කැමතිනේ. එකනේ ඔච්චර ෆොන්සේකා ගැන වර්ණනා කරන්නේ? :P

    හැම අය වැයක් ආවම උඹලා ඕක උඩ දාගෙන ඉන්නවා. මිනිසුන්ට කිසිම සෙතක් නෑ. සෙත තියෙන්නේ ආණ්ඩුවේම මැති ඇමතිලා හොර සෙට් එකට තමයි. :rolleyes::rolleyes::rolleyes:

    dan fonseka awanam deyi menna kiyala 10 000 k :lol:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    dan fonseka awanam deyi menna kiyala 10 000 k :lol:

    උඹ මගේ රේප් කැපුවට අවුලක් නෑ. ඔච්චර තමයි උඹලා දන්නේ.. පව් උඹ. :P

    දැන් මෙතන ෆොන්සේකා නෙමේනේ අය වැයක් ගෙනාවේ?:rolleyes:

    උඹලගේ ආණ්ඩුවත් ඔහොම තමයි. කියන්නේ එකක් කරන්නේ තව එකක්. උඹත් එහෙම තමයි. ඔය කියලා තියන අය වැයේ සාමාන්‍ය මිනිසුන්ට කිසිම සෙතක් කියන දෙයක් නෑ. රුපියල් 2500 දෙනකන් උඩ බලාගෙන හිටපු උන්ටත් හොඳ වැඩේ. උඹ ඔය සිළුමිණ පත්තරේ රෝල් කරලා තියාගනින් පස්සට උඹට ප්‍රයෝජන වෙයි.
    :rofl::rofl::rofl::rofl:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    • Like
    Reactions: *maheshi*