ඉදිරි ගමනට අයවැය දෙන ජවය
”මේ අයවැයේ මොනවද තියෙන්නේ?”
විපක්ෂයේ කිහිප දෙනෙක් එසේ අසති. 2011 අයවැයේ කිසිවක්ම නැති බව ඉන් හඟවන්නට තැත් කරයි.
”අයවැයේ මොනවද නැත්තේ?”
ආණ්ඩු පක්ෂය පෙරළා ප්රශ්න කරන්නේ; උපදින්නට සිටිනා දරුවා ගේ පටන් විශ්රාමිකයා දක්වා වූ සියලු දෙනාටම මේ අයවැය හොඳ බවට තර්ක කරමිනි.
එහෙත් මැදිහත් සිතින් බොහෝ අයවැය කතා අසා දැක පුරුදු අපට නම් මේ අයවැයේ ඇත්තේ හා නැත්තේ මොනවාද යනු එක්වරම ඇඟට දැනෙයි. බැරිකම, අඳෙීනාව, ලාබ ජනප්රියත්වය, කැරට් අල හා කොළේ වසාගැසීම් වැනි ගැලවිජ්ජා එකක් වත් 2011 අයවැය කතාවේ කොතැනක වත් දකින්නට නැත.
”අහවල් හේතුව නිසා අහවල් දේ කරගන්න බැරිවුණා” වැනි බැරිකම හංගන වාක්ය එහි නොතිබිණ. “යුද්ධය උද්ධමනය, ලෝක ආර්ථික අවපාතය, ඉන්ධන මිල, නිසා ආර්ථික වර්ධනය ඇණහිටියා” වැනි අඳෙීනාවන් ද එහි දක්නට නොවීය.
”අද මෙහෙමයි – ඒත් හෙට හොඳට කමු” වැනි කැරට් අල ද නොතිබිණි. “කටු අත්තේ මල් පිපෙන තුරු ඉන්න” ජාතියේ බොරු බලාපොරොත්තු ද එකක්වත් 2011 අයවැය කතාවේදී අසන්නට නොලැබිණි.