එළකිරි මචන්ලා, කොමෙන්ට දාලා, බුම්ප් දාලා, රෙප් දීලා මේ නූලට දීපු පට්ටම සහයෝගෙට බොහොමත්ම ස්තුතියි. වෙන වෙනම රිප්ලයි කරන්න බැරි වුනාට සමාවෙන්න කියලා ඉල්ලනවා. මේ නූලෙන් යමක් ඉගෙන ගත්ත නම්, මට සතුටුයි.
ඔව් ඉන්කාවරු ඉතාම භයානක චාරිත්‍ර විධි තිබුනු පිරිසක්. නමුත් ඔවුන්ව ආක්‍රමණය කරපු ස්පාඤ්ඤයන් ඔවුන්ට දස වද දීලයි මැරුවේ. මේ කතාව ලේ වලින් නෑවෙච්ච එකක්. ස්පාඤ්ඤයන් ඉන්කා වරුන්ගේ අවයව කපල (ගැහැණු, පිරිමි දෙපක්ශයේම ), උල් වල ඇනල, ලමයින්ගේ අතපයෙන් අල්ලලා ඉරලා, පොලවෙ ගහලා මැරුවය කියල ඉතිහාසෙ තියෙන්නෙ. බය හිතෙනව කියවනකොටත්. ස්පාඤ්ඤයන් එතරම් පිරිසිඳු නොවීමත්, ඔවුන්ගෙන් වැළඳුනු ලෙඩ වලට ඉන්කාවරුන්ගේ ශරීරයේ ස්වාභාවික ප්‍රතිදේහ නොවීමත් නිසා ඉතිරි වෙච්ච ඉන්කාවරුන් ලෙඩරෝග සහ වසංගත වලින් මැරිල ගිහින් තියෙනව. මහා විශාල ඉන්කා අධිරාජ්‍යය සම්පූර්ණයෙන්ම වැනසිලා ගිහින්.