ඉන්කා රාජධානියේ අවසානය

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
ඉන්කා රාජධානියේ අවසානය

ඉන්කා රාජධානියේ අවසානය

Brooklyn_Museum_-_Manco_Capac,_First_Inca,_1_of_14_Portraits_of_Inca_Kings_-_overall.jpg

ස්පාඤ්ඤ රජුගේ අනු දැනුම මත 1531 ජනවාරි මස සෙබළුන් 180 ක් සහ අශ්වයන් 27 ක් සමග ආයුධ සන්නද්ධව පීරූ ප‍්‍රදේශය ආක‍්‍රමණය කිරීමේ අරමුණින් පිසාරෝ ගමන ආරම්භ කළා. මුලින්ම පීරූ දේශය බලා ගිය ගමන් මාර්ගයට තරමක් පහළින් ගමන් කරන්නට පිසාරෝ තීරණය කළා. පීරූ රටේ අභ්‍යන්තරයටම ගිය ද ඔහුට ඉන්කාවරුන්ව දැක ගන්නට ලැබුණේ නැහැ. තව දුරටත් ඉදිරියට ගමන් කළ පිසාරෝට විශාල වූ ඉන්කා හමුදාවේ ප‍්‍රහාරයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. මේ ප‍්‍රහාරයෙන් පිසාරෝ ගේ හමුදා භටයන් බහුතරයක් මරුමුවට පත් වුණා. එමෙන්ම ඔවුන් සතුව තිබූ ආහාර පානාදිය සියල්ලම ද මාර්ග සිතියම් ද විනාශ වී ගියා. උස්බිමකට නැඟ ඔත්තු බැලූ මොවුන්ට ඉන්කා රාජ්‍යය සතුව විශාල යුද්ධ හමුදාවක් සිටින බව වැටහී ගියා. අතළොස්සක් පමණ සෙබළ පිරිසක් මෙහෙයවා මෙතරම් බලගතු යුද්ධ හමුදාවක් පරාජය කර ඉන්කා රාජධානිය යටත් කර ගැනීම අසීරු බව පිසාරෝට අවබෝධ වුණා.මේ නිසා නැවතත් පැනමාවට පසු බසින්නටයි පිසාරො තීරණය කළේ. පැනමාවට ගිය පිසාරෝ තම හමුදාව නැවතත් ශක්තිමත් කර ගෙන පීරු රටට පැමිණියා. කූට උපක‍්‍රමයකින් ඉන්කාවරුන්ව පරාජය කරන්නටයි පිසාරෝ සැළසුම් කළේ.

peru-inca-empire-macchu-picchu.jpg

ඉන්කාවරුන්ගේ අගනුවරට අශ්වාරෝහක බල ඇණියක් යැවූ පිසාරෝ එහි අධිරාජයාට තමන් හමුවීමට පැමිණෙන ලෙස ආරාධනා කරනු ලැබුවා. අසුන් පිට පැමිණි අශ්වාරෝහකයන්ව දුටු ඉන්කා වැසියන් තරමක් තැති ගත්තා. ඉන්කා අධිරාජයා වන අතහුඅල්පා ද මහත් සේ කැළඹීමට පත් වුණා.

9008096.jpg

පිසාරෝගේ ආරාධනාව පිළිගත් අධිරාජයා පිසාරෝ හමුවට පැමිණියා. මේ වන විටත් සටනට සූදානම්ව සිටි පිසාරෝ ඇතුළු පිරිස ඉන්කාවරුන්ට පහර දෙන්නට වුණා.

132643-004-53B9F149.jpg

මෙවැනි ප‍්‍රහාරයකට මුහුණ දෙන්නට සිදු වෙතැයි සිහිනෙකුදු නොසිතූ ඉන්කාවරුන්ට අන්ත පරාජයකට මුහුණ දෙන්නට සිද්ධ වුණා. ඉන්කා අධිරාජයා ස්පාඤ්ඤවරුන්ගේ අත් අඩංගුවට ගැණුනා.තමන්ගේ අධිරාජයා සිරභාරයට පත්වීමත් සටනින් තම සෙබළ පිරිස් පරාජයට පත්වීමත් නිසා ඉන්කා අධිරාජ්‍යය දෙදරුම් කෑවා. පිසාරෝ ගේ ප‍්‍රධාන සහායකයා වුණු ඇල්මග්රෝ ද තවත් සේනාවක් සමග පැමිණ සිටි නිසා ඉන්කා රාජධානියේ අගනුවර ද තමන්ගේ යටතට පත් කර ගන්නට ස්පාඤ්ඤවරුන් සමර්ථ වුණා.

conquest-of-inca-empire.jpg

ඉන්කා අධිරාජයාව නිදහස් කරන්නට නම් කාමරයක් පුරවන්නට හැකි තරම් රත්රන් සහ රන් භාණ්ඩ වන්දි වශයෙන් ගෙවිය යුතු බවයි පිසාරෝ පැවසුවේ.

4838243516_0a8e626676_z.jpg

රත්රන් ලබා ගැනීමට පිසාරෝ දැක්වූ තෘෂ්ණාව අසීමිත වුණා. ඒ නිසා කෙසේ හෝ රත්රන් ලබා ගන්නටයි ඔහුගේ අභිප‍්‍රාය වුණේ. තමන්ගේ අධිරාජයාට නිදහස ලබා දීමේ අරමුණින් ඉන්කාවරුන් ද තම රාජධානිය පුරා තිබුණු රත්රන් සහ රන් භාණ්ඩ ද රැගෙන පැමිණියා.

A001312.jpg

මෙම රත්රන් තොගය පහසුවෙන් ගෙන යෑමට හැකි වන පරිදි එවා නැවතත් උණුකර රන්පොලු සකස් කෙරුණා. මෙම රත්රන් වලින් පහෙන් එකක් ස්පාඤ්ඤයට යවන ලද බවත්, ඉතිරිවා පිසාරෝ සහ අනුගාමිකයන් විසින් බෙදා හදා ගත් වගත් පැවසෙනවා. ඉන්කාවරුන් වන්දි වශයෙන් පිසාරෝ ඉල්ලූ දේ ගෙනැවිත් දුන්න ද පිසාරෝ නැවතත් ඔවුන්ට කුරිරු වුණා.

tumblr_m7sexgHScP1r2r773o1_r2_1280.jpg

ඉන්කා අධිරාජයා නිදහස් කිරීම ප‍්‍රතික්ෂේප කළ පිසාරෝ ඉන්කා අධිරාජයාව සාහසික ලෙස ඝාතනය කරනු ලැබුවා.

atahualpa-executed-by-francisco-pizarro-1533.jpg

ඔහුගේ මේ සාහසික කි‍්‍රයාව ඔහුගේ ඇතැම් අනුගාමිකයන් පවා අනුමත කළේ නැහැ.ඉන්කා අධිරාජ්‍යයේ අගනුවර වන කැස්කෝ පිහිටියේ මුහුදු වෙරළින් තරමක් ඈතට වෙන්නටයි. ඒ නිසා රටේ අගනුවර වශයෙන් එහි වාසය කරන්නට ස්පාඤ්ඤවරුන් කැමති වුණේ නැහැ. ඔවුන් අගනුවර ලෙසින් තෝරා ගත්තේ මුහුදු වෙරළ අසළ පිහිටි ස්ථානයකි. මෙම නව අගනුවර ලීමා නමින් හැඳින් වූ අතර, එහි පදිංචි වුණු පිසාරෝ එතැන් සිට ඊළඟ වර්ෂ විස්ස පුරාම විවිධ දේශ ගවේෂණ ගමන් සංවිධානය කළා.පිසාරෝ සතුව තිබුණු විශාල ධනස්කන්ධය සහ ඔහු සතුව තිබුණු අසීමිත බලතල නිසා ද ඔහුගේ ප‍්‍රධාන සහායකයා වුණු ඇල්මග්රෝ සිටියෙ නොපහන් සිතකින්. එ් නිසා පිසාරෝ ට එරෙහි විවිධ විරුද්ධවාදිකම් ඇති කළා.

inca_empire_map2.jpg

වර්තමානයේ බොලිවියාව සහ චිලි නමින් හැඳින්වෙන කැස්කෝ නගරයට දකුණින් පිහිටි කඳුවලින් ගහණ ප‍්‍රදේශ ගවේෂණය කර යටත් කර ගැනීමේ අරමුණින් කි‍්‍ර. ව. 1535 දී ඇල්මග්රෝ සේනා සන්නද්ධව ගමනාරම්භ කළා. මුළු දේශ ගවේෂණ ඉතිහාසය දෙස බලන විට මෙම ගමන ඉතා දුෂ්කරවූත්, නිශ්ඵලවූත් ගමනක් ලෙසින් හඳුන්වනට පුළුවනි.හිම මිදෙන ඇන්ඩීස් කඳු වැටි අතරෙන් ද දැඩි හිරු රැසින් දැවෙන චිලි රටේ කාන්තාර මැදින් ද අතර මඟ දී ඉන්දියන්වරු සමග තොරතෝංචියක් නොමැතිව සටන් කරමින් ද ඉදිරියට යන්නට ඇල්මග්රෝට සිද්ධ වුණා. මේ ගමනෙන් බොහෝ පිරිස් මියගිය අතර කිසිදු ලාභ ප‍්‍රයෝජනයක් ද අත් වූූයේ නැහැ. ඇල්මග්රෝ ලීමා නගරයට පැමිණියේ හිස් අතිනි. ධනයෙන් ආඨ්‍යව සිටි පිසාරෝව දුටු ඇල්මග්රෝ ඔහුට තව තවත් ද්වේෂ කරන්නට වුණා.

3214793_orig.jpg

ඉන්කාවරුන්ගේ අධිරාජයාගේ මරණයෙන් පසුව ඔවුන්ගේ රජු බවට පත් වූයේ මන්කෝ ඉන්කා නම් වූවෙක්. ඔහු තම රට වැසියන් පොළඹවා ගෙන ස්පාඤ්ඤවරුන්ට එරෙහිව සටන් කරන්නට වුණා. ඇල්මග්රෝ චිලි රට ගවේෂණය කරන්නට පිටත් වුණු අතර ඔහු ද මේ යුද සමය වන විට කැස්කෝ නගරයට පැමිණ සිටියා. ඉන්කාවරන්ට එරෙහිව සටන්කර කැස්කෝ නගරය තමන් යටතට ගන්නට ඇල්මග්රෝ සමත් වුණා.කැස්කෝ නගරයේ නව ආණ්ඩුකාරවරයා තමා බව හෙතෙම ප‍්‍රකාශයට පත් කළා. දෙපාර්ශවය අතර සටන් ඇවිළ ගියේ මේ සිද්ධියෙන් අනතුරුවයි. එම සටන් වලින් වරෙක පිසාරෝ ගේ පාර්ශවයට ජය අත්වුණු අතර විටෙක ඇල්මග්රෝ පිරිසට ජය අත් වුණා. අන්තිමේ දී ඇල්මග්රෝ සේනාව පරදවා ජයග‍්‍රහණය හිමිකර ගන්නට පිසාරෝ සමත් වුණා. මෙහි දී ඇල්මග්රෝට හිමි වූයේ මරණ දණ්ඩනයයි.පිසාරෝට සිටි ප‍්‍රධාන විරුද්ධවාදියා මරණයට පත්්වුණ ද පිසාරෝට සිටි සතුරන් ප‍්‍රමාණයේ අඩුවක් වූයේ නම් නැහැ. තමන්ගේ නායකයා මරා දැමීම නිසා කෝපයට පත්ව සිටි ඇල්මග්රෝ ගේ පිරිස පිසාරෝගෙන් පළි ගන්නටයි තීරණය කළේ. ඒ අනුව 1541 දිනෙක ලීමා නුවර පිහිටි පිසාරෝගේ වාස භවනට ඇතුළු වුණු මේ පිරිස පිසාරෝ සහ ඔහුගේ කුළුපග අනුචරයන්් ද සාහසික ලෙස ඝාතනය කර දැමුවා.


Francisco-Pizarro-um1540.png

Francisco Pizarro

ඉරූෂා ග්‍රේරෝ​
 

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    මොන්ටෙසුමාගේ දියණිය පොත කියවපන්, මුළු ඉතිහාසයම වගේ කතාවක් විදියට ලියල තියෙනව. නම් ගම් නන් හරිම නොවෙන්න පුළුවන් සිද්ධිය ඇත්ත.
     

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    කාලෙකට පස්සෙ දැකපු හොඳ ත්‍රෙඩ් එකක්



    Rep+++++
     
    • Like
    Reactions: Lewke