ඉන්ටර්නෙට් ගිය Dial Up

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඉන්ටර්නෙට් ගිය Dial Up

    ඉන්ටර්නෙට් කියන දේ අද වෙනකොට අපේ ජීවිත එක්ක ගොඩක් බද්ධ වෙලා. 3G, 4G ඩේටා හෝ WiFi on කරගත්ත ගමන් ඉන්ටර්නෙට් යන්න පුළුවන්. ඒ නිසා අද වෙනකොට අවශ්‍යය වුණාම ඉන්ටර්නෙට් ගිහින් අපිට අවශ්‍යය තොරතුරු ලබා ගන්න එක හරිම සරල මෙන්ම පහසු දෙයක් බවට පත්වෙලා.
    XRXL6RBZ5MSiwmen_1.jpg

    WiFi on කළා, ඉන්ටර්නෙට් ගියා. (meshworld.in)කොහොම නමුත් ඔබ ටිකක් වයසින් වැඩි කෙනෙක් නම් අතීතයේ ඉන්ටර්නෙට් පාවිච්චිය කෙසේ වෙතත් ඉන්ටර්නෙට් එකට සම්බන්ධ වෙන එකත් මොන තරම් අපහසු දෙයක් වුණා ද කියලා මතක ඇති. පාවිච්චි කරපු වැඩි දෙනෙකුට අප්‍රසන්න අත්දැකීම් බොහොමයක් ලබා දුන්නු දෙයක් වුණත් ලෝකය පුරාම ඉන්ටර්නෙට් එකේ වර්ධනයට ලොකු තල්ලුවක් ලබා දුන්නු Dial Up ඉන්ටර්නෙට් තමයි ඒකට හේතුව. ඉතින් ඒ ගැන ආපහු මතක් කරන්න වගේම ඒ ගැන අත්දැකීම් නැති අලුත් පරම්පරාවට ඒ ගැන කියන්නත් ගන්න පුංචි උත්සාහයක් මේ.
    Dial Up දක්වා ආ මඟ

    ලෝකයේ සන්නිවේදන දියුණුව ගැන හිතලා බලනකොට මුලින්ම බිහිවුණු සුවිශේෂී ක්‍රමය වුණේ තැපැල් සේවාව. ඊට පස්සේ ආපු විදුලි පණිවිඩ යැවීමත් සන්නිවේදන දියුණුවේ සන්ධිස්ථානයක් වුණේ ලෝහ කම්බියක් හරහා පහසුවෙන් පණිවිඩ යවන්න පුළුවන් වීම තුළින්. මේ විදිහටම කම්බි හරහා කටහඬ සම්ප්‍රේෂණය කරන්න පුළුවන් දුරකථන තාක්ෂණය බිහිවීම අද වන තෙක් සන්නිවේදනයේ සිදුවුණු සුවිශාලම පෙරළියක් කියලා හඳුන්වන්න පුළුවන්.
    Qf6R4TmQAaNSyOik_2.jpg

    සන්නිවේදන තාක්ෂණයේ සැබෑම පෙරළියක් කළේ දුරකථනය සොයාගැනීම යි. (gettyimages.com)දුරකථන තාක්ෂණයේ දියුණුවත් එක්ක දුරකථන රැහැන් ඇදීමත් වේගයෙන් පැතිරී ගියා. මේ නිසාම ජාලකරණය ගැන මුල්ම පර්යේෂණ සිද්ධවෙන කාලය වන විටත් බොහෝ තැන් සම්බන්ධ කරපු දුරකථන ජාලයක් තිබුණා. ඉන්ටර්නෙට් යන්න වෙනම රැහැන් ජාලයක් අලුතෙන් හදනවා වෙනුවට මේ දුරකථන ජාලයම භාවිත කරන එක වඩා හොඳ දෙයක් බව කාටත් තේරුම් ගියා. ටොම් ටෘස්කොට් සහ ජිම් එලිස් නිර්මාණය කරපු Usenet එක මේ වැඩේ සාර්ථකව සිදුකළ මුල්ම අවස්ථාව ලෙස සැලකෙනවා.
    දුරකථන ඇමතුමක් අරගෙන කතා බහ කරලා තොරතුරු හුවමාරු කරගන්න විදිහටම අන්තර්ජාලයට සම්බන්ධ වීමේ හැකියාවක් ලැබීම ඉන්ටර්නෙට්, ඊමේල් ඇතුළු වෙබ් සේවා මුළු ලෝකයටම පැතිරී යාමේ මුල්ම පියවර බවට පත් වුණේ usenet තාක්ෂණයේ වැඩි දියුණුවක් වුණු Dial Up ඉන්ටර්නෙට් තුළින්.
    දුරකථන ඇමතුමක් අන්තර්ජාල සම්බන්ධතාවක් කරගන්න හැටි

    දුරකථන හරහා කතා බහ කිරීම තුළින් සිදුවන්නේ අපි කතා කරන දේ මයික්‍රොෆෝන් එකක් හරහා විදුලි සංඥාවක් බවට හරවලා එය අනෙක් දුරකථනයේ රිසීවරයේ ඇති ස්පීකරයට යවා අපෙ හඬ නැවත උත්පාදනය කරන එක යි. මෙය එකවර දෙපැත්තටම කරන්න පුළුවන් (Full Duplex) පහසුව තිබෙනවා නම් කෙනෙක් එක්ක මුහුණට මුහුණ කතා කරනවා වගේම ලෝහ කම්බියක් තුළිනුත් කතා කරන්න පුළුවන් වෙනවා.
    Movih0FUvWD5pSWK_3.jpg

    දුරකථන රිසීවරයේ කාර්යභාරය විදුලිය හඬ බවට හැරවීම සහ හඬ විදුලිය බවට හැරවීම යි. (instructables.com)අන්තර්ජාලය ක්‍රියාත්මක වෙන්නෙත් මීට සමාන ක්‍රමයකින්. දත්ත විදුලි සංඥා බවට පත් කරන්න පුළුවන් නිසා ඒවාත් දුරකථන රැහැන් හරහා යවන්න, ගෙන්වා ගන්න හැකියාව තියෙනවා. මෙයත් දෙපසටම කරන්න පුළුවන් වුණාම දුරකථන ජාලයක් හරහා අන්තර්ජාල සම්බන්ධතාවක් ගොඩනගා ගන්න කිසිම බාධාවක් නැහැ. මෙහි දී තව කෙනෙක් එක්ක දුරකථනයෙන් සම්බන්ධ වෙනවා වගේම සර්වරය හා තමන්ගේ පරිගණකය අතර සම්බන්ධතාවක් හදාගෙන ඒ හරහා කතා කරනවා මෙන්ම තොරතුරු හුවමාරු කෙරෙනවා.
    Dial Up ක්‍රමයට ඉන්ටර්නෙට් යනකොට භාවිත වෙන්න‍ෙත් මේ මූලික පදනම යි.
    Dial Upවල වාසි

    Dial Up ක්‍රමයේ තිබුණු සුවිශාලම වාසිය වුණේ ඒ වන විටත් තිබුණු දුරකථන රැහැන් ජාලය ප්‍රයෝජනයට ගන්න තිබුණු හැකියාව. තමන්ගේ ගෙදර ටෙලිෆෝන් එකක් තිබුණා නම් ඉන්ටර්නෙට් ලබාගන්න හැකියාව තිබුණා. මේක පරිගණකයට සම්බන්ධ කිරීම සඳහා Modem එකකුත්, අවශ්‍යය සැකසුම් කරගන්න විධානත් පමණ යි අවශ්‍යය වුණේ. මේ වැඩේ පහසුවෙන් කරගන්න ඉඩ සැලැස්වූ වැඩසටහන් සහිත CD ඒ කාලේ හරිම ජනප්‍රිය වී තිබුණා.
    UKBxZqzdSRSgCsUb_4.jpg

    (thegimp.org)මේ පහසුව අන්තර්ජාලය විශාල වශයෙන් ව්‍යාප්ත වෙන්නත් හේතු වුණා. ඊමේල් වගේ සේවා ලබා ගන්නත් අන්තර්ජාලය හරහා පුළුවන් වීමත් එක්ක ලෝකය පුරාම සන්නිවේදන තාක්ෂණයේ ලොකු දියුණුවක් ඇති වුණා. අන්තර්ජාලය හරහා chat කරන්න ඉඩ සලසන chat room සහ IM සේවා ජනප්‍රිය වෙන්න ගත්ත‍ෙත් මේ හරහා.
    Dial Upවල අවාසි

    Dial Upවල වැඩියෙන්ම තිබුණේ අවාසි. මේවාට හේතු වුණේත් මේ විදිහට දුරකථන ජාලයන්ම පාවිච්චි කරපු එක යි. කටහඬ යවන්න තරම් දුරකථන රැහැන්වල bandwidth එකක් තිබුණත් අන්තර්ජාලයට පිවිසීම නම් ඉතාම මන්දගාමීව යි සිදු වුණේ. මෙයට ප්‍රධාන හේතුවක් වුණේ ඒ කාලේ තිබුණු සංඥා ක්‍රම සහ උපාංග කටහඬට අදාළ සංඛ්‍යාත පරාසයම පාවිච්චි කිරීම යි. ඒ දිනවල modem එකක් පාවිච්චි කරලා තියෙනවා නම් අන්තර්ජාලයට සම්බන්ධ වෙනකොට ශබ්ද බොහොමයක් ඇහුණා මතක ඇති. මෙයට එක හේතුවක් වුණේ ඒවා අපිට ඇහෙන kHz පරාසයේ තිබීම යි.
    එකල තිබුණු උපාංගවලට මේ නිසා ඇති විය හැකි අනුනාදය, දත්ත විනාශය වගේ දේවල් වළක්වන්න හැකියාව නොතිබුණු නිසා ඉහළ සංඛ්‍යාත භාවිත කරන්න පුළුවන් වුණේ නැහැ. මේ නිසා හරිම හෙමින් තමයි Dial Up සම්බන්ධතාවල වේගය වැඩි වුණේ. ඒ කාලේ “අතිශය වේගවත්” කියලා හැමෝම කියපු 56kbps modem එක අද නම් අපිට හොඳ විහිළුවක්. තත්පරයට කිලෝබයිට් 7ක් හෙවත් විනාඩි දෙකහමාරකින් වගේ මෙගා බයිට් එකක් ඩවුන්ලෝඩ් කරන්න එයට හැකියාව තිබුණා.
    තවත් දෙයක් තමයි ඉන්ටර්නෙට් පාවිච්චි කරනකොට දුරකථන ඇමතුමක ගාස්තුවම අය වෙන එක. ඒ දවස්වල දුරකථන ඇමතුම් කොහොමටත් මිල අධික වීමට අමතරව දුර ඇමතුම්වලට තවත් වැඩිපුර අය කෙරුණා. මේ නිසා කොළඹ පිහිටා තිබුණු ISPවලින් ඉන්ටර්නෙට් ලබාගන්න දුර පලාත්වල අයට අති විශාල අමතර මුදලක් ගෙවන්න වුණා. නිතරම කෝල් එන ෆෝන් එකකට (උදා : රේඩියෝ චැනල් එකකට) කෝල් එකක් ගන්නවා තරම්ම අමාරුවෙන් තමයි අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න සිදු වුණේ. පැය ගණනක් අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න බැරිව ඉඳීම ඒ කාලේ හරිම සාමාන්‍ය දෙයක්.
    තිබුණු පුංචි වාසිය අපහසුතා ගොඩක් මැඩගෙන ඉදිරියට ආ හැටි

    නමුත් ඉන්ටර්නෙට් හරහා සහ ඊමේල් හරහා විවෘත වුණු අලුත් ලෝකය ගැන තියෙන කුතුහලය නිසා ඒ සියල්ල විඳ දරාගෙන, ලොකු මුදලක් වියදම් කරගෙන ඉන්ටර්නෙට් පාවිච්චි කිරීම නම් හැම තැනම දකින්න ලැබුණා. ඒ දවස්වල තිබුණු හරිම මූලික මට්ටමේ වෙබ් පිටු තුළ සැරිසරන්න 56 kbps වේගය කිසිම බාධාවක් නොවුණු තරම්. පින්තූරයක් හෝ වීඩියෝවක් වගේ දෙයක් ලබා ගන්න විනාඩි ගණනාවක් බලාගෙන ඉන්න එක ගැන කවුරුත් තරහා ගත්තේ නැහැ. ඇතැම් අයට කාමුක පින්තූරයක් වගේ දෙයක් හෙමිහිට පේළියෙන් පේළිය සම්පූර්ණ වීම දෙස බලා සිටීමත් ඇත්තෙන්ම “වෙනම ආතල් එකක්” වුණා.
    qIZbseVSPXn4KQVe_5.jpg

    සමහරු කාමුක පින්තූර ටික ටික load වෙන හැටි බලාගෙන ඉඳීමෙන් අමුතුම වින්දනයක් ලැබුවා (redbust.com)අද අපි Broadband, DSL, 3G, 4G හරහා තරමක් වේගවත් අන්තර්ජාල භාවිතයකට හුරුවෙලා ඉන්න නිසාත්, වෙබ් පිටු සියල්ලම වගේ අලංකරණ බොහෝ ඇති බරසාර ඒවා නිසාත් එවැන්නකට ආපසු යන එක ඉතාම අපහසු වේවි. කොහොම නමුත් අද තියෙන තත්ත්වයට අන්තර්ජාලය දියුණු වෙන්න එදා Dial Up නොතිබුණා නම් තව සෑහෙන කලක් යන්න ඉඩ තිබුණු බවත් අමතක කරන්න හොඳ නැහැ.
    ඔබටත් Dial Upවලින් ඉන්ටර්නෙට් ගිහින් අත්දැකීම් තියෙනවා නම් ඒවා අපිත් එක්ක බෙදා ගන්න අමතක කරන්න එපා.


    Roar
     
    • Like
    Reactions: snm1990

    manuka09

    Active member
  • May 2, 2009
    145
    70
    43
    I got dial up Internet experience since 2003. We use night time to browse Internet bcuz of the cost. To me early in the morning (2am) it is very fast and website also load quickly (that days website also very lite,less images, etc).