ඉන්ටර්නෙට් වලින් සල්ලි හොයන්න...

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ඉන්ටර්නෙට් වලින් සල්ලි හොයන්න...

    ඉන්ටර්නෙට් වලින් සල්ලි හොයන්න...


    01.jpg

    මේ දිනවල ඉන්ටර්නෙට් වලින් සල්ලි හොයන්න ගොඩක් දෙනෙක් උනන්දු වෙනවා. විශේෂයෙන් විවිධ ආයතන තමන්ට සල්ලි හොයා ගැනීමේ කූට උපක්‍රමයක් ලෙස දිනකට රු.4000.00 ක් පමණ මුදලක් ගෙන ඉන්ටර්නෙට් වලින් සල්ලි හොයන්න කියාදෙනවා. ප්‍රශ්නය තියෙන්නේ ඔවුන් කියන විදියට මාසෙට රුපියල් 30,000 ක් ස්ථීර වශයෙන්ම ලැබෙනවා නම් ඇයි ඔවුන් එම ව්‍යාපාරය නොකරන්නේ කියන එකයි...

    තවද ඔවුන් කියනවා වෙබ් අඩවියක් හදා ගන්න කියා දෙනවා කියලා.. හැබැයි එම ආයතන වලටවත් වෙබ් අඩවියක් නෑ..
    කුරුණෑගල ඇති එක් මෙවැනි ආයතනයක වෙබ් පිටුවක් හදනවා කියලා, කියා දීලා තියෙන්නනේ බ්ලොග් අඩවියක් හදා ගන්න හැටි. පරිගණක හා ඉන්ටර්නෙට් ගැන දන්නේ නැති අය රවට්ටලා මුදල් ගරා ගන්න උත්සහ කරන මෙවැනි ආයතන පිළිබද රජය මීට වඩා අවධානය යොමු කරන්න ඕනි. නැත්නම් අහිංසක මිනිසුන්ගේ සල්ලි ‍උදුරා ගන්න මෙවැනි ආයතන තවත් බිහිවෙන්න ඉඩ තියෙනවා..

    තවත් එකක්.. ඔවුන් පවසන පරිදි මෙම සාදන වෙබ් අඩවිය අපිම කොහොම හරි ‍ජනප්‍රිය කර ගන්න ඕනි. ඊට පස්සේ ඒ වෙබ් අඩවියේ Google Adsens මගින් වෙළද දැන්වීම් දාලා සල්ලි හොයා ගන්න ඕනි. එක් දැන ගන්න රු.4000 ක් දීලා කුරුණෑගල යන්න ඕනැයැ.. Google Adsens වෙබ් අඩවියට ගියා නම් කරන්න ඕනි දේ හරිම ලේසියෙන් ඉගෙන ගන්න පුලුවන්. විඩියෝ ක්ලිප් වලින්ම කියා දෙනවා.. ඉංග්‍රීසි හොදටම බැරි‍ කෙනෙකුටත් තේරුම් ගන්න පුලුවන්..

    මේ ඉන්ටනෙට් සල්ලි හෙවිල්ල නිසා රැවටිලි කාරයෝ ගොඩක් බිහි වෙලා තියෙනවා... මෙමස විජය පරිගණක සගරාවේ යම් පුද්ගයෙක් හෝ කණ්ඩායමක් විසින් වෙළද දැන්වීමක් දාලා තිබුනා ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයන්න පහත වෙබ් අඩවියට යන්න කියලා.. ඒ වෙබ් අඩවියට ගියාම තිබුනේ Google එකෙන් දාන වෙළද දැන්වීම් කිහිපයක් විතරයි. වෙන එක වචනයක් හෝ රූපයක් වත් තිබු‍නේ නෑ..මිනිස්සු රවට්ටලා සල්ලි හොයන්න ඔවුන් උත්සහක කරලා ති‍බුනේ..

    මේ තත්ත්වය පිළිබද අපි ජනතාව දැනුවත් කල යුතුයි. ඔබටත් මේ පිළීබද අත්දැකීම් තිබෙනවා නම් ඒ ගැන ලියන්න. පුඵල් දැනුවත් වීමකට ඔබගේ අත්දැකීම් අපි කාටත් වැදගත්....
     

    jeevan pussella

    Well-known member
  • May 17, 2007
    3,610
    333
    83
    Balangoda
    ඔය කුරුණෑගල එවුන්ට මමත් අහු වුනා
    උන්ගෙන් 1000ක් ගෙවලා සීඩී එකක් ගෙන්න ගත්තා.
    පස්සේ බලද්දි උන් මට එවලා තියෙන්නේ මාතර දක්ෂිණලංකා එකේ කොපියක්.
    (දක්ෂීණලංකා එවුනුත් පල් හොරු)