ඉන්ද්‍රරතන හිමියන්ගේ ජීවිත පූජාව
සමහර දින වලදී මධ්‍යම රාත්‍රියේ දුරකතනය නාද වෙත් නම් ඒ ඇමතුම පූජ්‍ය බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගෙන්ය. උන්වහන්සේ රාත්‍රියේ මග රැක සිටින්නේ තමන්ට ලැබුණු ඔත්තුවක් අනුව හොර හරක් ලොරි අල්ලා ගැනීමටයි. එහි දී පොලිස් නිළධාරින්ගේ සහය තමන්ට නොලැබෙන විට උන් වහන්සේ අපේ සහය පැතූහ.
සත්ව අවිහිංසාව උන් වහන්සේට තවත් එක් සත් කාර්රයක් නොව සමස්ත ජීවිතයම විය. ඒ සඳහා උන් වහන්සේ තැනක් වේලාවක් නොබලා සටන් කලේය. දැඩි හිතේ එඩිය විසින් සත්ව හිංසාව සහ සදාචාර විරෝධි අන්‍යාගමිකරණයට එරෙහි සටන් වලදී උන් වහන්සේව පෙරටම තල්ලු කරන ලදී. එබැවින් ජාතික හෙළ උරුමය, සිංහල රාවය සහ ජාතික සංඝ සම්මේලනය පසුගිය සමයේ දියත් කළ සටන් වල උන් වහන්සේ ඉදිරියෙන්ම සිටියේය.
ඉන්ද්‍රරතන හිමියන් කවදත් තම ජීවිතයට වඩා වැඩි වටිනාකමක් දුන්නේ තම අරමුණු වලටයි. ඇත්තෙන්ම සිය ජීවිතය පුදා හෝ මුන්නේස්වරම් කෝවිලේ කෙරෙන සත්ව බිලි පූජාව තමන් නවත්වන බව පසුගිය වසරේ එම උද්ඝෝෂණයේ දී උන් වහන්සේ පැවසීය. බිලි පූජාව නැවැත්වීමේ තහනම් නියෝගයක් උසාවියෙන් නිකුත් නොකලේ නම් උන්වහන්සේ තම ජීවිතය පූජා කරන්නේ එදාය. තම උතුම් අරමුණු කෙරෙහි ප්‍රමාණවත් අවධානයක් යොමු නොවුණු බැවින් සංවේගයෙන් පසු වුණු උන් වහන්සේ ඒ සඳහා සමාජ අවධානය දිනා ගැනීම පිණිස වෙසක් පුන් පොහෝ දින දළදා මැදුර ඉදිරියේ සිරුරට ගිනි තබා ගෙන ජීවිතය පූජා කළහ.
මෙම ජීවිත පූජාව සමගම භික්ෂුන් වහන්සේ නමක් සිය දිවි හානි කර ගැනීම සුදුසු ද යන විවාදය සමාජයේ පැන නැගිණි. සමහර භික්ෂුන් වහන්සේලා බුදු බණ නොවිමසා තම පෞද්ගලික මතය බොදු මතය ළෙස ගෙන හැර පෑමෙන් මෙම විවාදය වඩාත් තීව්ර විය. එබැවින් අපි මේ පිළිබඳ බොදු මතය විමසමු. සිරුරට ගිනි තබා ගැනීමට පෙර තමන් කරන්නේ සිය දිවි හානි කර ගැනීමක් නොව ජීවිත පූජාවක් බැව් ඉන්ද්‍රරතන හිමියෝ පැවසූහ. එබැවින් ජීවිත පූජාව සිය දිවි හානි කර ගැනීමක් නොවන්නේ ඇයි දැයි මුලින්ම විමසිය යුතුය.
පෙම් සබඳතා බිඳ වැටීම, විභාග අසමත් වීම හෝ රැකියා අහිමිවීම වැනි අවස්ථාවන්හි ඇති වන ඉච්ඡා භංගත්වය හේතුවෙන් පුද්ගලයෝ සිය දිවි හානි කර ගනිති. සමහර අවස්ථාවන්හි අනියම් සබඳතා හෙලිවීම, ස්ත්‍රි දූෂණයක් කළ බව හෙලි වීම වැනි කරුණු මත සමාජයට මුහුණ දීමට නොහැකි වීමෙන් ද සිය දිවි හානි කර ගනිති. නමුත් ජීවිත පූජාවන් සිදු වන්නේ එවැනි පෞද්ගලික හේතු මත නොවේ. යහපත් පොදු අරමුණක් ඉටු කර ගැනීම වෙනුවෙනි. මේ පිළිබඳ බොදු සමාජයට පෙළඹවීම ලැබෙන්නේ ජාතක කතා වලිනි.
බෝසතුන් වහන්සේ සස සහ දහම්සොඬ යන ජාතකයන් හී දී මෙන්ම මහයාන ජාතක කතාවක් වන ව්යාගි ජාතකයේ ද යහපත් අරමුණු වෙනුවෙන් සිය ජීවිතය පූජා කළ බව සඳහන් වේ. ලක් ඉතිහාසයේ බෝසත් රජෙකු ලෙස සැළකෙන සිරිසඟබෝ රජතුමා ද එසේ සමාජයේ පොදු යහපත උදෙසා සිය ජීවිතය පූජා කරන ලදී. මෙම බෝසත් ක්රියාවේ බලපෑම බෞද්ධ සමාජයට තදින්ම දැනිණි.
චීනයේ ෆායු නම් භික්ෂුව ක්‍රිව 396 දී සිරුරට ගිනි තබා ගැනීමෙන් සිදු කළ ජීවිත පූජාව මෙවැනි පූජාවන් සම්බන්ධයෙන් වාර්තා වන පැරණිම අවස්ථාවයි. ඉන්පසු රජවරුන් බුදු දහමට එරෙහිව කටයුතු කළ අවස්ථා ගණනාවක දී ඊට විරෝධය පෑමට චීන භික්ෂූන් සහ මෙහෙණින් වහන්සේලා ගිනි තබා ගැනීමෙන් ජීවිත පූජාවන් කර ඇත. උතුරු සූජො හි වූ අධිරාජ්‍යයා විසින් 574 දී බුදු දහම තහනම් කිරීමට එරෙහිව භික්ෂුන් වහන්සේලා පස් නමක් එක්වර සිරුරට ගිනි තබා ගෙන ජීවිත පූජාවන් සිදු කර ඇත.
මෑත කාලයේ දී ලෝක අවධානය දිනා ගත් ගිනි ජීවිත පූජාව වූයේ වියට්නාම ජාතික තිච් ක්වැන්ග් ඩක් භික්ෂුන් වහන්සේ විසින් 1963 ජූනි 11 දින සිදු කළ ජීවිත පූජාවයි. එරට පාලනය කළ ඒකාධිපති කතෝලික ජනාධිපතිවරයා විසින් රටේ 90%කට ආසන්න බොදු ජනතාවට එරෙහිව කළ හිංසාවන් සහ විනාශයන්ට විරෝධය පාමින් ඩක් හිමි විසින් සයගොන් නගරයේ දී සිය ගණනක් ජනතාව සහ මාධ්‍ය ඉදිරියේ සිය සිරුරට ගිනි තබා ගන්නා ලදී. මෙය සමස්ත ලෝකයම කම්පා කළ සිදුවීමක් විය. එහි ප්‍රතිඵලයක් ලෙස ගිනි ජීවිත පූජාව ලෝකය පුරා රැල්ලක් විය. මාධ්‍යවේදි මයිකල් බිග් විසින් මාධ්‍ය වාර්තාවන් පදනම් කරගෙන සකස් කළ ලැයිස්තුව අනුව ඩග් හිමිගේ ජීවිත පූජාවෙන් පසු 2002 දක්වා කාලයේ දී විවිධ විරෝධතා සහ ඉල්ලීම් පදනම් කරගෙන ලොව පුරා ගිනි ජීවිත පූජා 532ක් සිදු වී ඇත.
මෑතක දී වඩාත්ම ගිනි ජීවිත පූජා සිදු කලේ තිබ්බත ජාතික භික්ෂූන් වහන්සේලා (ලාමාවරුන්) ඇතුළු තිබ්බත ජාතිකයන්ය. එහි අරමුණ වූයේ චීනය විසින් තිබ්බතයේ කරන විනාශය පිළිබඳ ලෝක අවධානය දිනා ගෙන තිබ්බතය නිදහස් රටක් කර ගැනීමයි. පසුගිය මාසයේ චීන අගමැති ඉන්දියානු සංචාරයක නිරත වූ විටත් චීනයට විරෝධය පා ඉන්දියාවේ වසන තිබ්බත ජාතිකයෙකු සිරුරට ගිනි තබා ගන්නා ලදී.
මා සතු වාර්තා අනුව ගිනි ජීවිත පූජාව සිදු කළ පළමු ථේරවාදි භික්ෂුව වන්නේ ඉන්ද්‍රරතන හිමියන්ය. උන් වහන්සේ ජීවිත පූජාව සිදු කලේ දිගු සටනකින් වෙහෙසට පත්වීමෙනි. දස වසරකට ආසන්න කාලයක් උන් වහන්සේ සදාචාර විරෝධි ලෙසින් බෞද්ධයින් අන්‍යාගම් වලට හැරවීමට එරෙහිව ජාතික හෙළ උරුමය සමග කටයුතු කළහ. නමුත් 2004 මැයි මාසයේ දී ජාතික හෙළ උරුමය විසින් ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනත එය විසුරුවන තෙක්ම සම්මත කර ගැනීමට නොහැකි විය.
සත්ව අවිහිංසාව පිළිබඳ සමාජ මතයක් ගොඩ නැගීමට ද උන් වහන්සේ අපමණ වෙර දැරීය. ඉන්ද්‍රරතන හිමියන් විසින් නිතර පැවසූ කරුණක් වූයේ යුද ජයග්රහණයෙන් මිනිසුන් ලද මර බියෙන් තොර නිදහස සතුන්ට ද හිමි විය යුතු බවයි. උන් වහන්සේ එසේ ප්‍රකාශ කිරීමෙන් නොනැවතී ඒ සඳහා කටයුතු කළහ. රට පුරා හොර හරක් ලොරි නීතියේ රැහැනට අසු කර ගත්හ. උද්ඝෝෂණ, පා ගමන්, සත්යග්රහ සහ පෙත්සම් අත්සන් කිරීම අනේක වාරයක් සිදු කළහ. තමන් සතු ධනය, ශ්‍රමය සහ කාලය කැප කිරීමෙන් සිය අරමුණ ඉටු කර ගැනීමට නොහැකි වූ පසු උන් වහන්සේ ඒ සඳහා තමන් සතු ලොකුම වස්තුව වන ජීවිතය දන් දීමට තීරණය කළහ.
බොහෝ ආගමිකයින් සිය අරමුණු ඉටු කර ගැනීමට වෙර දැරුවේ අනුන් නැසීමෙන්ය. ලෝක ඉතිහාසය පුරා අන්‍යාගමික සංහාර මෙන්ම ආගමික යුද්ධ ද ඇති වුණේ මෙම හේතුවෙනි. නමුත් බෞද්ධයින් සිය ආගමික අරමුණ වෙනුවෙන් කිසි කලක අනුන් නසා නැත. ඒ වෙනුවට කලේ තම අරමුණ වෙනුවෙන් ඉතාම අහිංසකව සිය ජීවිතය පූජා කිරීමයි. කොටි මිනිස් බෝම්බ ද සිය අරමුණ වෙනුවෙන් තම ජීවිතය විනාශ කර ගන්නා ලදී. නමුත් ඒ සමගම තවත් විශාල පිරිසකගේ ද ජීවිත හානි විය. එබැවින් මරාගෙන මැරෙන ප්‍රහාරයකට යොමු වන්නේ දැවැන්ත වෛරයක් සිතේ පිරුණු විටයි. නමුත් ගිනි ජීවිත පූජාවේ දී හානිය කර ගන්නේ තමන්ට පමණි.
බෞද්ධයින්ගේ ගිනි ජීවිත පූජාවන් හී දී වෛරයක් නැත. තණ්හාවක් ද නැත. ඇත්තේ පොදු අරමුණ පිළිබඳ කරුණාව සහ අධිෂ්ඨානය පමණි. ඒ බව ඉන්ද්‍රරතන හිමියන් ගිනි තබා ගැනීමට පෙර ලියූ ලිපියෙන් මැනවින් පෙනේ. උන්වහන්සේ කිසිවෙකුට දොස් නගා නැත. වරද පටවා ද නැත. සිය අරමුණු සඳහන් කරමින් සිය ජීවිතය දළදා වහන්සේට පූජා කර ඇත. එය වෛරයෙන් සිත් පුරවා ගෙන සිය අරමුණු ඉටු කර ගැනීමට අනුන් නසනා පවිටු බලවේගයන්ට ආදර්ශයකි.
අද ඉන්ද්‍රරතන හිමියන් වෙනුවෙන් බැනර් සහ කහ කොඩි එසැවේ. ශෝක ප්‍රකාශ ලියැවේ. උන්වහන්සේ පිළිබඳ සංවේගයෙන් මෙන්ම ආවේගයෙන් ද කතා කරති. නමුත් උන් වහන්සේ අපේක්ෂා කලේ එවැනි දෑ නොවේ. ඒ උන් වහන්සේගේ අරමුණු ජයග්‍රහණය කරවා උන් වහන්සේගේ ජීවිත පූජාවට අරුතක් එක් කිරීමයි. ජාතික හෙළ උරුමය විසින් සදාචාර විරෝධි අන්‍යාගමිකරණය වැළැක්වීමට මෙන්ම සත්ව අවිහිංසාව සඳහා ද පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. ඒවා ජයග්‍රහණය කරවීමට මෙම වෙසක් සතියේ අධිෂ්ඨාන කර ගත්තොත් ඉන්ද්‍රරතන හිමියන්ගේ ජීවිත පූජාව නාස්තියක් නොවනු ඇත.
Source

Code:
https://www.facebook.com/photo.php?fbid=10151623198119253

මම දැකලා තියෙනවා. මොකෝ.. 