ඉන්ද්‍රසාල_ගුහාව
ඉන්ද්‍රසාල ගුහාව
බුදුපියාණන් වහන්සේ වැඩ සිටිය දඹදිව කියන රටේ භූමි විස්තර ත්‍රිපිටකයේ බොහෝ සූත්‍ර දේශනාවල දැක්වෙනවා. ඒ භූමි විස්තර විස්තර වලට ගැලපෙන තැන් හොයාගන්න පුළුවන් නම් දඹදිව කියන්නේ කොතැනටද කියන ප්රශ්නය විසඳගන්න පුළුවන්.
සම්මත ත්‍රිපිටකයේ දීඝ නිකායේ සක්කපඤ්හ සූත්‍රයේ කියවෙනවා ඉන්ද්‍රසාල නම් ගුහාවක් ගැන. රජගහ නුවරට නැගෙනහිර දෙසින් තිබුණු අම්බසණ්ඩ බමුණු ගමට තරමක් උතුරින් තිබෙන වේදියත පර්වතයේ තමයි මේ ඉන්ද්‍රසාල ගුහාව තිබෙනවා කියන්නේ. බුදුපියාණන් වහන්සේ ශක්‍ර දේවේන්ද්රයාට සක්කපඤ්හ සූත්‍රය දේශනා කරන්නේ මේ ඉන්ද්‍රසාල ගුහාවේ වැඩ වාසය කරමින්.
සක්කපඤ්හ සූත්‍රය
https://pitaka.lk/?node=16170&coll=cs,aps
රජගහනුවර කියලා අද ලෝකයම සම්මත කරගෙන තිබෙන්නේ ඉන්දියාවේ රාජ්ගිර් කියන ගම. මේ රාජ්ගිර් වලට නැගෙනහිරින් සහ තරමක් උතුරට වෙන්න අද පුරාවිද්‍යාඥයින් ඉන්ද්‍රසාල ගුහාව සොයාගෙන තිබෙනවා. අද වැල නොකැඩී ඉන්දියාවට පැමිණෙන ලෝකවාසී බෞද්ධයන්ගේ ඉමහත් වන්දනාවට මේ ඉන්ද්‍රසාල ගුහාව පත්වෙලා තිබෙනවා ඒ ගුහාව ලකුණු කළ පුරාවිද්‍යාඥයින්ට පින් සිදු වෙන්න. ඉන්දියාවේ බුදුරදුන් වාසය කළා යයි සොයා නම් කළ තැන්වලට යන ලෝකවාසී බෞද්ධයන්ට දැනෙන හැඟීම වචනයෙන් විස්තර කරන්න බැරි එකක්. මාත් ඒ අත්දැකීම යම් පමණකින් ලබා තිබෙනවා ඉන්දියාවේ වන්දනාවේ යනකොට.
දැන් ලංකාවේ අලුත් මතයක් පැතිරීගෙන යනවා බුදු හාමුදුරුවෝ ඉපදුනේ ලංකාවේ කියලා. එහෙම කියන කට්ටියට අනුව රජගහ නුවර කියන්නේ අද අම්පාරේ රජගල කියන ප්‍රදේශය. ඔවුන්ට අනුව ඉන්ද්‍රසාල ගුහාව පිහිටලා තිබෙන්නේ තෙල්දෙණිය කිට්ටුව බඹරගල කියන කන්දේ. ඒ අය මොනවා කිව්වත් ඒක ත්‍රිපිටකයේ සක්කපඤ්හ සූත්‍රයට ගැලපෙන්න එපැයි. ඒ කියන්නේ රජගහ නුවරට නැගෙනහිර පැත්තෙන් තමයි ඉන්ද්‍රසාල ගුහාව තියෙන්නේ ඕනේ. මේ කියන තැන් ගැන ලංකාවේ සිතියම බලමු.
බඹරගල තියෙන්නේ රජගලට බටහිරින්! සක්කපඤ්හ සූත්‍රයේ භූමි විස්තරයට සම්පූර්ණයෙන්ම පටහැණියි මේ ලංකාවේ බුදු හාමුදුරුවෝ ඉපදුණා කියන අයගේ කතාව! රජගහට නැගෙනහිරින් තියෙන්න ඕනේ ඉන්ද්‍රසාල ගුහාව ලංකාවේ තියෙන්නේ බටහිරින්! සම්පූර්ණයෙන්ම අනිත් පැත්තේ!
ලංකාවේ බුදු හාමුදුරුවෝ ඉපදුණා කියන කට්ටිය කියන්නේ පට්ටපල් බොරුවක්ද? තව ටිකක් විමසලා බලමු.
මේ තියෙන්නෙන් බඹරගලින්, මැද මහනුවරින් සොයාගෙන තිබෙන සෙල්ලිපි. මේ සෙල්ලිපිවල සඳහන් වෙනවා බඹරගල ප්‍රදේශයේ සිටි පාචීන කියලා රජතුමෙක් ගැන. එතුමාගේ රාජ ගෘහය හෙවත් රජ ගෙදර පිහිටලා තිබුනේ අද බඹරගල කියල අපි හඳුන්වන ප්‍රදේශයේ.
බුදුන් උපන් දේශය ලංකාවයි - ජයරත්න පතිරආරච්චි
http://www.youblisher.com/p/585194-/
පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව මේ සෙල්ලිපි වල තිබෙන්නේ පූර්ව බ්රාහ්මී අක්ෂර. ඒ කිව්වේ ඉන්දියාවේ අශෝක රජු ලියපු අක්ෂර වලට වඩා ලංකාවේ මේ තියෙන බ්රාහ්මී අක්ෂර පෞරාණික බවින් වැඩියි. පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව ලෝකයේ පැරණිම බ්රාහ්මී අක්ෂර හමුවෙලා තියෙන්නෙත් ලංකාවෙන්.
වෙලා තියෙන දේ පැහැදිලි කරගන්න අපි සක්කපඤ්හ සූත්‍රය ආයිත් බලමු.
"පාචිනතෝ රාජගහස්ස" කියන පාලි වචන සිංහලයට පරිවර්තනය කරලා තියෙන්නේ "රජගහ නුවරට නැගෙනහිරින්" කියලා. ඒත් ඒකෙ ඇත්තම තේරුම "පාචීන රජුගේ ගෘහය අයත්වෙන" කියන එකයි. බඹරගලින්, මැද මහනුවරින් සොයාගෙන තිබෙන පූර්ව බ්රාහ්මී අක්ෂර සහිත සෙල්ලිපි මීට සාක්ෂියි.
බඹරගල තිබෙන ඉන්ද්‍රසාල ගුහාවේත් පූර්ව බ්රාහ්මී අක්ෂර වලින් "ඉන්ද්‍රසාල" කියන නම ලකුණු කොට තිබෙනවා. බඹරගල ජන ප්‍රවාද වලට අනුවත් එහි ඇත්තේ බුදුපියාණන් වහන්සේ සක්කපඤ්හ සූත්‍රය දේශනා කළ ඉන්ද්‍රසාල ගුහාවමයි.
from
https://www.youtube.com/watch?v=seL2n4-MjBU
හෙළ බොදු ඉතිහාසය නිවැරදි කිරීම (RECTIFYING THE HELA BUDDHIST HISTORY)
https://www.youtube.com/channel/UCCXcv83lOGBh_9hrePOfiwQ/videos
නමුත් ඉන්දියාවේ මේ වගේ කිසිම පුරා විද්‍යාත්මක සාක්ෂියක් නැහැ. සක්කපඤ්හ සූත්‍රය වැරදියට පදපරම විදිහට පරිවර්තනය වුනාට පස්සේ ඉන්දියන් කාරයෝ කරේ රාජ්ගිර් වලට නැගෙනහිරින් ඉන්ද්‍රසාල කියලා තැනක් ලකුණු කරපු එකයි. අඩුම තරමේ එතන ගුහාවක්වත් නැහැ. ඉන්දියාව පුරාම තියෙන බුදුහාමුදුරුවන්ට සම්බන්ධයි කියන තැන් මේ වගේ තමයි. විකිපීඩියාවට අනුව ඉන්දියාවේ ඉන්ද්‍රසාල ගුහාව තිබිය හැකි තැන් දෙකක් සොයාගෙන තිබෙනවා. පුරාවිද්‍යාත්මක සාක්ෂි නැති නිසා ඉන්දියන්කාරයන්ට කිසිම දෙයක් ස්ථිරව කියන්න බැහැ. ඉන්දියාවේ මේ ගැන ජනප්‍රවාද නම් කිසි සේත්ම නැහැ.
සක්කපඤ්හ සූත්‍රයේ පදපරම පරිවර්තනය ගැන තව දෙයක් කියන්න තියෙනවා. පාලි බසින් ඇති මුල් සක්කපඤ්හ සූත්‍රයේ ශක්‍ර දේවේන්ද්‍රයෙක් ගැන කොහෙත්ම කියවෙන්නේ නැහැ. එහි පැහැදිලිවම ඇත්තේ බුදු පියාණන් වහන්සේ සක්කස්ස දේවානමින්ද කියන රජතුමාට සක්කපඤ්හ සූත්‍රය දේශනා කළ බවයි. "සක්කස්ස දේවානමින්ද" වචනය "ශක්‍ර දේවේන්ද්‍රයා" ලෙස වැරදියට සිංහලයට පරිවර්තනය කර තිබෙනවා. සක්කස්ස දේවානමින්ද කියන්නේ එදා දේව හෙළයේ වාසය කළ රජතුමෙක්. දේව හෙළයේ වාසය කළේ දේව ගෝත්‍රිකයන්. ඔවුන් තමන්ගේ රජවරුන්ට, රැජිනියන්ට ආමන්ත්‍රණය කළේ දේවයන්වහන්ස, දේවි කියන නාම වලින්.
ත්‍රිපිටකයේ භූමි විස්තර වලට ගැලපෙන දඹදිව කියන්නේ මේ හෙළබිමටම බව පුරාවිද්‍යා සාධක වලින් පැහැදිලිවම ඔප්පු වෙනවා.

Last edited:

TFS