කේන්දරය ආස්‍රයෙන් අපිට කරගන්න පුලුවන් අවශ්‍ය දේවල් මොනවාද?
(නොදන්න කමටමයි අහන්නෙ )
ඇයි බං උඹට අලුතින් ගෙයක් හදන්න ඕන. එතකොට උඹ ඒකට මුලින්ම ප්ලෑනක් හදාගන්න ඕන. ප්ලෑන ප්‍රාදේශීය සභාවෙන් අනුමත වෙන්න කලින් ජ්‍යොතිෂ කෙනෙක් ගාවට අරන් ගිහින් තමන්ගේ හදහනත් එක්ක දීලා ඒකේ අඩුපාඩු බලවා ගෙන හරි ගස්සවා ගන්න ඕන. උදා- ගෙයි දිග පලල, කාමරවල දිග පලල, වගේ දේවල් තමන්ගේ වෙලාවත් එක්ක බලලා තමයි තීරණය වෙන්නේ. ඊට පස්සේ ගේ හදන්න නැකතක් බලා ගන්න ඕන. ඒකටත් උඹේ හදහන් අවශ්‍ය වෙනවා. ව්‍යාපාර, මංගල කටයුතු සියල්ලම නැකත් සාස්තරය අනුව තමයි බං කොරන්නේ.
මිනිස්සු බොරැවට කියනවා අපිනම් ඔය හදහන් විශ්වාස කොරන්නේ නැහැ කියලා. ඒක අමු බොරැවනේ. උන් තමයි මුලින්ම හදහන උස්සන් යන්නේ මොනවා හරි උනහම.
අනික පොඩ්ඩක් ඔලුව දාලා බලපන් ඔය ඕපන් කරන තද තද බිස්නස් එකක් උනත්. උන් ඒක කරන්නෙත් කලින් හදාගත්තු කාලයකටනේ. හැබැයි කියන්නේ හදහන් විශ්වාස කරන්නෙ නැහැ කියලා.
දැන් මං මෙහෙම කිව්වම සමහර උන් කියයි අපි දන්න එකෙක් ඉන්නවා කසාද බදිද්දි හදන් බැලුවේ නැහැ. එහෙමත් නැත්නම් පැනලයි ගියේ. දැන් උන් ලක්සෙට කොඩි දාන් ඉන්නවා. නැත්නම් අහවලා බිස්නස් එක පටන් ගත්තේ එහෙමත් නැත්නම් ගේ හදන්න පටන් ගත්තේ කිසිම නැකතකට නෙමෙයි, නමුත් දැන් බලහල්ලකෝ උන් ඉන්න තත්ත්වේ කියලා. ඒක හරි මචං උන් හදහන් නොබැලුවත් උන් හැමදේම නොදැනුවත්වම හරි කරගෙන තියෙන්නේ උන්ට දෛවයෙන් උරැව වෙච්ච නියම වෙලාවල් තුලදියි. ඒකයි උන්ට හරි ගිහින් තියෙන්නේ. ඒවගේ දේවලා ඉතින් බොහෝම කලාතුරකින් තමයි අහන්න දකින්න ලැබෙන්නේ.

වෙන මොනාද බන් කරගන්න පුලුවන්.


