ඉන්දියානු පාතාලයේ අග රැජින

Another_Me

Active member
  • Feb 5, 2016
    299
    213
    43
    ෆෑන් එක යට
    ඉන්දියානු පාතාලයේ අග රැජින

    ‘හසීනා පාකර්’ නමින් මෑතකදී ඉන්දියානු සිනමාපටයක් තිරගත වුණා ඔබට මතක ඇති. හසීනා පාකර් ලෙස එහි ප්‍රධාන චරිතය නිරූපණය කළේ ජනප්‍රිය නිළි ශ්‍රද්ධා කපූර් බවත් ඔබට මතක ඇති. අපි මේ ඔබට පවසන්නේ එම සිනමාපටයට පාදක වුණු ඉන්දියාවේ බලවත්ම පාතාල නායිකාව හෙවත් ඉන්දියානු පාතාලයේ අග රැජින වූ හසීනා පාකර් ගේ කතාවයි.

    19.jpg

    (හසීනාගේ සොයුරු ඩාවුඩ් ඊබ්‍රහිම්)

    පවුල් පසුබිම

    හසීනා, මහාරාෂ්ට ප්‍රාන්තයේ මරාති පවුලක උපන්නේ 12 දෙනෙකුගෙන් යුතු පවුලක හත් වැන්නා ලෙසටයි. ඇගේ පියා වූ ඊබ්‍රහිම් කස්කාර් මුම්බායි පොලිසියේ කොස්තාපල් කෙනෙක් වූ අතර මව වූ අමීනා ගෘහනියක්. හසීනා ලොවම හඳුනන්නේ ඉන්දියානු පාතාල ලෝකයේ ඩොන් හෙවත් ලෝකයේ තෙවැනි අත්‍යවශ්‍යම අපරාධකරු වන ඩාවුඩ් ඊබ්‍රහිම් ගේ නැගණිය ලෙසටයි. ඩාවුඩ් උපත ලබා ඇත්තේ ඊබ්‍රහිම් පවුලේ දෙවැන්නා ලෙසිනුයි.
    කරච්චියේ සිට මුළු ඉන්දියාවම මෙහෙයවන ඩාවුඩ් 1993 මුම්බායි බෝම්බ ප්‍රහාරයට වගකිවයුත්තා වන අතර ඔහුට අයත් බිලියන ගණනක ඉන්දියානු දේපල වල වගකීම පැවරී තිබුණේ ඔහුගේ විශ්වාසවන්තම සොයුරිය වූ හසීනාට බවත් පැවසෙනවා. සුප්‍රකට D කල්ලියේ නායකයා වන ඩාවුඩ් ගේ හිසට නියම කර ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 25ක් වීමෙන් ඔහු කුමන මට්ටමේ අපරාධකරුවකුද යන්න ඔබට පැහැදිලි වනවා ඇති.

    210-680x410.jpg

    (හසීනා හා ඩාවුඩ්)

    පාතාලයට පිවිසුණු අන්දම

    අඩි 5 අඟල් 2ක් උසැති ආපා නම් සුරතල් නමින් හැඳින්වුණු හසීනා පාතාල ලෝකයට පිවිසීමට මුල්වූ ප්‍රධාන සිදුවීම වුයේ ඇගේ සැමියා වූ ඉස්මයිල් පාකර් ඝාතනය කිරීමයි.1991 වසරේදී එය සිදු කරනු ලැබුවේ එවකට ඩාවුඩ් ගේ ප්‍රබලතම ප්‍රතිවාදියා වූ අරුන් ගවුලි විසිනුයි. එවකට ඩුබායි හි සිටි ඩාවුඩ් සිය ගෝලයන් ලවා එම මිනීමැරුමේ පලිය ගනු ලැබුවේ j.j නම් රෝහලේදී අරුන් ඝාතනය කිරීමෙනුයි. එය ඉන්දියාව සසල කළ අපරාධයක් ලෙස එවකට සැලකුණා.

    ඩාවුඩ් ගේ නාමය හේතුවෙන් හසීනා වෙත විශාල බලයක් ගොඩනැගුණු අතර ඩාවුඩ් ඇයව ආරක්ෂා කිරීම සඳහා සිය කල්ලියේ සාමාජිකයන් ද යොදවා තිබුණේ ඇයට දැක්වූ ආදරය හේතුවෙනුයි. එවකට කෙළින්ම ඩාවුඩ් ට ඇමතුම් දීමට හැකි කිහිප දෙනාගෙන් ප්‍රමුඛ ස්ථානයේ සිටියේ ඇය බවත් පැවසෙනවා.

    ආපා හෙවත් ‘අක්කාගේ ආදායම

    ඇය සිය බලය පැතිර වූයේ නග්පාදාහි ගෝල්ඩන් හෝල් නම් මහල් නිවාසයක වෙසෙමින් වූ අතර නොයෙක් වර්ගයේ මිනිසුන් ආපා හෙවත් ‘අක්කා’ වෙත සිය ගැටලු ඉදිරිපත් කරනු ලැබුවේ නීතියට වඩා ඉක්මනින් වඩා සාධාරණ විසඳුමක් ඇගෙන් ලැබුණු බැවිනුයි. එම නිවසද ඇය බලහත්කාරයෙන් අත්පත් කරගත්තක් වන අතර සෑම දිනකම එහි සිය ගණනක පිරිසක් රැඳී සිටි බවත් සඳහන්.

    39.jpg

    (හසීනාගේ මහල් නිවාසය)

    මුම්බාය කේන්ද්‍ර කරගනිමින් ඉන්දියානු පාතාලයේ රැජින වූ ඇය සහ කල්ලිය සතුවූ වත්කම ඉන්දියානු රුපියල් කෝටි 5000 ඉක්මවන බව ගණන් බලා තිබෙනවා. ඉදිකිරීම්, ඉඩකඩම් වල හිමිකම්, කළු සල්ලි මෙන්ම ඉන්දියානු සිනමාපටවල දේශීය සහ විදේශීය ප්‍රදර්ශන අයිතිය හිමිකර ගැනීමද ඇගේ අදායම් මාර්ග වූ බව පැවසෙනවා. ඩාවුඩ් විදෙස්ගතව සිටිමින් ඉන්දියානු සිනමාව මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවද පාලනය කළ අතර හසීනා ද ඊට සම්බන්ධ වූ බවත් පැවසෙනවා.
    මුම්බායේ සියලුම කේබල් රුපවාහිනී සැපයුම් කරුවන් මෙන්ම සියලුම ඉදිකිරීම් කරුවන් හසීනා වෙත කප්පම් ගෙවූ බවත් ප්‍රකට කරුණක්. ඒ සියල්ල කුප්‍රකට D කල්ලිය විසින් පාලනය කළ අතර ඉන්දියානු මාධ්‍ය පවසන පරිදි 1990 දශකයෙන් පසු මුම්බායේ ඉදිවූ කිසිදු ගොඩනැගිල්ලක් ඇයට කප්පම් නොගෙවා නැහැ.

    49-680x383.jpg

    පුතුගේ මරණය

    හසීනා දියණියන් දෙදෙනකුගේ සහ පුත්‍රයකුගේ මව වූ අතර ඇගේ පුත්‍රයා වූ ධනිෂ් සිය පාතාල කල්ලියෙන් ඈත් කර තැබීමට හැමවිටම උත්සහ කරනු ලැබුවා. එහෙත් ධනිෂ් 2006 වසරේදී අබිරහස් ලෙස මිය ගියේ මෝටර් රථ අනතුරකින්. පොලිසිය සැක කරන්නේ එය ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලියක සැලසුමක් බවයි. කුදිස්‍යා පාකර් සහ උමයිදා පාකර් නම් ඇගේ දියණියන් දෙදෙනායි.
    මුම්බායි පොලිසියේ ඇය සම්බන්ධ පැමිණිලි 88ක් පැවතුණු නමුත් හසීනා උසාවිය හමුවේ පෙනී සිට ඇත්තේ එක් වරක් පමණයි. ඇයට විරුද්ධව නිර්බයව පැමිණිලි කර ඇත්තේ විනෝද් අල්වානි නම් ඉදිකිරීම් සම්බන්ධ ව්‍යාපාරිකයකු පමණයි. ඔහුගෙන් ඇය රුපියල් මිලියන තුනක කප්පමක් ඉල්ලූ බව ඔහු පැමිණිලි කර ඇති බවත් සඳහන්.
    වරක් රහස් පොලිසියට කැඳවූ අවස්ථාවේදී ඇගේ ගමන් බලපත්‍රය අස්ථානගතව ඇති අතර ඉන් පසු හසීනා වෙත ගුවන් ගමන් බලපත්‍රයක් නිකුත් කිරීම එරට ආගමන විගමන අංශ විසින් ප්‍රතික්ෂේප කළ බවත් සත්‍යයක්. ඊට හේතුව වූයේ ඇය විදෙස්ගතව ඩාවුඩ් සමග එක් වේ යැයි එරට පොලීසිය විශ්වාස කිරීමයි. හසීනා යොදා ගනිමින් ඩාවුඩ් අල්ලා ගැනීමට ඉන්දියානු පොලිසිය වාර ගණනාවකදී උත්සහ කළ ද ඒ සියල්ල ව්‍යර්ථ කිරීමට ඩාවුඩ් ගේ ශූර බුද්ධිය හේතු වී තිබෙනවා.

    55-680x383.jpg

    (හසීනා ලෙස රඟපාන ශ්‍රද්ධා කපූර්)

    ජීවිතයේ අවසානය

    හසීනා පාකර් 2014 වසරේදී මියගියේ හෘදයාබාධයක් හේතුවෙනුයි. ඩාවුඩ් කෙසේ හෝ ඇගේ අවමගුලට පැමිණේ යයි පොලීසිය බලාපොරොත්තු වුවද ඔහු පැමිණියේ නැහැ. ඩාවුඩ් සිය සොයුරියගේ අවසන් කටයුතු දැකගත්තේ ස්කයිප් තාක්ෂණය ඔස්සේ යි.
    63-680x398.jpg

    පසුගිය වසරේ තිරගත කෙරුණු හසීනා පාකර් සිනමාපටයේ අධ්‍යක්ෂක අපූර්වා ලකියා හසීනා පාකර් ජීවත්ව සිටියදී ඇය හමු වී ඇයගේ ජීවිත කතාව තිරයට නැඟීම සම්බන්ධව සාකච්ජා කර ඇති අතර එයට එකපයින්ම කැමති වූ ඇය ඒ වෙනුවෙන් තමාම වියදම් කරන බවද පවසා තිබෙනවා. කෙසේ වෙතත් සිනමාපටයේ නිෂ්පාදන කටයුතු ඇරඹෙන විට ඇය ජීවතුන් අතර නොසිටීම විශේෂත්වයක්.

    roar.media
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    දාවුඩ් ඉබ්‍රහිම් කියන්නේ ලෝකෙම කුඩු ලොක්ක ..මුගේ දකුණු ආසියාව පැත්ත බලන්නේ මුජහුදින් කියල එකෙක් ..ලංකාවේ ගම්පොල උගේ ගම . උ ඩොක්ට රේට් ඩිග්රියක් තියන එකෙක් කියල කියනවා .. උගේ නෑද කෙනෙක් වෙනවා ලංකාවේ හිටපු මොහොමඩ් සිද්දික් කියන එකා ..මොහොමඩ් සිද්දික් මුජහුදින්ට සෙට් වෙලා තමයි පාකිස්තානේ ඉදන් ලංකාවට කුඩු එව්වේ .සිද්දීක්ගේ ලංකාවේ බිස්නස් එක කරේ වෙලේ සුදා ... මොහොමඩ් සිද්දික් පකිස්තාන් පොලිස්සියට මට්ටු වෙන්නේ කුඩු සින් එකකට නෙවෙයි හියුමන් ට්‍රෆිකින්ග් කෙස් එකකට ..පකිස්තනෙත් එක්ක ලංකාවේ සබදතා හොද නිසා සිද්දීක්ව ලංකාවේ පොලිස්සියට බාර දෙනවා ..ඊට ටික කාලෙකට පස්සේ වෙලේ සුදත් අහුවෙනවා ...
    ඊට පස්සේ ලංකාවේ කුඩු හිගයකුත් ආවයි කියනවා ..පස්සේ මාකදුරේ මදුෂ් කියන එකා ඔය කියන මුජහුදින්ට සෙට් වෙනවා .දැන් මාකදුරේ මදුෂ් තමයි සිද්දික් හිටපු තැන ඉන්නේ ..ඔය ඔක්කොම චෙන් එකක් වගේ සම්බන්දයි බන් ..කොහොම හරි ලොකුම ඩයල් එක තමයි ඔය දාවුඩ් ඉබ්‍රහිම් කියන්නේ ..තාම අල්ලන්න බැහැ
     
    • Like
    Reactions: Sara531

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    ඕකට රගපාන කෙල්ල soft වැඩි ..විද්‍යාබාලන් වගේ එකක් ගත්තානම් සුපිරි ..
     
    Another_Me

    Active member
  • Feb 5, 2016
    299
    213
    43
    ෆෑන් එක යට
    දාවුඩ් ඉබ්‍රහිම් කියන්නේ ලෝකෙම කුඩු ලොක්ක ..මුගේ දකුණු ආසියාව පැත්ත බලන්නේ මුජහුදින් කියල එකෙක් ..ලංකාවේ ගම්පොල උගේ ගම . උ ඩොක්ට රේට් ඩිග්රියක් තියන එකෙක් කියල කියනවා .. උගේ නෑද කෙනෙක් වෙනවා ලංකාවේ හිටපු මොහොමඩ් සිද්දික් කියන එකා ..මොහොමඩ් සිද්දික් මුජහුදින්ට සෙට් වෙලා තමයි පාකිස්තානේ ඉදන් ලංකාවට කුඩු එව්වේ .සිද්දීක්ගේ ලංකාවේ බිස්නස් එක කරේ වෙලේ සුදා ... මොහොමඩ් සිද්දික් පකිස්තාන් පොලිස්සියට මට්ටු වෙන්නේ කුඩු සින් එකකට නෙවෙයි හියුමන් ට්‍රෆිකින්ග් කෙස් එකකට ..පකිස්තනෙත් එක්ක ලංකාවේ සබදතා හොද නිසා සිද්දීක්ව ලංකාවේ පොලිස්සියට බාර දෙනවා ..ඊට ටික කාලෙකට පස්සේ වෙලේ සුදත් අහුවෙනවා ...
    ඊට පස්සේ ලංකාවේ කුඩු හිගයකුත් ආවයි කියනවා ..පස්සේ මාකදුරේ මදුෂ් කියන එකා ඔය කියන මුජහුදින්ට සෙට් වෙනවා .දැන් මාකදුරේ මදුෂ් තමයි සිද්දික් හිටපු තැන ඉන්නේ ..ඔය ඔක්කොම චෙන් එකක් වගේ සම්බන්දයි බන් ..කොහොම හරි ලොකුම ඩයල් එක තමයි ඔය දාවුඩ් ඉබ්‍රහිම් කියන්නේ ..තාම අල්ලන්න බැහැ

    :dull::dull::dull::confused::confused::confused::eek::eek::sorry:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    දාවුඩ් ඉබ්‍රහිම් කියන්නේ ලෝකෙම කුඩු ලොක්ක ..මුගේ දකුණු ආසියාව පැත්ත බලන්නේ මුජහුදින් කියල එකෙක් ..ලංකාවේ ගම්පොල උගේ ගම . උ ඩොක්ට රේට් ඩිග්රියක් තියන එකෙක් කියල කියනවා .. උගේ නෑද කෙනෙක් වෙනවා ලංකාවේ හිටපු මොහොමඩ් සිද්දික් කියන එකා ..මොහොමඩ් සිද්දික් මුජහුදින්ට සෙට් වෙලා තමයි පාකිස්තානේ ඉදන් ලංකාවට කුඩු එව්වේ .සිද්දීක්ගේ ලංකාවේ බිස්නස් එක කරේ වෙලේ සුදා ... මොහොමඩ් සිද්දික් පකිස්තාන් පොලිස්සියට මට්ටු වෙන්නේ කුඩු සින් එකකට නෙවෙයි හියුමන් ට්‍රෆිකින්ග් කෙස් එකකට ..පකිස්තනෙත් එක්ක ලංකාවේ සබදතා හොද නිසා සිද්දීක්ව ලංකාවේ පොලිස්සියට බාර දෙනවා ..ඊට ටික කාලෙකට පස්සේ වෙලේ සුදත් අහුවෙනවා ...
    ඊට පස්සේ ලංකාවේ කුඩු හිගයකුත් ආවයි කියනවා ..පස්සේ මාකදුරේ මදුෂ් කියන එකා ඔය කියන මුජහුදින්ට සෙට් වෙනවා .දැන් මාකදුරේ මදුෂ් තමයි සිද්දික් හිටපු තැන ඉන්නේ ..ඔය ඔක්කොම චෙන් එකක් වගේ සම්බන්දයි බන් ..කොහොම හරි ලොකුම ඩයල් එක තමයි ඔය දාවුඩ් ඉබ්‍රහිම් කියන්නේ ..තාම අල්ලන්න බැහැ
    :confused::confused::(:(
    reserved for download
    මම බැලුවා ටිකක්...කම්මැලි හිතුනා...:dull:

    10+:)