ඉන්දියානු යටත් විජිතයක් වෙන්න සුදානම් වෙන්න ....

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ඉන්දියානු මහ බැංකුව තීරණයක් අරගෙන තියෙනවා එයාලට අන්තර්ජාතික ගෙවීම් කරනකොට මේ වනතෙක් US ඩොලර් පමණක් පිළිගන්නා තීරණයෙන් බැහැර වී ඉන්දියානු රුපියල් වලින් කරන අන්තර්ජාතික ගෙවීම් අනුමත කිරීමට. ඒ අනුව ඉදිරියට ඉන්දියාව සමග අන්තර්ජාතිකව සිදුකරන ගනුදෙනු වලදී ඇමෙරිකානු ඩොලර් සහ ඉන්දියානු රුපියල් වලින් ගනුදෙනු කල හැකි වෙනවා ...ඉන්දියන් රුපියල ශක්තිමත් වෙනවා..

    මේක අපිට බලපාන්නේ කොහොමද ?

    අපේ රටේ ඩොලර් නෑ ...අපිට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගන්න පුළුවන් ලේසිම රට ඉන්දියාව..ඒ අනුව අපිට ඩොලර් නැති වෙනකොට අපි ඉන්දියානු රුපියල් හොයන්න මහන්සි වෙනවා ..අපේ රටවල් අතර වන වෙළද ගනුදෙනු වලදී ඉන්දියානු රුපියල් මගින් ගනුදෙනු කරන්න පුළුවන්...අපිට ඩොලර් හොයන්න අමාරු උනාට ඉන්දියානු ණය සහ වෙලදාම් නිසා ඉන්දියානු රුපියල් හොයන්න අමාරු නෑ ...

    මේ තත්වය කාලයක් කරගෙන යනකොට අපිට ඉන්දියානු රුපියල් භාවිතා කරන එක ලාභදායි වෙන්න පටන් ගන්නවා ..ලංකාවේ රුපියලට ටටා බායි කියන්න පුළුවන්....මේ ලග දී ඉන්දියාවේ ඇමති කෙනෙක් කියලා තිබ්බා ලංකාවේ මුදල් ඒකකය ඉන්දියානු රුපියල් කරන්න යෝජනා කරනවා කියලා....ඒ කියපු දේ තමයි දැන් වේගෙන එන්නේ .....

    යුද්ධ නොකර රටවල් යටත් කරගන්නේ එහෙමයි..අපේ බයියලා තාමත් නාකි පො *** අපේ රටට කරනකන් බලාගෙන ඉන්නවා........

    source : ලංකාවේ ප්‍රධාන බැංකුවක මේ සම්බන්ධව සාකච්චාවට සහභාගී උන නිලධාරියෙක් මගින්.
     
    • Like
    Reactions: pathaleiretta

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    wishwaya-pura.gif
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ලන්කාව ඉන්ඩියාවට ණය 2%
    අපිට ඉන්දියාව ණය දෙනවා ..credit line දුන්නනේ මේ දවස් වලත්...එත් අපිට ගෙවන්න ඩොලර් නෑ ...එතකොට ඉන්දියාව සමග කරන වෙළද ගනුදෙනු ඉන්දියන් රුපියල් වලින් කරන්න බලපෑමක් එන්න පුළුවන්...මොකද අපිට ඩොලර් නැත්තන් ඉන්දියන් රුපියල් හරි හොයාගන්න වෙනවා .....අපි නිකන්ම ඉන්දියන් රුපියල ශක්තිමත් කරනවා ...

    මේ දේවල් හරියට කළමනාකරණය කර ගන්න බැරි උනොත් අපිට කෙලවෙනවා නැති වෙන්නම ...
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,525
    6,384
    113
    අනේ බන් මොන උත්තක්ද ... අපි එදා ඉඳන් එක එකාට යටත් වෙලා තමයි හිටියෙ. ඉස්සෙල්ලම එක එක රජවරුන්ට, ඊට පස්සෙ පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි. ඊට පස්සේ ප්‍රජාතන්ත්‍රවාදයෙන් ආපු අගමැතිලට, ජනාධිපතිලට ඇමතිලට, ප්‍රදේශීය සභා මන්ත්‍රීලටත් යටත් උනා. එහෙම උනා කියල අඩුම තරමෙ අපේ අවම අවශ්‍යතා ටික වත් ලැබුනද ?

    මම නම් කියන්නෙ රටේ මිනිස්සුන්ට යහපත් ජීවිතයක් ලැබෙනවා නම් මොකාට හරි යටත් වෙන එක හොඳයි. අපේ රට කියල මොන පකක්ද ? මැරෙනකොට සේරම දාල යන්න වෙන්නෙ ...
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,544
    16,342
    113
    අනේ බන් මොන උත්තක්ද ... අපි එදා ඉඳන් එක එකාට යටත් වෙලා තමයි හිටියෙ. ඉස්සෙල්ලම එක එක රජවරුන්ට, ඊට පස්සෙ පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි. ඊට පස්සේ ප්‍රජාතන්ත්‍රවාදයෙන් ආපු අගමැතිලට, ජනාධිපතිලට ඇමතිලට, ප්‍රදේශීය සභා මන්ත්‍රීලටත් යටත් උනා. එහෙම උනා කියල අඩුම තරමෙ අපේ අවම අවශ්‍යතා ටික වත් ලැබුනද ?

    මම නම් කියන්නෙ රටේ මිනිස්සුන්ට යහපත් ජීවිතයක් ලැබෙනවා නම් මොකාට හරි යටත් වෙන එක හොඳයි. අපේ රට කියල මොන පකක්ද ? මැරෙනකොට සේරම දාල යන්න වෙන්නෙ ...
    :yes:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,470
    49,851
    113
    සේදවත්ත
    කවුද බන් මේ බූරු ත්‍රෙඩ් දාන්නේ . කලාපයේ බලවත්ම රටේ මුදල් එකකය රටේ ගනුදෙනු වලට හැකියාව දුන්නම රට යටත්විජිතයක් වෙනවා කියන ලන්සි පොපොල් උන්