අන්න උබ ව්දගත් ප්‍රශ්නයක් ඇහුවා. ඒකදි මම උබත් එක්ක එකග වෙනවා මෙහෙම. රජය දුම්කොල සමාගම්වලට දෙන්න ඔනා පිලිවෙතක්, අවවාදය සම්බන්දව. එහෙම දිලා ජනතාව දැනුවත් කරන්න ඔන සෞක්‍ය අන්ශවලින් දුම්බීමේ ආදිනව ගැන. එහෙම කලාට පස්සේ, මිනිස්සු සිගරට් බොනවනම්, ඒක මිනිස්සුන්ගේ නිදහස. රජයක් කියන්නේ මිනිස්සුන්ගේ අම්මලා තාත්තලා නෙමෙයි, උන්ව යහා මාර්ගයට ගන්න.. රටේ ඉන්නේ බබ්බු නෙමෙයිනේ. කෙනෙක් රජයේ අවවාදය පිලිගෙන සිගරට් නොබොනවනම් ඒක උගේ අයිතිය. තව එකෙක් රජය බල්ලට දාලා සිගරට් බොනවනම් ඒක උගෙත් අයිතිය. අයිතිය ප්‍රශ්නාත්මක වෙන්නේ දුම්බිලා ලෙඩ හදාගෙන රටට බරක් වෙනවා නම්. අන්න එතන්දි තමා මුදල් ගෙවා බේත් ගන්න සැලසුමක් ඔනා දුම්බීම වගේ රොගවලට. එතන්දි එකෙක් කල්පනා කරනවනම් මට සල්ලි තියනවා මම සිගරට් බොනවා, බීල ලෙඩ උනාම ගෙවලා බේත් ගන්නවා කියලා ඒක උගේ නිදහස. රජයට බැ ඒක අවහිර කරන්න. තව එකෙක් බේත් සල්ලිවලට ගන්න වෙන නිසා සිගරට් නවතනවා නම් ඒක උගේ අයිතිය. අන්න ඒක ශිශ්ට ලොකේ කරන්නේ. නැතුව සිගරට් එකට් ටැක්ස් ගහලා බොන එක නවත්තන්න බැ..
දැන් ඔය විදිහටම රටේ ලෝකේ තියෙන ඔක්කොම දේවල් මෙහෙ ගෙනල්ල ඔන්න කැමති අය යන්න ගිහින් කැමතිදෙයක් කරගන්න. අපි මේවගේ ආදිනව ගැන දැනුවත් කරනව විතරයි එපා කියන්නේ නෑ කැමති අය යන්න කියන්න නං රටක ආණ්ඩුවක් කියල එකක් ඕනේ නෑ නේද බන්. ලංකාව වගේ රටක බහුතර සාමාන්‍ය මිනිස්සු කියන්නේ හොඳ නරක තේරුම් ගන්න පුළුවන්, තමන් කරන දේ ගැන වගකීමක් ගන්න පුළුවන් දුර දිග බලල වැඩකරන්න පුළුවන් අය කියල උඹ හිතනවද ? ගේ ඉස්සරහ කුඩු විකුනන්න ගත්තොත් ආණ්ඩුවේ අවවාද අහල ඕක ට්‍රයි කරල බලන්න අවට කොල්ලෝ/කෙල්ලෝ නොයා ඉඳිද ? ලේසියෙන් සල්ලි හම්බෙනවනන් කෙල්ලෝ ගණිකාවෝ නොවී ඉඳීද ? එතකොට ආ ඒ උන්ගේ කැමැත්ත නෙ අපි ඉතින් කලින් කිව ඕවට ගියොත් මෙහෙම වෙනව කියල අත පිහිදගන්න පුලුවන්ද ආණ්ඩුවකට ?


