ඉන්දියාවෙන් බුදු දහම තුරන් වූයේ කෙසේද?

reuse

Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com
    ඉන්දියාවෙන් බුදු දහම තුරන් වූයේ කෙසේද?

    බ්‍රාහ්මනිකයන්ගේ සහ පසුව පැමිනි මුසල්මානු ආක්‍රමණ හමුවේ ඉන්දියාව අසරණ වූයේ ‘මයුර්‍ය’ සහ ‘ගුප්ත’ රාජ වංශ වලින් යුතුවූ මහා මඝද රාජධානිය කාලයාගේ ඇවෑමෙන් අප්‍රකට වීමෙන් පසුවය. ඉන්දියාවේ උපන් බුදුන් වහන්සේගේ අනුගාමිකයන් වූ, බිම්බිසාර, චන්ද්‍රගුප්ත I , සමුද්‍රගුප්ත , චන්ද්‍රගුප්ත II, අශෝක අධිරාජයා වැනි මහා රජවරුන් නැතිවූ කල, ඉන්දියාව කොටස් වලට කැඩී, බල බිඳී තිබුන අවදියක, බුදු දහමේ පරිහානියද ආරම්භ විය.

    ‘සංකාරාචාර්‍ය’ වැනි හින්දු නායකයන්ද, බොහෝ හින්දු රජවරුන්ද, ස්ථූප සහ බුදු කුටි සහ පිළිම විනාශ කිරීමෙන් අපමණ ආශ්වාදයක් ලද බැව් පොත පතේ සඳහන් වේ. හින්දු පාලකයෙකු වන ‘පුෂ්‍ය මිත්‍ර’ විසින්, අශොක මහ රජතුමා විසින් තනවන ලද 84,000 ක් බෞද්ධ ස්ථුප සහ ගනන් කල නොහැකි තරම් විහාර සහ බෞද්ධ ලියවිළිද විනාශ කරන ලදී.
    (මූලාශ්‍ර: Romila Thaper, Ashoka and Decline of Mouryas, London, 1961, p 200).

    ‘ජලාලුක රජු’ විසින් බෞද්ධ විහාර සහ පන්සල් විනාශ කලේ, බෞද්ධ ගාථා සජ්ජායනයෙන් වරක් ඔහුගේ නින්දට බාධා වීම හේතුවක් කරගෙනය. මේ අතර කාශ්මීරයේ සිටි කින්නාර රජු විසින් බෞද්ධ පන්සල් විනාශ කලේ, බ්‍රාහ්මණයන්ගේ සතුට සඳහාය.

    මේ විනාශ කල බෞද්ධ සිද්ධස්ථාන, හින්දු කෝවිල් වලට පරිවතනය කල අතර,හින්දු චාරිත්‍ර අනුව, කිසිම අඩු කුලයේ යයි සම්මත පුද්ගලයෙකුට හෝ බෞද්ධයෙකුට, එම කෝවිල තුලට ඇතුල් වීමට ඉඩ නොදෙන ලදී. දහස් ගනන් මෙම ස්ථානවලින් ප්‍රසිද්ධවූ ස්ථාන කිහිපයක් නම්, තිරුපති, උන්ඩවල්ලි, එල්ලෝරා, පූරි, බද්‍රනාත්, මතුරා, අයෝධ්‍යා, නාලන්දා, නාගර්ජුන කොන්ඩා, සහ කේරලයේ අති ප්‍රසිද්ධ සබ්‍රිමාලා කෝවිල වේ.

    අතුරු කතාවක් :- එදා සහ අද දේශපාලනඥයන් පූ* උඩ දමාගෙන වඳින හින්දු කෝවිල් සියල්ල, බෞද්ධ සිද්ධස්ථාන වේ ..

    ‘ආදි සංකර’ නම් හින්දු නායකයා, ‘නාගර්ජුන කොන්ඩාහී’ යක්ෂයෙක් මෙන් කටයුතු කර, බෞද්ධ සිද්ධස්ථාන අති විශාල සංඛ්‍යාවක් විනාශ කර ඇති බව ‘ලෝන්ගස්ට්’ නම් යුරෝපීය විද්වතා විසින් ඔහුගේ කැනීම් වලින් සොයාගන්නා ලදී. {මූලාශ්‍ර: Memoirs of the Archaelogical Survey of India No: 54, The Budhist Antiquties of Nagarjunakonda (Delhi, 1938, p.6.).}

    බ්‍රාහ්මණ ආගමට නොහැරෙන බෞද්ධයන්, ප්‍රසිද්ධියේම පන පිටින් පුච්චා දැමීමට මෙම ‘ආදි සංකර’ නම් හින්දු නායකයා කටයුතු කලේය. බෞද්ධයන් යයි අසුවූ සෑම පවුලකම අත දරුවන්, ඔවුන්ගේ මවුන් ඉදිරියේ කිඹුලන්ට විසි කල අතර, ගැහැනුන් දියේ ගිල්වා මරා දැමූහ. කේරළයේ ‘සුද්ධවනන්’ රජුගේ මස්සිනා කෙනෙකු වන ‘උජ්ජේන්’ බෞද්ධ බික්ෂූන්ගේ නාස් විද ගොනුන් ලෙස කරත්තවලට බැඳ වැඩගත් බව ප්‍රසිද්ධය. දහස් ගනන් නොව මිලියන ගනනක බෞද්ධයන් කේරළ ගං ඉවුරවල් වලදී දසවධ දී මරා දමන ලදී. මෙම අප්‍රකට අවධිය යුරෝපයේ කුරුස යුද්ධ වලට සමාන වූ අතර, ප්‍රසිද්ධියේම බෞද්ධයන්ට වධ දුන් ඝාතන ස්ථානය වන්නේ කේරලයේ ‘අලවි’ නම් ස්ථානයයි. ‘අලවි’ යන්නේ තේරුම විනාශයට අධිපති යයි සලකන,ශිව දෙවියන් දරන ත්‍රිශුලයයි.මේ ආකාරයටම, ටැමිල්නාඩුවේද ‘වයිග’ ගං ඉවුරේ, දහස් ගනන් බෞද්ධයන් මරා දමන්නට හින්දු ජාතික දරුණු මූලධර්මවාදියකු වන ‘සම්බන්තර්’ ක්‍රියා කලේය. {(මූලාශ්‍ර: The Tamil book Thevaram and complete works of Swami
    Vivekananda, Vol.VII. p. 118, Calcutta, 1997).}

    පසු කලක විකෘත කරන ලද බුද්ධ ප්‍රතිමා, බොහෝමයක් බ්‍රිතාන්‍ය පාලන සමයේදී කේරලයේදී හමුවිය. මූලධර්මවාදී බ්‍රාහ්මණනයන් විසින් මේ සියළු පොළොව නුහුලන අපරාධ කලේ, බුදු දහම ඉන්දියාවෙන් පමනක් නොව මුළු ලොවෙන්ම තුරන් කරන්නටය. එහෙත් ඔවුනට සියළු සාක්කි විනාශ කිරීමට නොහැකි විය. නොදැනුවත්වම, කෝවිල් වලට සහ ගම්මානවලට තිබූ ‘පල්ලි’ යන නම මකා දමන්නට ඔවුනට අමතක විය. පල්ලි යන නමේ තේරුම, ‘බෞද්ධ විහාරය’ යන්නයි. කේරලයේ බොහෝ ස්ථානවල මේ පල්ලි යන නාමය හමුවේ. උදාහරණ වශයෙන්, කුරුන්ගපල්ලි, කාර්තික පල්ලි, මෙහි සඳහන් කරමි.

    අද ඉන්දියාවේ බුදු දහම පවතින්නේ, ටිබෙටයට මායිම් වූ කොටස්වලත්, අඩු කුලයේ යයි සම්මත ඩැලිට් ජාතිකයන් අතරේත් පමනි. බුදු දහම ඉන්දියාවෙන් සම්පූරණයෙන් පාහේ නැතිවී යන්නට තවත් හේතුවක් වුනේ ‘තුර්කි’ සහ ‘අරාබි’ ආක්‍රමණ හේතුවෙනි.

    මුසල්මානුවන් කරන ලද ‘නාලන්දා සන්හාරය’ ඉතා ප්‍රකටය. වැඩිවෙන බ්‍රාහ්මණික ආගමික බලය හමුයේ, සාමකාමී බෞද්ධයන් මරනීය තර්ජන අතරේ සැඟව ගියහ. බ්‍රාහ්මණිකයන් බුදු දහම ලෝකයෙන් තුරන් කරන්නට කල තවත් උප්පරවැට්ටියක් නම්, බුදුන් වහන්සේ, හින්දු ආගමේ දශ අවතාර අතරෙන් තවත් අවතාරයක්, එනම් ‘බුද්ධි අවතාරය’ ලෙස සඳහන් කර, අඩු දැනුම ඇති බෞද්ධයන් හා, බෞද්ධාගමට කැමැත්තක් දැක්වූ හින්දූන් බ්‍රාහ්මණිකයන්ගේ ග්‍රහණයට නතු කර ගැනීමය.

    මෙහිදී හින්දු ආගමේ ග්‍රන්ථවලද, බෞද්ධයන්ට විරුද්ධව නොයෙකුත් නීති කෙටුම්පත් විය. හින්දු ගුරුවරයකු වන ‘අපර්ණක’ මෙසේ කියයි. ‘බෞද්ධයෙක් බ්‍රාහ්මණික සිරුරක ගෑවුනහොත්, වහා ඔෂධ ස්නානයක් කර සුද්ධ පවිත්‍ර විය යුතුය.’ ඉතා ප්‍රසිද්ධ පොතක්වූ ‘අර්ථ ශ්‍රාස්ත්‍ර’ ලියු ‘චානක්‍ය’, මෙසේ කියයි. ‘දෙවියන්ට පුජා කරන ලද රාත්‍රී ආහාර පූජා උළෙලකට බෞද්ධයෙක්, ආජීවකයෙක්, ශුද්‍රයෙක් පැමුනුණහොත්, ඔහු පනා 100 ක දඩයකට යටත්ය’

    ක්‍රිස්තු පූර්ව 505 දී, බෙන්ගාලයේ රජු වූ ‘සසන්ක’, බෝධි ගයාව ආක්‍රමණය කර, බුදුන් වහන්සේ පිට දුන් බෝධිය සම්පූර්නයෙන්ම විනාශ කලේය. එතනින් නැවතුනේ නැති ඔහු, බෝධි වෘක්ශය පාමුල තිබූ, බුදුන් වහන්සේගේ සිටිවන පිළිමය විනාශ කර, ශිව දෙවියන්ගේ පිළිරුවක් තැන්පත් කලේය. තවද එම ප්‍රදේශයේම සිටි සියළුම බෞද්ධ භික්ෂූන් ඝාතනය කිරීමට අන දුන්නේත් මොහුමය. ශිව වාදියෙකු වූ තවත් රජ කෙනෙකු වූ ‘මිහිඳුකුල’ විසින් බෞද්ධ සිද්ධස්ථාන 1500ක් සහමුලින්ම විනාශ කර, ඒවායෙහි සිටි සියලුම භික්ෂූන් ඝාතනය කරන ලදී. අයෝධ්‍යාවේ අද තිබෙන සියළුම හින්දු කෝවිල් පෙර කල බෞද්ධ පන්සල් වශයෙන් තිබිණ. උදහරණ කීපයක් නම්, සබ්‍රිමාලා, තිරුපති, බද්‍රිනාත් සහ පූරි වේ.
    අතුරු කතාවක් :- …ලංකාවේ සිටින බෞද්ධ යයි කියන පාලකයන්…එක්කෝ ඕනා නැහැ…
    මෙවන් ශෝචනීය තත්වයක් තුල, ඉන්දියාවේ බුදු දහම පැවතුනාදැයි තහවුරු කිරීමට හැකි වූ ප්‍රධානම හේතුව නම්,ඉන්දියාවේ ඇති විශාලත්වයම වේ. බුදුන් වහන්සේගේ පරිනිර්වානයෙන් පසු, ඉන්දියාවේ බෞද්ධයන්ට අත්වූ ඉරණමෙන් බිඳක් වත්, සිරිළක බෞද්ධයන් පසුගිය අවුරුදු 2500 තුල අත් විඳ නොමැත. අශෝක ස්තම්භය නොවන්නට, නවීන විද්‍යා උපක්‍රම නොවන්නට, බුදු දහම තියා බුදුන් වහන්සේගේ නමත් ඉන්දියානු ඉතිහාසයෙන් අතුගා දමන්නට බ්‍රාහ්මණිකයන් සමත් වන්නට ඉඩ තිබුනි.

    උපුටා ගැනිමකි.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,298
    34,972
    113
    Pissuda ban owa boru.budubamduruwo lankawe.
    එතකොට පාලි භාෂාව කියන එක ලංකාවේ භාෂාවක්ද? එහෙම නැත්තං බුදු හාමුදුරුවෝ ධර්මය දේශනා කලේ සිංහලෙන්ද?
     
    • Like
    Reactions: NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,666
    68,027
    113
    එතකොට පාලි භාෂාව කියන එක ලංකාවේ භාෂාවක්ද? එහෙම නැත්තං බුදු හාමුදුරුවෝ ධර්මය දේශනා කලේ සිංහලෙන්ද?
    Buduhamdurwo katha kare magadi.pali passe apu ekak.owa suddo liyapu pacha.uba hitanawada indian kareykta metchara pansal vihara statue hadanna lankawe unta pissu kiyala.tamange ekenek nan witarai ehema adarayak enne
     
    • Like
    Reactions: NRTG

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    Buduhamdurwo katha kare magadi.pali passe apu ekak.owa suddo liyapu pacha.uba hitanawada indian kareykta metchara pansal vihara statue hadanna lankawe unta pissu kiyala.tamange ekenek nan witarai ehema adarayak enne

    magadi kiyanne lankawe use karapu bashawak nam eka continue nokara sinhala kiyala ekak awe kohomada ?
     
    • Wow
    Reactions: NRTG and nalin0001

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,298
    34,972
    113
    Buduhamdurwo katha kare magadi.pali passe apu ekak.owa suddo liyapu pacha.uba hitanawada indian kareykta metchara pansal vihara statue hadanna lankawe unta pissu kiyala.tamange ekenek nan witarai ehema adarayak enne
    එතකොට දැන් ත්‍රිපිටක ග්‍රන්ථවල පාලියෙන් තියෙන්නේ බුදු හාමුදුරුවො දේශනා කරපුවා නෙමෙයිද
     
    • Like
    Reactions: NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,666
    68,027
    113
    Suddo gautama buddawai mahavirage ewai mix karala hena boruwak liyala.mahavirage wiki page eka balapan.eketh tattage nama wife ge nama okoma ekai
     
    • Like
    Reactions: NRTG

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,817
    17,042
    113
    ‘ජලාලුක රජු’ විසින් බෞද්ධ විහාර සහ පන්සල් විනාශ කලේ, බෞද්ධ ගාථා සජ්ජායනයෙන් වරක් ඔහුගේ නින්දට බාධා වීම හේතුවක් කරගෙනය.

    meka nan danuth wenawa. kana palenna pirith danawa handiyak handiyak gaane budu pilima thiyan inna 3wheel kaarayo. un hitanne eka thama budu dahama kiyala. eth un karannema hora magadi wada
     
    • Like
    Reactions: NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,298
    34,972
    113
    එතකොට ලංකාවේදී ත්‍රපිටකය ග්‍රන්ථාරූඩ කළේ සිංහල අකුරෙන්ද? පාලි භාෂාවෙන්ද? සිංහල භාෂාවෙන්ද? ඒ ඔරිජිනල් වර්ශන් එක කොහෙද තියෙන්නේ ඇත්තටම
     
    • Like
    Reactions: NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,666
    68,027
    113
    එතකොට ලංකාවේදී ත්‍රපිටකය ග්‍රන්ථාරූඩ කළේ සිංහල අකුරෙන්ද? පාලි භාෂාවෙන්ද? සිංහල භාෂාවෙන්ද? ඒ ඔරිජිනල් වර්ශන් එක කොහෙද තියෙන්නේ ඇත්තටම
    Sinhalen kare lankawe.e kale tibba parana sinhala walin.
     
    • Like
    Reactions: NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,298
    34,972
    113
    Sinhalen kare lankawe.e kale tibba parana sinhala walin.
    කොහෙද ඒක තියෙන්නේ එතකොට? විනාශ වෙලාද? එතකොට ඒ පරණ භාෂාවෙන් ධර්මය තිබුණා නම් කටපාඩමින් ඒ භාෂාවෙන් ධර්මය පැවතීගෙන එන්න එපැයි
     
    • Like
    Reactions: NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,666
    68,027
    113
    කොහෙද ඒක තියෙන්නේ එතකොට? විනාශ වෙලාද? එතකොට ඒ පරණ භාෂාවෙන් ධර්මය තිබුණා නම් කටපාඩමින් ඒ භාෂාවෙන් ධර්මය පැවතීගෙන එන්න එපැයි
    Sinhala atuwawala tibba.e okoma pichuwane.sinhala atuwawala orginal version eka tibba.
     
    • Like
    Reactions: NRTG

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    රාජ්‍ය අනුග්‍රහය ගොඩක් තිබ්බ ඉන්දියාවේ සාසනේට .
    ඒත් බුදු දහම පැතිරිලා තිබුනේ දකුණු ඉන්දියාවේ අඩුවෙන උතුරේ තිබ්බේ ,
    උතරු ඉන්දියාව ආක්‍රමණය කරපු ආක්‍රමනිකයෝන්ගේ target එකක් උනා රාජ්‍ය අනුග්‍රහය තිබුන හේතුව නිසා ,පන්සල් හොයා හොයා විනාස කරා . බුදු දහම ගෑවුන නාලන්ද වගේ ඒවා විනාස කරා නාලන්ද වල හැම ආගමක්ම ,ඒ කලේ තිබ්බ ශිල්ප ක්‍රමයක්ම වගේ උගන්නපු තැනක් උනත් .
    උතුරු ඉන්දියාවට ආපු ආක්‍රමනිකයෝන්ගේ මැවුම් වාදය ප්‍රතික්ෂේප කරන බුදු දහම වගේ ඒවා තර්ජන .
    හින්දු කියන වර්තමානයේ generalize කියන ආගම flexible එකක් එකෙන් ඉතිරි වෙලා තිබ්බ බුදු දහමට අදාල දේවල් ඒ අයගේ විදිහට වෙනස් කරගෙන අදහන්න ගත්ත . බුදු හාමුදුරුවෝ කියන්නේ විෂ්ණුගේ අවතාරයක් වගේ දේවල් එහෙම හැදුන කතා.

    ඉන්දියාවේ එහෙම ආපු ආක්‍රමණිකයෝ සංස්කෘත වලින් හැදුන භාෂා වැරදියට උන්ගේ හුරුවට උච්චාරණය කරාම හදුනා අලුත් භාෂාව තමයි හින්දි භාෂාව.

    1800-1950 කාලේ ඉඳපු පල් මෝඩ බ්‍රිටිෂ් archaeologists ,බ්‍රිටිෂ් historians පල් මෝඩයෝ & ටොම් පචයෝ කියපු ,ගොතපු , p -hack කරපු දේවල් වලින් ඉන්දියාව වගේ ලෝකේ තීන සංකීර්ණ ම ඉතිහාසයක් තීන රටක ඉතිහාසය මනින්න එපා .

    සහ ගොටු අල්ලන් ඉඳපු indian local උන් ලංකාවෙත් එහෙම උන් ඉන්නවා ප්‍රසිද්ධ ,කිසිම පදනමක් නැතුව මීට අවුරුදු හැට හැත්තෑවකට කලින් ඉතිහාසය විස්තර කරපු local උන්


    ඉන්දියාවේ(දැන් india කියන ග්‍රීක් නම කියන ටික නෙමේ දැන් රටවල් ගානකට බෙදිලා තීන පරණ මුළු area එකම ) තරම් සංකීර්ණ ඉතිහාසයක් ,සන්කෘතියක් ලෝකේ කොහෙවත් නැහැ ,ලං වෙන්නවත් තරම් කිට්ටු වෙන රටක් වත් නැහැ


    උදාහරණ බලන්න පුළුවන් ලංකාවේ ප්‍රසිද්ධම ඉතිහාස කවි පොත පටන් ගන්නේ ඒ කලේ තිබ්බ පචයක් උන ජන කතාවකින් ,
    බුදු හාමුදුරුවෝ සක්කරයට කිව්වලු විජය ආරක්ෂා කරන්න ,ලංකාව ආරක්ෂා කරන්න ,විශුනු කියල කෙනෙක් ඇවිත් පිරිත් නූල් බැන්දලු :lol:
    බුදු දහම ගැන අබ මල් රේණුවක තරම් දෙයක් දන්නා කෙනෙක්ට තේරෙනවා බුදු හාමුදුරුවෝ එහෙම කතාවක් කවදාවත් නොකියන බව සක්‍රයට
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,005
    2
    116,160
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අතුරු කතාවක් :- එදා සහ අද දේශපාලනඥයන් පූ* උඩ දමාගෙන වඳින හින්දු කෝවිල් සියල්ල, බෞද්ධ සිද්ධස්ථාන වේ

    ස්තුතියි!
     
    • Like
    Reactions: NRTG