ඉන්දියාවෙන් හඳුනාගත් නව කොරෝනා වෛරස් ප්‍රභේදය ගැන ලොවටම අනතුරු ඇඟවීමක්!

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,502
    47,636
    113
    ඉන්දියාවෙන් පළමුව හඳුනාගත් නව කොරෝනා වෛරස් ප්‍රභේදය සම්බන්ධයෙන් සමස්ත ලෝකයම දැඩි අවධානය යොමු කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

    ඒ අනුව බී 1617 කොරෝනා වෛරස් ප්‍රභේදය ගෝලීය අවදානම් සහිත ප්‍රභේදයක් ලෙස නම් කර තිබෙනවා.

    මීට පෙර බ්‍රිතාන්‍ය, දකුණු අප්‍රිකාව සහ බ්‍රසීලයෙන් සොයා ගැනුණු කොරෝනා වෛරස් ප්‍රභේද වැඩි ප්‍රචාරණයක් සහිත කොරෝනා ප්‍රභේද ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නම් කළා.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ තාක්ෂණික ප්‍රධානී මරියා වෑන් කර්කොව් ඊයේ ජිනීවා නුවර පැවති මාධ්‍ය හමුවේදී කියා සිටියේ.

    ඉන්දීය ප්‍රභේදය මගින් කොරෝනා ව්‍යාප්තිය ඉහළ යන බවට තොරතුරු රැසක් ලැබී ඇති බවයි.

    එමෙන්ම, එය මේ වනවිට ලොව රටවල් රැසකට පැතිරී ඇති බවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ තාක්ෂණික ප්‍රධානී මරියා කර්කොව් සඳහන් කළා.


    මේ අතර, කොරෝනා වෛරසය ආසාදනය වී මියගිය පුද්ගලයින්ගේ බවට සැලකෙන මළ සිරුරු 40 කට වැඩි සංඛ්‍යාවක් බිහාරයේ ගංඟා නදී ඉවුරේ ගොඩගසා තිබී සොයා ගැනුණා.

    _118447850_buxar.jpg


    තවත් මළ සිරුරු එහි පාවෙමින් පවතින අතර, ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ මළ සිරුරු සියයකට අධික සංඛ්‍යාවක් එලෙස නිරීක්ෂණය කර ඇති බවයි.

    මෙම මළ සිරුරු උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙන් ගංඟා නදියට දමා ඇති බව සඳහන්.

    කොරෛා්නා මළ සිරුරු ආදාහනය කිරීම සඳහා මුදල් නොමැති ඉන්දියානුවන් එම විකල්පය තෝරාගෙන ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

    එක් මළ සිරුරක් ගිලන් රථයකට පැටවීම සඳහා පමණක් රුපියල් දෙදහසක් පමණ අය කිරීම ඊට හේතුවයි.

    _118453791_healthindia1.jpg



    https://www.bbc.com/sinhala/world-5...hala&at_medium=custom7&at_custom1=[post+type]
     
    Last edited: