ඉන්දියාවේ ඉදන් ලංකාවට පීනලා 😳

Jagzy

Well-known member
  • Jul 13, 2021
    284
    364
    63
    ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පිහිනු ත්‍රීකුණාමලයේ දනන්තන්ට ත්‍රීකුණාමලයෙන් උපහාර
    සිංහල මධ්‍ය මහා විද්‍යාලයෙනුත් උණුසුම් සුබ පැතුම්.
    ඉන්දියාවේ දනුස්කොඩි සිට ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම දක්වා පිහිනා ලෝක වාර්තාවක් තැබීමට ත්‍රීකුණාමලය කෝනේස්වරා හින්දු විද්‍යාලයේ 13 හැවිරිදි හරිහරන් දනන්තන් සිසුවා සමත් වී ඇත.
    දනන්තන් ඉන්දියාවේ ධනුස්කොඩියේ සිට ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම දක්වා වු කිලෝ මීටර් 31.05 පිහිණිමට පැය 08 විනාඩි 15 ක් ගත කර තිබේ.
    දනන්තන් ත්‍රීකුණාමලයට පැමිණි අවස්ථාවේ ඔහු ඉගෙනුම ලබන ශ්‍රී කෝනේස්වරා හින්දු විද්‍යාලය දනන්තන් පිලිගැනීමේ උත්සවයක් සංවිධානය කර තිබු අතර,ඊට සමගාමීව ත්‍රීකුණාමලය සිංහල මධ්‍ය මහා විද්‍යාලීය ජාතික පාසල,ශාන්ත ජෝෂප් විද්‍යාලය,විවේකානන්ද මහා විද්‍යාලය ඇතුළු පාසල් රැසකින් දනන්තන් පිළිගැනීමට උත්සව සංවිධානය කර තිබුණි. :love: :love2: 😳

    Source -

    1709614856226.jpeg