ඉන්දියාවේ කෝච්චි - පලමු කොටස (Rajdhani Express)

SasiSpenzer

Well-known member
  • Jun 9, 2016
    407
    1,059
    93

    ඉන්දියාවේ කෝච්චි - පලමු කොටස (Rajdhani Express)


    කොරෝනා කාලේ ලිව්ව උතුරු ඉන්දියානු ලිපි මාලාව,එවරස්ට් බේස් කැම්ප් ලිපි මාලාව සහ NIM පාසල ගැන ලිපි මාලාවට පස්සේ ආයෙමත් ලිපියක් ලියන්න ඉඩකඩක් වගේම ආසා හිතෙන මාතෘකාවකුත් හරියට ලැබුනේ නැ. ඒත් සති කීපයකට කලින් මට එහෙම ආසාවෙන් කරුණු හොයලා බලලා ලිපියක් ලියන්න තරම් වටින මාතෘකාවක් අපේ අසල්වැසි රටෙන් හමුවෙනවා. ලැබෙන ඉඩකඩත් එක්ක ලිපි මාලාවක්ම ලියන්න නම් වෙන එකක් නැ. හැබැයි කෙටියෙන් හරි මේ පිලිබදව සටහනක් ලියන්න ඕනේ කියන එක මට හිතුනා.

    උඩින් තියෙන මාතෘකාවේ හැටියටම ඒ තමයි ඉන්දියාවේ කෝච්චි. මේ මාතෘකාව කොච්චර රසවත්ව පුලුල්ව විහිදෙන මාතෘකාවක්ද කියනවා නම් උතුරු ඉන්දියාවේ කොටස් දහයකින් පල වුන ලිපි මාලාව වගේම ලියන්න මේකෙත් කරුණු තියෙනවා.

    ඉන්දියාවේ පිරිසිදු අපිරිසිදුකම් , ජනතාවගේ තියෙන ආකල්පමය දේවල් ජීවන රටාවේ වෙනස්කම් ගැන අපි මොනවා කොහොම කතා කරත් ඉන්දියාවේ පොදු ප්‍රවාහන මාධ්‍ය වලින් ප්‍රධානතම එක වෙන ඉන්දීය දුම් රිය සේවය තියෙන්නේ ලන්කාවේ අපිට වඩා බොහොමත්ම Advance තත්වෙක.

    විශාල භූමි ප්‍රමාණයක පැතිරුන රටක් විදියට ඉන්දියාව ලෝකෙන්ම විශාලම දුම් රිය මාර්ග පද්ධතිය ඇති රටවල් වලින් හතරවන ස්ථානයට පත්වෙලා තියෙනවා. (පලමු තැන හිමිවෙන්නේ ඇමරිකාවට ). ඉන්දියාවේ හින්දි දමිළ තෙලිගු ෆිල්ම්ස් වලින් අපි දකින ගොඩක් දුම් රිය දර්ශන සහ දුම් රිය මාර්ගය ආශ්‍රිතව තියෙන ලස්සන දර්ශන තියෙන තැන් ඇත්තටම දැක බලාගන්න පුලුවන් තැන් වීමත් විශේෂයි.උදාහරණයක් විදියට Dudhsagar දිය ඇල්ල පෙන්වා දෙන්න පුලුවන්.

    3850273270_c373010e61_b.jpg


    හැබැයි මේ හැමදේකින්ම වැඩිය අවධානය නොදෙන ඒත් ඇත්තටම ඉන්දියාවේ ක්‍රියාත්මක වෙන සැප පහසුකම් උපරිමේට තියෙන මුදලත් සාධාරණ දුම් රිය ගමන්වාර ගොඩක් සහ පහසුකම් ගොඩක් ඉන්දියාව සතුයි. මේ ලිපි පෙලෙන් වැඩියෙන්ම අවධානය යොමුකරන්නේ ඒ සම්භන්ධයෙන්.

    ඒ වගේම ඉන්දියාවේ නගර 15ක සම්භන්ධ කරන මෙට්‍රො පද්ධතියක් වගේම බුලට් ට්‍රේන් එකක් කියලා කියන්න බැරි වුනත් පැයට කිලෝමීටර් 150 - 200 ක ආසන්න වේගයකින් ගමන් කරන දුම් රිය සේවයක් ඉන්දියාවට අයිතියි.

    WhatsApp-Image-2022-09-30-at-4.09.52-PM-1200x675-1.jpeg


    මේ පලමු කොටසින් කරුණු කියවෙන්නේ ඉන්දියාවේ තියෙන වෙනස් වෙනස් දුම් රිය ගමන්වාර සහ ඒවගේ තොරතුරු. ගොඩක් වෙලාවට මේවා වෙනම දුම් රිය සේවාවන් විදියටත් හදුන්වන්න පුලුවන්. එතනිනුත් එක සේවාවක් විතරක් එක ලිපියකින් කතා කරමු. ඒ තරම් දිගයි 😒

    මේ ලිපි මාලාවෙන් ගේන දුමිරියන් එකක හරි ඔයාලා ඉන්දියාවේ ගියපු වෙලාවක ට්‍රයි කරන්න . මමත් හිතන් ඉන්නේ එහෙම :)


    Rajdhani Express

    Rajdhani-Express.jpg


    ඉන්දියාවේ ගමන් කරන දුම් රිය වාර අතර උසස්ම වර්ගයක් කියලා හදුන්වන්න පුලුවන්. මේ දුම් රියන් සියල්ල නව දිල්ලියේ සිට රටේ විවිධ පැති වලට තමයි විහිදිලා තියෙන්නේ.දැනගන්න තියෙන තොරතුරු අනුව දිල්ලියේ සිට ගමනාන්ත 24 කට දුම් රිය 48ක් සතිපතා / දිනපතා ගමන් කරනවා. සමහර ගමනාන්ත වලට දිනපතා දුම් රිය ධාවනය උනත් බහුතරයක් ගමනාන්ත වලට මේ දුම් රිය ධාවනය වෙන්නේ සතියේ දවසක් හෝ දෙකක් විතරයි.

    මේ දුම් රියේ ආසන පන්ති තුනක් යටතේ බලාගන්න පුලුවන්. 1 AC , 2 AC සහ 3 AC විදියට වෙන් කෙරෙන මේ ආසන සියල්ල අයිති මැදිරි සියල්ල වායුසමීකරණය කරපු මැදිරි විදියට බලාගන්න පුලුවන්. ඒ ඒ පන්තිය අනුව සම්පූර්ණ දොරකින් වැසුනු කාමරයක් සහිත කොටසක් හෝ කර්ටන් වලින් ආවරණය වු කුටීරයක් හෝ සාමන්‍ය මට්ටමේ ආසන සහිත මැදිරි විදියට වෙන් වෙලා තියෙනවා.

    Punjab, Haryana, Uttar Pradesh, Andhra Pradesh, Uttarakhand, සහ Rajasthan කියන ප්‍රාන්ත වලට දැනට මේ සේවාව බලපැවැත්වෙන්නේ නැ. ඒ ඇරෙන්න අනිත් ප්‍රාන්ත 22 දීම මේ රාජධානි සේවයේ ගමන් කරන්න ඔයාලට පුලුවන්.

    මේ අතරින් බොහෝමක් දුම් රිය පැය 24කට වඩා අධික ගමන් කාලයක් සහිත දුම් රිය ගමන් වෙනවා. ලන්කාවේ අපිට නම් පැය 24ක දුම් රිය ගමනක් අලුත් දෙයක් වුනාට ඉන්දියාවේ ඒක බොහොම සුලබ දෙයක්.

    දිල්ලියේ සිට හිමාචල් ප්‍රදේශ් වල Jammu Tawi ස්ටේශන් එකට යන ගමන තමයි රාජධානි Express දුම් රියට අඩුම දුරක් සහිත ගමනාන්තය විදියට සැලකෙන්නේ. ඒකත් පැය 9 ක කිලෝමීටර් 582ක දිග ගමනක්. දිගම ගමනාන්තය වෙන්නේ කේරලයේ සිට Hazrat Nizamuddin ( දකුණු දිල්ලිය ආශ්‍රිත නගරයකි ) දක්වා දිවෙන පැය 46ක එහෙමත් නැතිනම් කිලෝමීටර් 3149 ක ගමන.


    DWDwns0X0AAaXCv.jpg


    ඒ වගේම මේ දුම් රිය සේවය අයත් කාණ්ඩය ඉන්දියාවේ වැඩිම වේගයෙන් දිවෙන දුම් රිය කීපයටත් අයත්. පැයට කිලෝමීටර් 130 -140 අතර වේගයකට ආසන්නයේ මේ දුම් රිය ගමන් කරනවා. යන්න තියෙන දුරත් ඒක්ක ඒ වගේ වේගෙකින් වත් ගියෙ නැත්නම් සමහර ගමන් සති ගනන් යන්න වෙන්න ඉඩ තියෙනවා.

    අනිත් විශේෂිතම දේ තමයි දුම් රිය ටිකට් එකටම අපිට ලැබෙන කැම බීම. ඔයා කොච්චියට නගින වෙලාව ගමනේ නිරතවෙන වෙලාව අනුව ඔයාට උදේ තේ උදේ කැම දවල් කැම සවස තේ වගේම රාත්‍රි ආහාරයත් පිරිණමනවා.ඒ තේ වේල් වලට Snacks එකක් හෝ දෙකක් ඇතුලත් කරන්නත් මෙයාලා අමතක කරන්නේ නැ. ඒ වගේම සැම ප්‍රධාන ආහාර වේලක් එක්කම අතුරුපසකුත් ඇතුලත් වෙනවා.ෆොටොස් බලනකොට තේරෙයි කොච්චර හොද මට්ටමේ කැම වේලක් මේ දුම් රිය සේවාවෙන් අපිට ලැබෙනවද කියලා.

    IMG_0212-840x631.jpg


    maxresdefault.jpg
    main-qimg-a4c5fe86d470f8b4e7a8c4bfb8949edf-lq.jpg



    ඉතින් මේ සේරම ලැබෙන රාජධානි Express එකේ යන්න අපිට කීයක් විතර කුඩු වෙයිද ?

    ඒක තමයි ඉතින් වැදගත්ම ප්‍රශ්ණය. ඒක අපි ගමන් කරන දුර අනුව වෙනස් වෙනවා. ඒ වගේම අපි ලබාගන්න මැදිරි වර්ගය සහ ආහාර ඇතුව හෝ නැතුව කියන කාරණා මත ටිකට් එකේ වියදම තීරණය වෙනවා. හැබැයි මේ සියල්ල මට අනුව නම් ඉතාම සාධාරණ අයකිරීම් කියලා හිතෙන්නේ.

    උදාහරණයක් විදියට ගමනාන්ත කීපයක ටිකට් වල ගාන මම දාලා තියන්නම් අදහසක් ගන්න.

    දිල්ලි සිට කාන්පූර් දක්වා - දුර කිලෝමීටර් 500ක් පමණ වෙන මේ ගමනේ සම්පූර්ණ ගමන් කාලය පැය 9කට පොඩ්ඩක් වැඩි වෙන්න පුලුවන්. ටිකට් එකක් ඉන්දියානු රුපියල් 2200ක වගේ මුදලකට ගන්න පුලුවන්. අද පවතින රේට් එකට ඒක අපේ රුපියල් වලින් 9000ක ට කිට්ටු අගයක්.

    දිල්ලියේ සිට කොල්කටා දක්වා පැය 24ක් දිවෙන කොච්චිය උපරිම සැප පහසුකම් සහිත මැදිරියක ආසනයක් ඉන්දියානු රුපියල් 4200ක් විතර වෙනවා. ආසන්නව ලන්කාවේ රුපියල් වලින් 17000ක් විතර

    irctc-indian-railways.jpg


    ඉන්දියාවේ ගියොත් එකවරක් හරි අත්හදා බලන්න ඕනේ මේ වගේම කොච්චි ගොඩක් සහ ඒවගේ පහසුකම් සහ විශේෂ දේවල් ගැන ඉදිරියට කතා කරමු


    නූල හොද නම් පහල ලින්කුවත් ඔබාගෙනම යන්න. මේ මගේ චැනල් එක. ඇත්තටම මේකේ වෙන්නේ ගියපු තැන් කාපු බීපුවා පෙන්නන එක නෙවේ. කෙනෙක්ට ගමනක් සැලසුම් කරන්න කියලා දෙන එක. ඒ නිසා දැන්ම පහල ලින්කුව ඔබලා වැඩේට සෙට් වෙන්න. ජයවේවා. පාදයාත්‍රා වීඩියෝ එක හැදෙමින් පවතිනවා

    මේකත් ඔබාගෙනම යන්න 👈👈👈 😈:yes:

     

    SasiSpenzer

    Well-known member
  • Jun 9, 2016
    407
    1,059
    93
    මම ඉන්දියාවේ කෝච්චියක රැයක් එළිවෙනකල් ගිහින් තියෙනවා
    ඒකත් පට්ට එස්ක්පිරියන්ස් එකක්
    මරුනේ මචන්. කොහෙ ඉදන් කොහෙටද ගියේ ? :yes:

    :yes: :love:
    ------ Post added on Mar 13, 2023 at 8:30 AM
     
    • Like
    Reactions: Lahiru120

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,648
    113
    ඉන්දියාව කියන්නේ සල්ලි තියෙන මිනිහට තව්තිසා දෙව්ලොව වගේ තැනක්. දුප්පතාට අවීචි මහා නරකාදිය වගේ තැනක්.
    ඇත්තෝ කති බොති රෙති සුකති.