ඉන්දියාවේ භාගයකට වැසිකිලි නෑ
ඉන්දියාවේ බිලියන 1.2 ක් වු ජනගහනයකින් අඩකට පමණ වැසිකිලි නැති බව එරට මානව සංවර්ධන වාර්තාවෙන් කියවෙයි. විශේෂයෙන් ගම්බද ප්‍රදේශවල නිවාස තුනකින් දෙකකට පමණ වැසිකිලි නොමැති අතර එලිමහනේ මළපහ කිරීම සුලභ සිද්ධියකි.
මෙය 2015 වන විට ජනගහනයෙන් අඩකට මූලික සනීපාරක්ෂක පහසුකම් සැපයීමේ සහස්ර සංවර්ධන අරමුණූ වලට බාධාවක්ව පවතී. මෙය ඉන්දියාවේ කුල භේදයත් සමඟ එන සංස්කෘතික ගැටළුවක් බව පෙනෙන්නට ඇත. මහත්මා ගාන්ධි තුමාද මේ ප්රශ්නය පිලිබඳව බොහෝ දේ සිදුකල අයෙකි. ඉන්දියානු සංස්තෘතිය තුල හුරුවී ඇත්තේ නිවසින් පිටත මළපහ කර නිවස පිරිසිදුව තබා ගැනීමටයි.
කෙසේ නමුත් ගම්වල තත්වය දැන් සෙමින් යහපත් වී ඇත. 2002 දී 45% ක් වූ සනීපාරක්ෂක පහසුකම් වලට එලඹීමේ හැකියාව 2008-2009 වන විට 51% දක්වා වැඩි වී ඇත. බිහාර්, ජාකන්ඞ්, මධ්‍ය ප්‍රදේශ්, ඔරිස්සා, රාජස්ථාන්, තමිල්නාඩු වැනි ප්‍රදේශවල තවමත් නිවෙස් වලින් 60% කට පමණ වැසිකිලි පහසුකම් නැත. ඉන්දියානු රජය වැසිකිලි ඉදි කිරීමට ආධාර දෙන අතර සනීපාරක්ෂක හා සෞඛ්‍ය ව්‍යාපාර දියත් කර ඇත.
2005 දී සනිපාරක්ෂක වියදම් තුන් ගුණයකින් වැඩිකර ඇත. නමුත් ඉන්දියානු ජනතාව සනීපාරක්ෂාව හා සෞඛ්‍යය ගැන ඇති සංස්කෘතික ආකල්ප වලින් වැලකෙන තුරු ඉන්දියාව කෙදිනකවත් ප්‍රමාණවත් තරම් වැසිකිලි නැති රටක් වනු ඇත.
lanka C news