ඉන්දියාවේ සිංහයන් දෙදෙනෙකු ජීවිතාන්තය ද&

DjAtrocity

Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ඉන්දියාවේ සිංහයන් දෙදෙනෙකු ජීවිතාන්තය ද&

    ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ගිර් අභය භූමියේ සිටි සිංහයන් දෙදෙනෙකු ජීවිතාන්තය දක්වා සිරකර තැබීමට ඉන්දීය බලධාරීන් නියම කර තිබෙනවා. එම සිංහයන් මිනිස් මාංශ ආහාරයට ගැනීමට පුරුදු වී තිබීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ. ගිර් අභයභූමියේ සිටි සිංහයන් 18 දෙනෙකු පරීක්‍ෂණයට ලක් කිරීමෙන් අනතුරුව සොයාගෙන ඇත්තේ ඉන් දෙදෙනෙකු මිනිස් මාංශ ආහාරයට ගැනීමට පුරුදු වී ඇති බවයි. පුද්ගලයන් තුන් දෙනෙකු ද එම සිංහයන් ගේ ගොදුරු බවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.


    Gujarat-lions-on-trial-after-three-people-killed2.jpg

    ඉන්දියාවේ ශේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගයකට අනුව මෙසේ ගීර් රක්ෂිතයේ සිටින සිංහයන් 18 දෙනෙක් නිර්වින්දනය කර අත් අඩංගුවට ගෙන උන්ගේ දත් නිය පාද සලකුණු පරීක්ෂාකර මෙසේ මිනී කන සිංහයන් 2දෙනා හඳුනාගෙන ඇත.
    _89971806_293c11d3-b479-4100-9511-e5ff65cb297c.jpg


    පසූගිය මාස දෙක ඇතුළත දී ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයේ ගිර් වනෝද්‍යානයේ වෙසෙන ආසියාතික සිංහයන් 13 දෙනෙක් දඩයම්කරුවන්ට බිළි වී ඇත. ගුජරාටි ප්‍රාන්තයේ ගිර් වනෝද්‍යානයේ සිංහයන් 400 දෙනෙක් වාසය කරන අතර මූළු ආසියාවේම සිංහ ගහණයක් ඇති එකම වනාන්තරයද මෙයයි. මේ මරා දමන ලද සිංහයන්ගේ ඇටකටූ ඉතා ඉහළ මිලට චීන බෙහෙත් සඳහා අලෙවි කෙරේ. මෙම ගිර් වනාන්තරය අහමදාබාද් නගරයට 185 දකුණූ දිගින් පිහිටා ඇත. ගුජරාටි ප්‍රාන්ත දේශපාලන බලධාරීන් පවසන්නේ මධ්‍යම රජය මේ සිංහයන් ආරක්ෂා කිරීම සඳහා කිසිවක් නොකරන බවයි.
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉන්දියාවෙ ජනගහනෙත් වැඩි එකේ එකෙක් දෙන්නෙක් කෑවාම මක් වෙනවද ? :eek: :eek: