ඉන්දියාවේ

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ඉන්දියාවේ පුහුණුව ලැබූ
    සන්නද්ධ කල්ලියක්‌ ශ්‍රී ලංකාවේ

    ත්‍රි"මලේ ඊ.පී.ඩී.පී. සාමාජිකයා ඝාතනයටත් සම්බන්ධයි
    යළි පැන යැමේ තැත වැරදී නැගෙනහිර පළාතේ හැංගිලා


    ep300.jpg


    ත්‍රිකුණාමලය පෙරියකුලම් ප්‍රදේශයේදී ඊ. පී. ඩී. පී. සාමාජිකයකු කපා කොටා ඝාතනය කරනු ලැබුවේ දකුණු ඉන්දියාවේ සිට පැමිණි සන්නද්ධ කණ්‌ඩායමක්‌ විසින් බවට තොරතුරු හෙළිකරගත් පොලිසිය ඊට සම්බන්ධ සන්නද්ධ පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.


    ඉකුත් 17 වැනිදා ත්‍රිකුණාමලය පෙරියකුලම් ප්‍රදේශයේදී ඊ. පී. ඩී. පී. සාමාජිකයා ඝාතනය කළ මෙම සන්නද්ධ පුද්ගලයන් ඔහුගේ සිරුර අසල "ෙද්‍රdaහීන්ට මරණ දඬුවම නැවත අපි වැඩ පටන් ගත්තා" යනුවෙන් දෙමළ භාෂාවෙන් සටහන් කළ පුවරුවක්‌ ද දමා ගොස්‌ තිබිණි.

    මෙම සන්නද්ධ පිරිස දකුණු ඉන්දියාවේ සිට බෝට්‌ටුවකින් මෙරටට පැමිණ මෙම ඝාතනය සිදුකර ඇති බව අනාවරණය වී තිබේ. මොවුන් හොර රහසේම ඉන්දියාවට පලායැමට සූදානමින් සිටිය ද එය ව්‍යර්ථ වීම නිසා නැගෙනහිර පළාතේ සැඟවී සිටින බව ද හෙළිවී ඇත.

    මෙම සැකකරුවන් විසින් ඝාතනය කළ බව කියන රඝූනාදන් නොහොත් මුත්තු නමැත්තා ත්‍රිරෝද රථ රියෑදුරෙකි. මොහු කලක්‌ එල්. ටී. ටී. ඊ. සංවිධානයේ ප්‍රබලයකුව සිටි අතර පසුව එම සංවිධානයෙන් ඉවත් වී ඊ. පී. ඩී. පී. සංවිධානයට එකතු වී ඇත.

    මෙම ඊ. පී. ඩී. පී. සාමාජිකයා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මපුරි දිනේෂ් නමැති කාන්තාවක පොලිසිය මගින් ඉකුත් 18 වැනිදා අත්අඩංගුවට ගන්නා ලදී.

    ඝාතනයට ලක්‌වූ ඊ. පී. ඩි. පී. සාමාජිකයා මපුරි දිනේෂ්ගේ සැමියාගේ සමීප මිතුරන් වූ අතර ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ඇය අත්අඩංගුවට ගෙන තිබිණි. පසුව ඇගේ බාප්පා ද පොලිස්‌ අත්අඩංගුවට ගන්නා ලදී.

    එහිදී හෙළිවූයේ මපුරි දිනේෂ් නමැති කාන්තාවගේ සැමියා වන දිනේෂ් කුමාර් නමැත්තා එක්‌තරා සන්නද්ධ සංවිධානයක ක්‍රියාකාරී පුද්ගලයකු බවයි. දිනේෂ් කුමාර් දකුණු ඉන්දියාවේ කඳවුරකදී අවි පුහුණුව ලැබූ අයෙකි.

    සිය සැමියා සමඟ ගේපි, කෝකිලන් යන පුද්ගලයන් දෙදෙනා නිවසට පැමිණ දින කීපයක්‌ එහි නවාතැන් ගෙන සිටි බව ද මපුරි දිනේෂ් පොලිස්‌ ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කර තිබිණි.

    ඒ වන විට දිනේෂ් කුමාර් සහ ඔහුගේ මිතුරන් අතුරුදන්ව සිටි අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස්‌ කණ්‌ඩායම් කීපයක්‌ පරීක්‍ෂණ ආරම්භ කර සිටියහ.

    මේ අතර ත්‍රිකුණාමලය 3 කණුව ඇලස්‌වත්ත පොලිස්‌ මාර්ග බාධකයේදී පෙරේදා සවස සැකකටයුතු පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය. මෙම පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවූයේ ඔහු ඊ. පී. ඩී. පී. සාමාජිකයා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටින කෝකිලන් නමැත්තා බවයි.

    පසුව මෙම පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරීමේදී දිනේෂ් කුමාර් සහ රඝූ නමැති සැකකරුවන් දෙදෙනා ද අත්අඩංගුවට ගැනීමට හැකිවිය.

    මෙම සැකකරුවන් පවසා ඇත්තේ තමන් දකුණු ඉන්දියාවේ කඳවුරකදී එකට පුහුණුව ලැබූවන් බවයි.

    ඊ. පී. ඩී. පී. සාමාජිකයා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙම සැකකරුවන්ගෙන් විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් කීපයක්‌ විසින් ප්‍රශ්න කරගෙන යනු ලැබේ.

    මේ අතර පසුගිය කාලවකවානුව තුළදී උතුරු නැගෙනහිර ප්‍රදේශවල සිදු වූ ඝාතන රැසක්‌ සම්බන්ධයෙන් ප්‍රශ්න මතු වී තිබෙන බව ද පොලිස්‌ ආරංචි මාර්ග කියා සිටියි


    ape ratath oya ballonge rata laginma pihitiyane.:(:angry: