ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ ජාතික සම්පත් විකිණීමේ ක්‍රියාවලිය යටතේ බලශක්ති ව්‍යාපෘති තුනක් ආරම්භ කිරීම සඳහා චීන සමාගමකට යාපනය අර්ධද්වීපයේ පිහිටි දූපත් තුනක් ලබාදීම සම්බන්ධයෙන් ඉන්දියාවේ දැඩි විරෝධය පළ කර ඇති බව වාර්තා වේ.ඉන්දියාව මෙම ව්‍යාපෘතියට විරෝධය දැක්වීමට හේතු වී ඇත්තේ රාමේෂ්වරම ආසන්න දුරකින් මෙම ව්‍යාපෘති ආරම්භ කිරීම මත කලාපීය ආරක්ෂාව පිළිබඳ කාරණාව මතු කරමිනි.
ශ්‍රී ලංකා රජය වෙත ඉන්දියාව විසින් මෙසේ විරෝධය පළ කර ඇත්තේ උතුරේ පිහිටි ඩෙල්ෆ්ට්, නයිනතිව් හා අනලතිවු යන දූපත්වල අදාළ බලශක්ති ව්‍යාපෘති ආරම්භ කිරීමට චීන සමාගමකට ඉඩදීම සම්බන්ධයෙනි. පසුගිය ජනවාරි මස 18 වැනිදා මෙම බලශක්ති ව්‍යාපෘති සඳහා කැබිනට් අනුමැතිය ද ලැබී ඇත.
මේ අතර ඉන්දියාවෙන් කෙටි කාලීන ගෙවීමේ පදනමෙන් ලබා ගන්නා ලද ඩොලර් මිලියන 400 ක ණය මුදල ගෙවීම සදහා තවදුරටත් කාලය දීර්ඝකල නොහැකි බව ඉන්දියාව දැනුම්දී තිබුණි. එසේ ඉන්දියාව ශ්‍රී ලංකාව අපහසුතාවයට පත්කරමින් මෙරට ඇති වී තිබෙන විදේශ සංචිත හිගය පිලිබද ගැටළුව උග්‍ර කරන විට ඊට චීනය මැදිහත්වී වහාම ශ්‍රී ලංකා මහ බැංකුය වෙත ඩොලර් මිලියන එක්දහස් පන්සීයක ණය පහසුකමක් ලබා දීමට තීරණය කර තිබේ.
මෙසේ චීනය හා ඉන්දියාව අතර කලාපීය භූදේශපාලනයේ ගොදුරක් බවට ලංකාව මේ වනවිට පත්ව ඇති ඇත. ඒ හේතුවේන් මෙම රටවල් දෙකේම කොන්දේසි වලට යටවෙමින් තීන්දු තීරණ ගැනීමට වත්මන් ආණ්ඩුවට මේ වනවිට සිදුව තිබෙන බව පෙනී යයි.
උතුරේ දුපත් තුනක් මෙසේ බලශක්ති ව්‍යාපෘති තුනක් ආරම්භ කිරීම සඳහා චීන සමාගමකට ලබාදීමට සිදුව තිබෙන්නේද මේ මොහොතේ ශ්‍රී ලංකාව පත්ව ඇති තත්ත්වය හේතුවෙනි.