ඉන්දියාව කළඹමින්, උතුරේ දුපත් 03ක් චීනයට

supunmalkanthi

Well-known member
  • Dec 19, 2016
    650
    770
    93
    delft_jaffna_69534_445.jpg



    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ ජාතික සම්පත් විකිණීමේ ක්‍රියාවලිය යටතේ බලශක්ති ව්‍යාපෘති තුනක් ආරම්භ කිරීම සඳහා චීන සමාගමකට යාපනය අර්ධද්වීපයේ පිහිටි දූපත් තුනක් ලබාදීම සම්බන්ධයෙන් ඉන්දියාවේ දැඩි විරෝධය පළ කර ඇති බව වාර්තා වේ.ඉන්දියාව මෙම ව්‍යාපෘතියට විරෝධය දැක්වීමට හේතු වී ඇත්තේ රාමේෂ්වරම ආසන්න දුරකින් මෙම ව්‍යාපෘති ආරම්භ කිරීම මත කලාපීය ආරක්ෂාව පිළිබඳ කාරණාව මතු කරමිනි.

    ශ‍්‍රී ලංකා රජය වෙත ඉන්දියාව විසින් මෙසේ විරෝධය පළ කර ඇත්තේ උතුරේ පිහිටි ඩෙල්ෆ්ට්, නයිනතිව් හා අනලතිවු යන දූපත්වල අදාළ බලශක්ති ව්‍යාපෘති ආරම්භ කිරීමට චීන සමාගමකට ඉඩදීම සම්බන්ධයෙනි. පසුගිය ජනවාරි මස 18 වැනිදා මෙම බලශක්ති ව්‍යාපෘති සඳහා කැබිනට් අනුමැතිය ද ලැබී ඇත.

    මේ අතර ඉන්දියාවෙන් කෙටි කාලීන ගෙවීමේ පදනමෙන් ලබා ගන්නා ලද ඩොලර් මිලියන 400 ක ණය මුදල ගෙවීම සදහා තවදුරටත් කාලය දීර්ඝකල නොහැකි බව ඉන්දියාව දැනුම්දී තිබුණි. එසේ ඉන්දියාව ශ්‍රී ලංකාව අපහසුතාවයට පත්කරමින් මෙරට ඇති වී තිබෙන විදේශ සංචිත හිගය පිලිබද ගැටළුව උග්‍ර කරන විට ඊට චීනය මැදිහත්වී වහාම ශ්‍රී ලංකා මහ බැංකුය වෙත ඩොලර් මිලියන එක්දහස් පන්සීයක ණය පහසුකමක් ලබා දීමට තීරණය කර තිබේ.

    මෙසේ චීනය හා ඉන්දියාව අතර කලාපීය භූදේශපාලනයේ ගොදුරක් බවට ලංකාව මේ වනවිට පත්ව ඇති ඇත. ඒ හේතුවේන් මෙම රටවල් දෙකේම කොන්දේසි වලට යටවෙමින් තීන්දු තීරණ ගැනීමට වත්මන් ආණ්ඩුවට මේ වනවිට සිදුව තිබෙන බව පෙනී යයි.

    උතුරේ දුපත් තුනක් මෙසේ බලශක්ති ව්‍යාපෘති තුනක් ආරම්භ කිරීම සඳහා චීන සමාගමකට ලබාදීමට සිදුව තිබෙන්නේද මේ මොහොතේ ශ්‍රී ලංකාව පත්ව ඇති තත්ත්වය හේතුවෙනි.
     

    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    Den inna politicians la dekata nemila inne.
    Lankawe iron woman sirimavo Indo-European Chinese peace pack eka gahanna medihath Una 1972 ,Indo china war ekak Yanna onna menna kiyaddi
    Sirima-Sasthri givisuma gahala ,wathu demala Aya bagayak India yawanna thyeddi .JR kiyana nayakaya awidin Chanda perethakamata Kala demma.

    Ehemai ape hitapu naikawo lokaye piligatte . Den Inn Aya dekata nemila Inna loan kandak purawagena.
     
    • Like
    Reactions: TechnWeb

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    ඇත්තටම අපිට බැරිද උන්ගෙ බල පොරේ අපේ වාසියට හරවා ගන්න? 🤔

    Sri Lankan government told the Indians that the Indian company which bid for the project did not submit a competitive proposal and that the bid were evaluated by the ADB independently of the Sri Lankan government.

    Colombo asked India to submit competitive proposals and added that its companies could bid for other projects in the Northern Province.


    https://menafn.com/1101561364/India...se-power-projects-in-Jaffna-islands&source=24
     
    • Like
    Reactions: asylum and shenat

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    මේ යන විදිහට, වැටිල ඉන්න තියෙන පර්චස් 25ටත් කෙලවෙන ලකුණු තියෙන්නෙ.

    නිකං තියෙන දූපත් තියෙද්දි මිනිස්සු ඉන්න පර්චස් 25 ගන්නෙ මොකටද පවර් ප්ලාන්ට් ගහන්න
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,226
    9,124
    113
    මේ යන විදිහට, වැටිල ඉන්න තියෙන පර්චස් 25ටත් කෙලවෙන ලකුණු තියෙන්නෙ.
    මටත් තියෙන බය ඕකමයි බං..හෙට උදේ වෙද්දි ඒකත් ඉන්දියාවට හරි චීනෙට හරි විකුණලා තියෙයි කියලා..