ඉන්දියාව ගැන මොකද හිතන්නේ?

Ape rate minissu thaman gana witharai bn hithanne. ekai ekama de me tharam rata pahalata yanna

අනිවාර්යයෙන් ම...ඇත්ත කතාව අපේ වැඩිම සාක්ෂරතාව තියෙනවා කිව්වාට අපේ රටේ මිනිස්සු හරි ප්‍රාථමිකයි.....දේශපාලනඥයින් දන්නවා මොන බොරුවක් කිව්වත් මුන් ඒක පිළිගන්න විත්තිය...........අනික් කෙනා අසාධාරණයට ලක් වුණාට ප්‍රශ්නයක් නෑ.......තමන්ගේ වැඩේ කෙරෙනවා නම්.............දේශපාලනඥයින් ගේ නෙමෙයි මිනිස්සුන් ගේ වැරැද්ද....විශේෂයෙන් මිනිස්සුන්ව මෝඩයාට අන්දන්න උදව් කරන මාධ්ය
 
ෙතාරතුරු තාක්ෂණය පැත්තෙන් ඉස්සරාහ ඉන්නේ විශේෂයෙන්ම දකුණු ඉන්දියානුවන්......බැංගලෝරය (ඉන්දියාවේ සිලිකන් වැලිය) චෙන්නායි, කල්කටා, හයිද්රංබාද්, ත්රිිවෙන්දම්.................විශේෂයෙන් තමිල්නාඩුව සෑහෙන දියුණුවක් ලැබුවා.
Factors-Contributing-to-Indian-IT-growth.png
 
Necromancer

Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113

    අනිවාර්යයෙන් ම...ඇත්ත කතාව අපේ වැඩිම සාක්ෂරතාව තියෙනවා කිව්වාට අපේ රටේ මිනිස්සු හරි ප්‍රාථමිකයි.....දේශපාලනඥයින් දන්නවා මොන බොරුවක් කිව්වත් මුන් ඒක පිළිගන්න විත්තිය...........අනික් කෙනා අසාධාරණයට ලක් වුණාට ප්‍රශ්නයක් නෑ.......තමන්ගේ වැඩේ කෙරෙනවා නම්.............දේශපාලනඥයින් ගේ නෙමෙයි මිනිස්සුන් ගේ වැරැද්ද....විශේෂයෙන් මිනිස්සුන්ව මෝඩයාට අන්දන්න උදව් කරන මාධ්ය

    minissu dannawa bn oka. minissu dannawa deshapalanaya karanne horu kiyala. eth chandayak lan wenakota . daruwata rassawai , government contract tikai. lamainta school tikai , maranadara samathi walata takarai tikai nisa chande denawa bn. okai wenne.
     
    ඉතිං බං මම කියන්නේ ඇයි අපේ මිනිස්සුන්ට බැරි එහෙම බෙදන දේවල් අරගෙන නිවැරදි දේවල් කරන්න......ඉන්දියාවෙත් එහෙමයි ටකරන් බෙදනවා......හැබැයි ඒවලට අහු නොවෙන උගත් මධ්ය ම පන්තියක් ඉන්නවා.............ඉන්දියාවේ එහෙම එකෙක් ගත්තොත් ඒ රටේ ආරක්ෂාව, දේශපාලනය හා අර්ථිකය කියන හැම දෙයක්ම ගත්තම උන් දන්නවා.......නමුත් අපේ රටේ සාමාන්යව ඉගෙන ගත්ත එකෙක් ගේ තමන් ගේ රටේ මේ දැනුම අල්පයි..........ඒකයි වෙනස.....
    උන් දේවල් ගැන් දන්නවා, ඒ වගේම වෙන රටවල දේවල් ගැනත් දන්නවා........එකනයි වෙනස තියෙන්නේ
     
    මිනිස්සු හිතන්නේ නෑ හැම දේශපාලනඥයින්ම හොරු කියලා............මෙයා තමන් කැමති කෙනා හොඳයි කියලා තමයි හිතන්නේ..........හැමෝම හොරු කියන්නේ ඒ ගැන තවත් හොයන එකෙන් වළකින්නයි.
    නිකං හරියට යූ එන් පී කාරයෙකුයි ශ්රීක ලංකා කාරයෙකුයි හම්බුණාම ලේසියට කියන්නේ දෙගොල්ලොම එකයි කියලා..........අන්න ඒ වගේ කතාවක්......හිත යට තියෙන්නේ වෙන දෙයක්
     
    ඉන්දියාවේ නැගීමේ තියෙන එකම ප්රදධාන සාධකය තමයි මානව සම්පතේ ඇතිවෙච්ච දියුණුව.............
    1. උන් හොඳට ඉන්ග්රි්සි ඉගෙන ගත්තා....ලෝකේ වැඩිම ඉන්ග්රි.සි කතා කරන්න පුළුවන් ජනගහණය ඉන්න රට ඉන්දියාව....
    උන්ගේ විශ්ව විද්යා.ල හොඳට දියුණු කළා, අළුත් විශ්ව විද්යාැල ඇති කරා, අධ්යාළපනය ශක්තිමත් කරා, අධ්යා පනයත් එක්ක සෙල්ලම් දැම්මේ නෑ. ඉන්ජිනේරු වි වි, මෙඩිකල් හැම පැත්තෙන් ම ඉන්දියාව ආයෝජනය කළා......හැම තිස්සෙම තමන්ගේ අයගේ දියුණුව උදෙසා තමයි වැඩ කළේ. උගත් ඉන්දියානුවෙක් උගත් ලාංකිකයෙක්ට වඩා ඉස්සරාහින් ඉන්නේ.........බලන්න අපි කැම්පස් එකකට ගියත් refer කරන්න දෙන්නේ ඉන්දියන් කාරයෙක් ගේ පොතක්.....ඇයි? විද්යා ව, ඉංජිනේරු....හැම අංශයකින්ම උන් පොත් ලියනවා....මොකද උන්ගේ අරමුණ තමන්ගේ රටේ හොඳ මානව සම්පතක් හදන්න....
    ඒ නිසා අද වෙන කොට හොඳ දොස්තරලා, ඉංජෝ ලා, විද්යාාඥයින්, බිස්නස් කරායෝ, මැනේජර්ස් ලා, ජනමාධ්යඅ වේදියෝ පවා.......ලෝකේ හොඳම අය බිහිකරන්න ඉන්දියාවට පුළුවන් වෙලා තියෙනවා.....අවශ්‍ය තැන ඉන්දියාව ආයෝජනය කළා....සෝබලේට ණය අරන් පාරවල් හැදුවේ නෑ................පාරේ මිනිස්සු කැත කරද්දි උන්ට අධ්යා.පනය දීලා උන්ගේ ළමයි උගතෙක් කරන්නයි ඉන්දියාව බැලුවේ....
     
    අපේ එවුන් බටහිර විද්යාව බොරු කරන්නේ කොහොමද කියලා කල්පනා කර කර සිවුරේ එල්ලිලා ගොන් වැඩ කරනවා.............ඔන්න රටවල් දෙකේ වෙනස....
     
    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    ඉතිං බං මම කියන්නේ ඇයි අපේ මිනිස්සුන්ට බැරි එහෙම බෙදන දේවල් අරගෙන නිවැරදි දේවල් කරන්න......ඉන්දියාවෙත් එහෙමයි ටකරන් බෙදනවා......හැබැයි ඒවලට අහු නොවෙන උගත් මධ්ය ම පන්තියක් ඉන්නවා.............ඉන්දියාවේ එහෙම එකෙක් ගත්තොත් ඒ රටේ ආරක්ෂාව, දේශපාලනය හා අර්ථිකය කියන හැම දෙයක්ම ගත්තම උන් දන්නවා.......නමුත් අපේ රටේ සාමාන්යව ඉගෙන ගත්ත එකෙක් ගේ තමන් ගේ රටේ මේ දැනුම අල්පයි..........ඒකයි වෙනස.....
    උන් දේවල් ගැන් දන්නවා, ඒ වගේම වෙන රටවල දේවල් ගැනත් දන්නවා........එකනයි වෙනස තියෙන්නේ

    Minissunta rata gana hageemak na bn.
    neethiya gana wishwasayak na.
    eka nisa bn duppath minissu wagema igena gaththa ayath balanna kala dutu kala wala iha ganna
    anika ape minissunge hith wala adahasak thiyanawa government job ekakata giyoth thama hoda. private eke wada karanne modayo kiyala

    anika ape rate wirudda paksha . balapan. un kohoma hari balanne balayata ennane. kawadakawath uba dakala thiyanawa mona deka hari hodak dakinawa? hariyata kaputo wage. government eka denawa kiwwoth oni balu wadak karai. eka nisa minissunta dan politics epa wela thiyenne
     
    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    අපේ එවුන් බටහිර විද්යාව බොරු කරන්නේ කොහොමද කියලා කල්පනා කර කර සිවුරේ එල්ලිලා ගොන් වැඩ කරනවා.............ඔන්න රටවල් දෙකේ වෙනස....

    E kathawa nam godak waradi. rate minissu darmishta wenna oni . ethakotai ratak diyunu wenne. methana prashne thiyenne minissunge akalpa.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,592
    17,661
    113
    Auckland
    there's only private education in india, so value of education is so high than Sri Lankan shit education system.

    has their own traditions, while Sri Lanka has no culture of our own.

    Indian huge labor force, Sri Lankan government encourage their citizens to work for middle est scumbags for few dollors without using labor force to industrialize..

    Indians build their own shit, Sri Lankans buy Indian shit products without making them.

    Indian fisherman don't give a flying fuk to invade Sri Lankan waters to catch fish, SriLankan fishermen cant use engines exeding 25 horse power, and coastguard too pussy to shoot thamilnadu boats.

    Sri Lanka is in this state because people here chose to be like this.. nothing else..
     
    Last edited:

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    හේතුව ප්‍රතිපත්ති.......
    අපේ රටේ වගේ එක එකාට ඇවිත් හෝල් සේල් එකේ ඇරල යන්න බෑ ඉන්දියාවේ. එංගලන්ත ලේලන්ඩ් ඉන්දියාවෙදි අශෝක් ලේලන්ඩ් වුණා. ජපානේ කවසාකි, ඉන්දියාවෙදි කවසාකි බජාජ් වුණා. ජපානෙ සුසුකි, ඉන්දියාවෙදි සුසුකි මාරුතී වුණා. ජපානෙ හොණ්ඩා, එහේ දී හීරෝ හොණ්ඩා වුණා. වෙන තැන් වල යුනිලීවර් එහෙදී හින්දුස්ථානි යුනිලීවර් වුණා. ඒක තමා ආර්ථික සංවර්ධනයට හේතුව..................
    rep 5+ ඔබ තුමාට.
    මමත් දැන් මාස කීපයක් විතර ඉදල ඉන්දියාවේ මෑත කාලයේ ඉතිහාසය ගැන ඉගෙන ගත්ත. රට පාලනය කලේ කව්රු වුනත් රට කොච්චර "posh" නැති වුනත් රට පාලනය කරපු හැමෝම රට වෙනුවෙන් හොද ප්‍රතිපත්ති ඇතුව වැඩ කලා. ඉස්සරහ ගැන හිතුවා. ආර්ථික අතින් විතරක් නෙවෙයි diplomacy අතින් පවා හො ද ප්‍රතිපත්ති ඇතුව වැඩ කලා. දකුණු ඉන්දියාව පැත්තෙන් ප්‍රශ්න ආවත් ඒවයි බටහිර රටවල් එක්කයි හීන් නුලෙන් game eka aragena giya.
     
    smtsampath

    Active member
  • Dec 11, 2008
    344
    65
    28
    New York City, NY, USA
    තව දෙයක් කියන්නම්. ඉන්දියවේ අලුත් අගමැත් මෝඩි ගොඩක් ප්‍රසිද්දවුනා 2002 Gujarat Riots එකේදි මුස්ලිම් එවුන්ව මැරුන ඒවට අනුබල දුන්නා කියලා. ඇමෙරිකාවෙන් වීසා හිටන් කැන්සල් කරා. ඒත් බලන්න අලුත් ඡන්ද ප්‍රතිඵල වලින් Gujarat වල විතරක් නෙවේ හැම ප්‍රාන්තයකින්ම බහුතර මුස්ලිම් ඡන්ද මිනිහට වැටිලා තිබුනෙ. අපේ එවුන් නම් එහෙම කරයිද කවදාවත්. උන් රටගැනයි මෝඩි ගෙ ඉදිරි දැක්ම ගැන බලලා එහෙම කරේ මිනිහගෙ ප්‍රතිපත්ති නිසා.
     
    E kathawa nam godak waradi. rate minissu darmishta wenna oni . ethakotai ratak diyunu wenne. methana prashne thiyenne minissunge akalpa.

    රටක් ධර්මිෂඨ වෙනවා කියන එකයි සිවුරේ එල්ලෙනවා කියන්නේ දෙකක්....
    ආගමට ලැදි රටවල් ගත්තාම ඉන්දියාව ඉන්නේ ලංකාවට වඩා ඉස්සරාහින්....ඉන්දියානුවන් ආගමානුකූලයි අපිට වඩා. සාමාන්ය හින්දු පුද්ගලයෙක් තමන්ගේ ආගම දන්නවා කෝවිලට යනවා ලංකාවේ බෞද්ධයෙක් ට වඩා......ඊශ්රාායලය ගත්තත් එහෙමයි. ලංකාවේ මම දැකලා තියෙනවා බෞද්ධ ගැන කතා කරන එවුන් පොඩ්ඩ ඇත්නම් බීලා හතරගාතේ..............
    නමුත් ඉන්දියානුවන් ආර්ථිකය පිළිබඳ තීරණ ගනිද්දි රටේ දේශපාලනය, නීතිය හා පැවැත්ම ගැන කතා කරද්දි තීරණ ගනිද්දි ආගම සළකන්නේ නැ. තනිකර ආගමෙන් ව්යු ක්තව බුද්ධිමත්ව විචාරශීලි ව තමයි හිතන්නේ... ඒ රටේ පූජකයින් ඒවලට ඇදලා ගන්නේ නෑ....ආගම මුල් කර ගත්ත දේශපාලනයක් කරන්නෙත් නෑ.....එහෙම කළා නම් අද ඉන්දියාවට මෙච්චර දුර එන්න වෙන්නේ නෑ හින්දු මුස්ලිම් ගැටුම් තියේ රට පුරාම........

    ලංකාවේ ඒකේ අනිත් පැත්ත.

    56 දී හිටන්, 72 දි 87 දී මේ රටේ හාමුදුරුවෝ දේශපාලනඥයින් ට කඩේ ගියා.....
    දේශපාලන වැඩ වල නිරත වුණා. ඇත්ත කතාව බෞද්ධ හාමුදුරුවන් ට ආරක්ෂක, ආර්ථික හා දේශපාලනය ගැන දැනුමක් නෑ. ඒ නිසා භික්ෂූන් මූලික කරගත්ත දේශපාලනයක් අපිට හොඳ නෑ....මොකද ලංකාවේ භික්ෂූන් (වෙනත් ආගමික නායකයින් වගේ මෝඩයි රට කරවන කාරණා සම්බන්ධයෙන්)

    මම සෝම හාමුදුරුවන්ට ගොඩක් ගරු කරනවා මුලින් හාමුදුරුවන්ට ඡන්දෙත් දුන්නා. දැන් හිතෙනවා ඒක කොච්චර වැරදි තීරණයක් ද කියලා....සිද්ධවුණේ රටක දේශපාලනය හා මුහුණ දෙන ප්ර්ශ්න ගැන අවබෝධයක් නැති හාමුදුරුවරු මේ රටේ අනාගතයට බලපෑම් කරන්න පටන් ගැනිම.
    ඉන්දියානුවන් ඒ මෝඩ වැඩේ කළේ නෑ....හැබැයි මුන් අපේ එවුන්ට වඩා අගමානුකූලයි....ඒ නිසා තමයි ලංකාව හොර මත්පැන් බොන රටවලින් ලෝකෙන් 2වනි තැන ඉන්නේ......
     
    Minissunta rata gana hageemak na bn.
    neethiya gana wishwasayak na.
    eka nisa bn duppath minissu wagema igena gaththa ayath balanna kala dutu kala wala iha ganna
    anika ape minissunge hith wala adahasak thiyanawa government job ekakata giyoth thama hoda. private eke wada karanne modayo kiyala

    anika ape rate wirudda paksha . balapan. un kohoma hari balanne balayata ennane. kawadakawath uba dakala thiyanawa mona deka hari hodak dakinawa? hariyata kaputo wage. government eka denawa kiwwoth oni balu wadak karai. eka nisa minissunta dan politics epa wela thiyenne

    විරුද්ධ පක්ෂයක් තියෙන එකේ අරමුණ තමයි පවතින රජයේ වැරදි පෙන්වා දීම හා විවේචනය....ප්‍රජාතනත්‍රවාදී රාමුවක එහෙම තමයි වෙන්න ඕනි. රජයේ වැඩ වලට එහෙයි කියන්න විරුද්ධ පක්ෂයක් මොකටද?
    විරුද්ධ පක්ෂයකවත් රජයක වත් නෙමෙයි වැරැද්ද මිනිස්සුන්ගේ.....මිනිස්සු රජයේ වැරදි වැඩ වැරදියි කියලා දකින්නේ නෑ.......ඇත්ත ඒකයි.....
     
    අන්න ඒක තමයි මචං ලංකාවෙයි ඉන්දියාවෙයි වෙනස!
    රජය විවේචනය කරද්දි අපි ඒ රජයට කැමති නම් අපි බලන්නේ විවේචනයේ වැරැද්දක් නැත්තම් විවේචනය කරන කෙනාගේ වැරැද්දක් හොයන්න.....ඉන්දියානුවන් ඇත්තටම හැම ඉහළ යන රටකම වගේ රජය පිළිබඳ විවේචනයක් කරාම ඒ ගැන හිතනවා ඒකට පදනමක් තියේද බලනවා......එතකොට රජය වැරදි කරන්නත් බයයි නීතිය ක්රි යාත්මක වීමත් සිද්ධ වෙනවා. ලංකාවේ සිද්ධ නොවෙන්නේ ඒක

    ලංකාවේ ඕනෑම දේශපාලන පක්ෂයක්, ආගමික සංවිධානයක් වගේම හැම මිනිහෙක්ම තමන් ව විවේචනය කරනවාට අකමැතියි.....විවේචනයේ යම් සත්ය තාවක් තියේද බලලා වැරැද්ද හදාගන්න බලන්නේ නෑ...තමන්ගේ වැරදි හදාගන්නේ නැතිව දියුණුවක් අපේක්ෂා කරන්න බෑ
     
    there's only private education in india, so value of education is so high than Sri Lankan shit education system.

    has their own traditions, while Sri Lanka has no culture of our own.

    Indian huge labor force, Sri Lankan government encourage their citizens to work for middle est scumbags for few dollors without using labor force to industrialize..

    Indians build their own shit, Sri Lankans buy Indian shit products without making them.

    Indian fisherman don't give a flying fuk to invade Sri Lankan waters to catch fish, SriLankan fishermen cant use engines exeding 25 horse power, and coastguard too pussy to shoot thamilnadu boats.

    Sri Lanka is in this state because people here chose to be like this.. nothing else..
    මට නම් ඒක සැකයි....ඉන්දියාවේ රජයෙන් පවත්වාගෙන යන වි වි තියෙනවා.......
    ලංකාවේ මිනිස්සුන්ගේ හැකියාවන් වර්ධනයට මේ රටේ දේශපාලනඥයින් මුකුත් කරන්නේ නෑ...ඒක ඇත්ත....අපේ එවුන්ට ගේ ඉස්සරහාට තාර ටිකක් දාලා දුන්නාම ඡන්දෙ දෙනවා.......අධ්‍යාපනයට හෙණ ගැහුවත් කමක් නෑ.....

    ඒ වගේම ඉන්දියානුවා සාමාන්‍ය ලාංකිකයාට වඩා දක්ෂයි...උදාහරණ විදිහට පිටරට ඉන්න ඉන්දියානුවයි ලාංකිකයායි ගන්න..ඉන්දියන් කාරයෙක් පිටරටකට ගියොත් තව රොත්තක් ගෙන්න ගන්නවා...පළාතේම කඩ, සුපර් මාර්කට්, පෙට්රල් ෂෙඩ් උන් ගන්නවා ටික කාලයක් යද්දි.....සිංහල ඩයස්පෝරාවත් පවතින ඔස් වල වත් ඉතාලියේ වත් එහෙම නෑ.....

    ධීවර ප්‍රශ්නේ ගැන වෙනමම කතා කරන්න ඕනි...මම කැමතියි අපේ නේවි එකෙන් උන්ට වෙඩි තියන්නේ නැති එකට...............

    අනිවාර්යයෙන්ම රටේ පවතින තත්වයට මේ රටේ මිනිස්සු තමයි වගකියන්න ඕනි