ඉන්දියාව ජංගම දුරකථන ලෝකය කළඹයි

thani ataya

Well-known member
  • Aug 8, 2016
    1,377
    200
    63
    ඉන්දියාව ජංගම දුරකථන ලෝකය කළඹයි

    ඉන්දියාව ජංගම දුරකථන ලෝකය කළඹයි

    ඉන්දියාවේ ප්‍රමුඛතම සන්නිවේදන ආයතනයක් වන රිලයන්ස් ආයතනය සිය පාරිභෝගිකයන් වෙනුවෙන් නොමිලයේ දුරකථන ඇමතුම් ලබාගැනීමේ අවස්ථාව හිමිකර දී තිබේ. ඒ අනුව ඔවුන් සිය පාරිභෝගිකයන්ගෙන් දත්ත පැකේජ සඳහා වැයවන වියදම් පමණක් අය කර ගැනීමට තීරණය කර තිබේ.
    එසේම ඉන්දියාව තුළ ඕනෑම දුරකථන ජාලයක් සඳහා ගන්නා රෝමිං ඇමතුම්ද නොමිලයේ ලබාදීමට එම සමාගම කටයුතු කර තිබේ. රිලයන්ස් සමාගමේ වාර්ෂික මහ සභා රැස්වීමේදී එහි සභාපති මුකේෂ් අම්බානි සමාගමේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සිදුකළ පැහැදිලි කිරීමකදී මෙම කරුණු හෙළිවිය.

    ඒ අනුව ඔවුන් සිය පාරිභෝගිකයන් වෙනුවෙන් ඉන්දීය රුපියල් 19 (xxS-, ගිගා බයිට් 0.1) සිට ඉන්දීය රුපියල් 4999(XXXL-, ගිගා බයිට් 75) යන දත්ත පැකේජය දක්වා නව දත්ත පැකේජ 10 ක් හඳුන්වා දී තිබේ. එම පැකේජ මිලදී ගන්නා පාරිභෝගිකයන්ට නොමිලයේ දුරකථන ඇමතුම් ලබාගැනීමේ අවස්ථාව හිමිවේ.

    එහි රුපියල් 149 පැකේජයට නොමිලයේ කෙටිපණිවුඩ 100ක් යැවීමේ අවස්ථාව හිමි වෙයි. ඉතිරි සියලුම පැකේජ සඳහා කෙටි පණිවුඩ ඕනෑම ගණනක් නොමිලයේ යැවීමේ අවස්ථාව පාරිභෝගිකයන්ට හිමිව තිබේ.රිලයන්ස් සමාගම මෙම පැකේජ හඳුන්වාදීමත් සමගින් ලෝකයේ අවම මිල ගණන් යටතේ දත්ත පැකේජ ලබාදෙන සන්නිවේදන ආයතනය බවට එය පත්ව තිබේ. ගිගාබයිට් එකක් සඳහා ඔවුන් අය කරන මුදල ඉන්දීය රුපියල් 50 කි.

    එසේම ඊයේ (01දා) සිය නව සැලැස්ම හඳුන්වාදෙමින් අම්බානි සිදුකළ විනාඩි 45ක කතාව හේතුවෙන් ඉන්දීය සන්නිවේදන ක්ෂේත්‍රයට දැරුණු බලපෑමක් වූ අතර, තරගකාරී දුරකථන සන්නිවේදන සමාගම් කිහිපයකම කොටස් මිල සැලකිය යුතු ලෙස පහත වැටී තිබේ. ඒ හරහා භාරතී එයාර්ටෙල් සමාගමට හා අයිඩියා සමාගමට පිළිවෙළින් ඉන්දීය රුපියල් කෝටි 12,000ක් හා 2,800ක් ලෙස වෙළෙඳපොළ කොටස් අහිමිවී තිබේ.

    රිලයන්ස් මොබයිල් සමාගම දියත් කළ මේ විප්ලවය හාරහා ජංගම දුරකථන සේවා සපයන්නන් අතර අධික තරගකාරිත්වයක් ඇති දකුණු ආසියාවේ ජංගම දුරකථන සේවා සැපයීමේ දැවැන්ත විප්ලවක් ඇති වීමට බොහෝ දුරට ඉඩ කඩ තිබෙන බව වෙළඳපොළ විශේෂඥයන්ගේ මතයයි.


    1039aa647b2bff80b0f6318c88e7e828f98026fe%20(1).jpeg


    reliance-jio-tarrif1.jpg


    369dbf61ac4f37cf8a6043244ba6fb72939158e8.jpeg

    LINK
     
    • Like
    Reactions: Lejayange

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    Lol ...
    Poor imo, whatsapp, and viber
    Indian kaarayo local calls walata wada mewa use karanawa athi ban