ඇයි තිලිණට බොලිවුඩ් යන්න බැරි උනේ ? හේතුව ගජමිතුරු ධනවාදයයි..

ඉතින් මේ රටේ ඉන්න ගජමිතුරු ධනවාදීන් ( ආමේන්
) කොහොමද තිලිණට උදව් කරන්නේ බොලිවුඩ් වලට මාකට් වෙන්න?ලබන ආත්මෙවත් සල්ලිකාර කොළඹ පවුලක ඉපදෙන්න බ්රෝ..එතකොට ඔයාටත් රෝයල් ගිය ඉරාජ්ලා වගේ ඉදිරියට යන්න ලැබෙයි..
මේ රටේන් බොලිවුඩ් ගිය කට්ටිය එක්තරා සමාජ පැළැන්තියකට වගේම ලිංගභේදයකටත් අයිතියි..
බොලිවුඩ් වලට ගන්නේ මාකට් එකක් තියන අය විතරයි කියලා කෙබර අදින සල්ලිකාර ලිං මැඩියන්ට

1) ජැකලින් ෆෙර්ඩිනැන්ඩුස් ට තිබ්බ මාකට් එක මොකක්ද එයා පලවෙනි බොලිවුඩ් ෆිල්ම් එක රගපාන කොට ?එයාට උතුරන්න සල්ලිනම් තිබ්බා..
2) එතකොට බොලිවුඩ් තරු දරුවෝ ගමු..හින්දි සිනමාව නැත්තං බොලිවුඩය කියන්නේ ඥාති සංග්රහය බරට ම ක්රියාත්මක වෙන තැනක් විදිහටයි ප්රසිද්ධ.( 90%ක්ම ගජමිතුරු ධනවාදය) පරම්පරාවෙන් පරම්පරාවට සිනමාවට සම්බන්ධ වෙන පවුල් ගස් බොලිවුඩ්වල තියනවා. ‘කේජෝ’ හෙවත් චිත්රපට අධ්යක්ෂ/ නිෂ්පාදක කරන් ජොහාර් එහෙම, මේ ඥාති සංග්රහයට සෑහෙන ඉඩ දෙන කෙනෙක් විදිහට බොහෝ අයගේ චෝදනාවට ලක් වෙනවා.
ex- රන්බීර් කපූර්, වරුන් ධවාන් , ආලියා භාත් ,ජාන්වි කපූර්, ශ්රද්ධා කපූර් ,අභිෂේක් බච්චන්, අර්ජුන් කපූර්, ටයිගර් ශ්රොෆ්,
මුන් බොලිවුඩ් වලට එන්න කලින් තිබ්බ මාකට් එක මොකක්ද ? මේවා ඉවසගන්න බැරිම තැන කැපිලි කෙටිලි නිසා මේ නලුව දිවි නහගත්තයි කියලා මුලු ලෝකයම දන්නවා..ගජමිතුරු ධනවාදය මුලු ලෝකයටත් ඉන්දියාවටත් ලංකාවටත් සාපයක්..
