ඉන්දියාව පළෙවෙනි රොකට් එක අරින්නේ 1963 දී. මේ ඡායාරූප වලින් දැක්වෙන්නේ ඒ මුල්ම රොකට් එක යවපු ආකාරය. ඔය බයිසිකල් එක තල්ලු කරගෙන යන්නේ ආචාර්ය අබ්දුල් කාලාම් කියලා කියනවා. ඔහුව ඒ දවස් වල හැඳින්වූයේ ඉන්දියාවේ රොකට් මෑන් කියලා ලු.
ඉන්දියාවේ නාසාව හෙවත් ISRO - Indian Space Research Organisation එක හදන්නේ 1962 දි. ඒ එවකට ප්‍රධානි වික්‍රම් සරාභායි ගේ ප්‍රධානත්වයෙන්. ඒ කාලේ අබ්දුල් කාලාම් ඒකේ වැඩ.
මේ පළවෙනි රොකට් එක යවන්න තැනක් සොයද්දී, ඉන්දියාවේ කේරළයේ තුම්බා කියන ධීවර ගමේ පල්ලියකින් ඉඩමක් ලබා ගෙන, ගම හිස් කළාලු. දැන් මේ භූමියට තමයි වික්‍රම් සරාභායි අභ්‍යාවකාශ මධ්‍යාස්ථානය කියලා කියන්නේ.
ඔවුන් ඒ පළවෙනි රොකට් එකේ සිට වසර 50 ගත වෙන තැන හඳ ජයගෙන තිබෙනවා. ඒ නිසා හඳ ගමන පරම්පරා ගණනක මහන්සිය නිසා ලැබුන ඵලයක්.
මේ සියල්ලට ධනය සැපයීමට තරම් ඉන්දීය රජයට හැකි වුනේ 1991 දි ඔවුන් ඇති කර ගත් ආර්ථික ප්‍රතිසංස්කරණ නිසා. ශක්තිමත් විවෘත වෙළෙඳපොළ ආර්ථිකයක් හදා ගෙන, රට තුල ධනය ජනිත කර ගත්ත නිසා. ඒ ධනයෙන් කොටසක් තමයි ඔවුන්ට මේ සඳහා වැය කරන්න ලැබෙන්නේ.
අපිට හඳට යන්න බැරි වෙයි. මොකද අපි වගෙ කුඩා රාජ්‍යයකට ඒක ආර්ථික ප්‍රමුඛතාවක් නොවන නිසා. හැබැයි අපේ රට ධනයෙන් පුරවන්න, දුප්පත්කම නැති කරන්න අපිට පුළුවන්. ඒ නිසා ආර්ථික ප්‍රතිසංස්කරණ දිරිමත් කරමු.
අපිට පුළුවන්.
පැතුම් කර්නර්
#පැතූනොමික්ස්