ඉන්දියාව ‘මෝධි ෆයි’ වීම

obama2

Member
Apr 18, 2012
424
30
0
ඉන්දියාව ‘මෝධි ෆයි’ වීම

ඉන්දියාව ‘මෝධි ෆයි’ වීම

Posted: 9:33 pm, May 18, 2014
M_Id_449680_Narendra_Modi_-660x320.jpg



නරේන්ද්‍ර මෝධි 2010 වර්ෂයේ මහින්ද රාජපක්ෂ ලංකාවේ ජයග්‍රහනය කළ පරිදිම ඉන්දියාවේ ජයග්‍රහණය කර ඇත. NDTV චැනලය එය හැදින්වූයේ INDIA MODI FIED නම් සුරතල් නාමයෙනි. ඉන්දියාවේ සිදු වෙමින් පවතින අති දැවැන්ත සමාජ අසාධාරණය නිසා එම රටට වීරයෙකු අවශ්‍ය වී තිබුණි. දැන් එම වීරයා ඔවුන්ට හමුවී ඇත. මෙම වීරයාව නිර්මාණය කරන ලද්දේ IMF ආර්ථික විද්‍යාඥයෙකු වන මං මෝහන් සිං සහ ලිබරල් ගාන්ධි පවුලය.



ලිබරල්වාදයන් අවසන් වශයෙන් නිපදවන්නේ සමාජ අසාධාරණයට විරුද්ධ ප්‍රජාතන්ත්‍රවිරෝධී වීරයන්වය. ලිබරල් චන්ද්‍රිකා නිපදවූයේ මහින්ද නම් අසාධාරණයට සහ ත්‍රස්තවාදයට එරෙහි වීරයාවය. පාක්‍යෙසෝති නම් ලිබරල් චින්තකයා අවසන් වශයෙන් නිපදවූයේ උවිදු කුරුකුලසූරිය සහ සුනන්ද වැනි වීරයන්වය. නරේන්ද්‍ර මෝධි යනු නිකම්ම වීරයෙක් නොව මහපාරේ ප්ලේන්ටි විකුණන ලද තරුණයෙකි. එබැවින් ඔහුගේ වර්ගය ප්‍රේමදාස වර්ගයයි. මහින්ද රාජපක්ෂ යනු තමාව ප්‍රභූවරයෙක් ලෙස සලකා ක්‍රියා කරන්නෙකි. මෝධි නිසා ඉන්දියාව මොඩිෆයි වීම කෙසේ වෙතත් සුන්දරකරණය වීම නම් සිදු විය හැක.


මෝධි ගේ ජයග්‍රහණය සමග ලංකාවට ඉන්දියාව සමග ඇති සම්බන්ධය වෙනස් වේවිද? ලාංකීය විකාර සහගත මුදලාලිලා මාධ්‍ය කලාවේ බඩු කිරණ මාධ්‍යෙව්දීන්ට අනුව ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තිය පාලකයන්ගෙන් පාලකයාට වෙනස් නොවේ. මහින්ද රාජපක්ෂ බලයට එනතුරු ලංකාවේ ද එසේය. මහින්ද ප්ලෙන්ටි විකුණන කොල්ලන් ගෙන් විදේශ අමාත්‍යාංශය පුරවා දැමූ බව බඩු කිරණ මාධ්‍යෙව්දීන්ට අමතක වී ඇත. මෝධි යනු ජාතිවාදියෙකි. ඔහු ජන ඝාතකයෙකි. ඔහු ක්‍රියාකරනු ඇත්තේ දෙවියන් කියන්න විදිහට මිස ප්‍රජාතන්ත්‍රවාදය කියන විදිහට නොවේ. මෝධි ගැන මීට වඩා යමක් කිව හැක්කේ ඔහු මහින්ද මෙන්ම වැඩ පටන් ගත් පසුවය.

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය