ඉන්දියා මගුල්

wiki

Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    ඉන්දියාවේ මගුල් ගන්න හැටි මෙන්න,:no: යකෝ මුන් බලෙන්නේ නේ බන්දන්නේ :angry:

    http://www.youtube.com/watch?v=McW9Rm5TUdE

    meanwhile-in-India-2.jpg



    :rolleyes:
     
    Last edited:

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    ඉන්දියාවේ විතරක් නෙමෙයි බන් ලංකාවෙත් ඔය වගේ සිං තියනවා. දැන්නම් ටිකක් අඩුයි. කොහොම වුනත් චොර වැඩ. ඔය ගෑනු කෙනාට ජිවිත කාලෙම ගතකරන්න වෙන්නේ ඔය මිනිහත් එක්කනේ දැන්
     

    wiki

    Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle

    ඉන්දියාවේ විතරක් නෙමෙයි බන් ලංකාවෙත් ඔය වගේ සිං තියනවා. දැන්නම් ටිකක් අඩුයි. කොහොම වුනත් චොර වැඩ. ඔය ගෑනු කෙනාට ජිවිත කාලෙම ගතකරන්න වෙන්නේ ඔය මිනිහත් එක්කනේ දැන්

    heh :yes:
     

    Johndoggett

    Junior member
  • Sep 23, 2014
    205
    20
    18
    ඔය වගේ දේවල් කොච්චර සිද්ද වෙනවද. මේ වගේ කෙල්ල අකමැති වෙලා තියෙද්දී බලෙන් කසාද බදින ඔය වගේ උන් පිරිමි කියන නමටත් නින්දාවක්. පොන්නය කියන වචනෙත් නම්බු වැඩියි.

    ඔය යෝජිත විවාහ වලදී පවුල් තත්වය, සල්ලි , සමාජ තත්වය වගේ දේවල් මිසක් හැගීම් දැනීම් ගැන හිතන් නැහැ. විවාහයක් කියන්නේ දෙන්නෙක්ගේ හිත් වල සහ හදවත් වල එක්වීමක්. හෟද ශාක්ෂියට එකගව හිතේ සතුටක් නැත්නම් සමාජෙට පේන්ඩ පිටතට පෙන්වන සතුටක අර්ථයක් තියනවද?

    පත්තරේක මංගල දැන්වීම් පිටුව ගත්තොත්, පවුල් තත්වය, වත්කම, රැකියාව, කේන්දරය වගේ හැම දෙයක්ම තියනවා. නමුත් ප්‍රේමය ගැන එක වචනයක් දකින්ඩ තියනවද? බොහෝ දෙමවුපියෝ දරුවන්ගේ විවාහ කටයුතු වලදී දරුවන්ගේ හැගීම් දැනීම් ගැන හිතන්නැහැ. දෙමවුපියෝ දරුවන්ව හදන්ඩ දුක්වින්ද කියල දරුවන්ගේ ජීවිතේ හැම දෙයක්ම තීරණය කරන්ඩ අයිතියක් නැහැ. මම මේ කාරණය ගැන මීට කලිනුත් ත්‍රෙඩ් එකක කියල සමහරු මට බැනල තිබුන. දරුවන්ට ඔවුන්ට කියල ස්වාදීන ජීවිතයක් තියනවා කියල දෙමවුපියෝ තේරුම් ගන්ඩ ඕන. ඒ වගේම දෙමවුපියෝ තමන්ගේ ජීවිත ගැන වැරදි තීරණ ගත්තොත් ඒ ගැන කෙලින් කතා කරන්ඩ තරම් දරුවන්ටත් ශක්තියක් තියෙන්ඩ ඕන. නමුත් ඔය වගේ තීරණ වලදී ඇත්තටම අසරණ වෙන්නේ ගැහැණු ළමයි. ලක්ෂ ගණන් වියදම් කරලා රටට ලෝකෙට පේන්ඩ මගුල් කෑවත් වැඩක් තියනවද කසාද බදින කෙනාගේ හිතේ සැනසීමක් නැත්නම්. නමුත් විවාහය කියන ජීවිතේ වැදගත්ම කාරණය පවා අද වානිජකරණය වෙලා තියෙන්නේ.

    බදින කෙනා ගැන හිතේ හැගීමක් නැත්නම්, ඒ වගේ නොගැලපෙන කෙනෙක් කසාද බැදලා ජීවිතේ අපායක් කර ගන්නවට වඩා හොදයි ජීවිත කාලෙම තනියම ඉන්න එක. ඒකෙන් වෙන්නෙ තමන්ගේ විතරක් නෙමෙයි තව කෙනෙක්ගේ ජීවිතේ විනාශ වෙන එක. අනිවාරෙයෙන්ම කසාද බදින්ඩ ඕන කියල නීතියක් නැහැනේ.