ඉන්දීය_බස් වෙනුවට චීන යූ-ටොන්ග් බස්

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
අපි ඔය එහේ මෙහෙ යන ගමන් බස් එහෙක එල්ලිලා ගියාට අපි මොනාද බන් බස් ගැන දන්නේ සමහර විට මේ චීන බස් හොද වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන්, දැනට පාවිච්චි වෙන ලේලන්ඩ් බස් වල කියන්න තරම් වරදක් නැනේ නේද ? දැන් කට්ටියට ඒ බස් නිකන් පොෂ් මදි වගේද කොහෙද එකයි මේ චීනෙන් ගෙන්නන හදන්නේ , හේ හේ කොහම වුනත් මේ බස් ගෙන්න කලින් මේ ශේෂ්ත්‍රය පිළිබද ප්‍රවීන අය ඉන්න කමිටුවක් හදලා එයාලගෙන් මේ බස් ගැන ඇගයීම් වාර්තාවක් ලබගත්තනම් හරි, කමිටුව තෝරද්දී රට යන්න බලන් ඉන්න දේශපාලන හයිය්න් ඉන්න හාල්පාරුවෝ නැතුව, අවුරුදු ගානක් ඩිපෝ ගැරේජ් වල චාටෙර් කන හොද පළපුරුදු වැඩකාරයෝ, ලංකාවේ පාරවල් ගැන හොද අවබෝදයක් තියන රියදුරුක් සහ කොන්දාස්තර කෙනෙක්, ඊලගට පුද්ගලික අංශය නියෝජනය කරමින් නියෝජිත්ක් සහබාගි කරන්, මේ බස් ලංකාවට ගැලපෙනවද නැද්ද කියල තීරණය කරන්න පුළුවන්, නැත්නුම් මුලින් බස් පහක් විතර ගෙන්නලා ටෙස්ට් රන් එකක් කරානම් ලේසිය්නෙම අපිට බලා ගන්න පුළුවන් මෙව්වා අපිට ගැලපෙනවද නැද්ද කියලා ,

me tika 100kma aththa :nerd:
 
dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,907
    9,710
    113
    හරි,,, අදත් ඉන්දියාවෙ ලේලන්ඩ් වලට කඩේ යන එවුන් හෙන දිග හෑලි ලියලා තියෙනවා. ඇත්තටම එවුන් දන්නෙ මොනාද කියලත් වෙලාවකට හිතෙනවා,, ඉන්දියාව කිවුවොත් රත්තරන් එහෙම *** ලොවියි. ඒවගෙන් වැඩක් නෑ, කතාවට බහිමු,, ඇත්තම කිව්වොත් ලේලන්ට් ටාට දෙකම ප්‍රමිතියෙන් යුතු බස් හදන්න ගත්තෙ ඊයෙ පෙරේදා, නියමිත ප්‍රමිතියට අනුව ගත්තම අලුත්ම නීති අනුව බස් වලට දුනු කොල දාන්න බෑ, ඒත් ලේලන්ඩ් ටාට දෙකේම නෝමල් බස් සේරම වගේ හදලා තියෙන්නෙ දුනුකොල දාලා. එතකොට ගැස්සේනව පැද්දෙනව වැනෙනවා වීසිවෙනව, බස් වල පිටිපස්සෙ සීට්වල ගිහින් තියෙනවනම් දන්නව ඇති යන්න තියෙන අමාරුව,

    හොඳ බස්වල දුනුකොල වෙනුවට තියෙන්නෙ බැලුන්.. බැලුන් කිව්වට හිල්වෙන එකක් එහෙම නෙමෙයි, ඒවගෙ බස් එක නැවැත්තුවම බස් එක ඉබේටම පාත්වෙනව යනකොට ඉබේම ඉස්සෙනවා, ඒවගේම යනකොට දොරවල් ඇරෙන්නෙ එහෙම නෑ තාක්ෂනය උපරිමයි. ඒවගේම දැන් තියෙන ඒසී බස්වලින් සියයට 99ක් ම තියෙන්නෙ ජපන් බස් වර්ග කියන එක අමතක එපා. ඒවගෙනුත් හුඟක්ම ඒවා 62-63 නම්බර්.

    අලුතෙන් ගෙන්වපු සමහර හොඳ බස් කොට උඩට ගියේ ඒවා හදන්න මක බාස්ලා දැනගෙන හිටියෙ නැති හින්දා මිසක් බස්වල දෝශ නෙමෙයි. අනික ලන්කාවෙ සීයට 75 පාරවල් සුපිරියටම තියෙනව වගේ,, ආන්ඩුව මේ වගේ සුපිරි බස් ගෙන්නන එකේ මූලිකම බලාපොරොත්තුව ලන්කාවට වාහන ගේන එක අඩු කරන්න කියලයි මටනම් හිතෙන්නෙ.. කොහොමටත් අවදානමක් නැතුව අලුත් දෙයක් කරන්න අමාරුයි. තව ඩින්ගෙන් අමතක වෙනවා සමහර උන්ට 1990ට වැඩිය චීනෙ අද දියුනුයි කියලා අමතක වෙලා තියෙනවා, ඒකයි ග්‍රේට්වෝල් බස් ගැන කතා කරන්නෙ.. ඒ අයට කියන්න තියෙන්නෙ 29 ශ්‍රී වගේ ජපන් බස් තාමත් නුවර පැත්තෙ වැඩ කරනව කියන ඒකයි.

    මගේ කතාව අවසන් අසා සිටි ඔබ සැමට ස්තූතියි

    11.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අම්මටසිරි.. අන්න මොලේ ඇති වැඩක් කරලා.. අනාගතයෙදි පිටගැස්ම හදාගන්නෙ නැතුව බස් එකක යන්න පුළුවන්..:love:
     
    isurudealwis

    Member
    Jun 30, 2007
    43
    3
    0
    240 මීගමුව - කොළඹත් තියෙනව... හැබැයි එකයි තියෙන්නෙ

    මම නිකන් යන ගමන් මේ බස් එකේ කොන්දොස්තර මහත්තයත් එක්ක කතා කර කර යනවා. මම දැනට අහපු විදිහට නම් මේ බස් 10ක් විතර "මයික්‍රෝ" කොම්පැනි එකත් එක්ක CTB එක Agreement එකක් ගහල අරන් තියෙනවා දුවන්න​. දැනට මම දන්න විදිහට නම් :

    100 - මොරටුව - පිටකොටුව බස් 5ක් පමණ​
    154 - කඩවත - බම්බලපිටිය බස් 3ක්
    230 - මීගමුව - බම්බලපිටිය බස් 1ක් පමණ දුවනවා

    මම නිතර ම වගේ යන්නේ 154 බම්බලපිටිය - කඩවත බස් එකේ කිරිබත්ගොඩ වෙනකන්. පහසුකම් අතින් නම් ඇත්තට ම හොඳයි. ලේලන්ඩ් 154 නිකන් බස් එකේ කොට කොට යනවට වඩා ගාන ඩබල් වුනත් (බම් බලපිටිය - කිරිබත්ගොඩ = රු.70යි) ගොඩාක් පහසුයි. දාඩිය නොදා ඉක්මනින් යන්න පුලුවන්.

    තව දෙයක්. තාම මේ බස් එකට මිනිස්සු හුරු වෙලා නැති නිසා මේ බස් එක දුවන්නේ පාඩු පිට කියල තමයි මට 154 කොන්දොස්තර මහත්තයෙක් කිව්වේ. මේ ගොල්ලන්ට දවසට Target එකක් දෙනවලු රු.8000ක​. දැනට ලැබෙන ආදායම නම් ඒ ගාන වගේ ලු. ඒත් දවසට තෙල් ගහල​, යන වෙනත් වියදම් එක්ක බලපුවා ම රු. 7000ක් විතර වියදම් ලු. එතකොට ලාබය රු.1000ක් විතරයි ලු. (මං මේ කිව්වේ 154 බස් එක ගැන හොඳේ...)

    අනිත් එක තමයි, මේ බස් එක දුවන්නේ සතියේ දවස්වල විතරයි. සෙනසුරාදා, ඉරිදා දුවන්නේ නෑ. ඒ දවස් දෙකේ දි මේ බස් සේරම අරන් යනව කිරිබත්ගොඩ - හුනුපිටිය අලුත් පාරෙ තියෙන Micro බස් වැඩපොළට​. එතැනට ගෙනිහින් මේ බස් එක සම්පූර්ණයෙන් හෝදල​, සුද්ද කරල​, Air Freshener ගහල ගේන්න ඕනෙලු සඳුදා උදේ වෙද්දි.

    මම දන්න ටික නම් ඔච්චරයි. මම මේ ගොල්ලන්ගෙන් 154 බස් කාල සටහනත් ඉල්ල ගත්තා, මගේ පහසුව නිසා... :) ඕනෙනම් ඒකත් දාන්නම්... :)
    :D:D:D
     
    • Like
    Reactions: tharo

    සෙනසුරාදා ඉරිදා අනිවාර්යෙන්ම දුවවන්න ඕන හරිනම්//
    :rolleyes::rolleyes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හරි,,, අදත් ඉන්දියාවෙ ලේලන්ඩ් වලට කඩේ යන එවුන් හෙන දිග හෑලි ලියලා තියෙනවා. ඇත්තටම එවුන් දන්නෙ මොනාද කියලත් වෙලාවකට හිතෙනවා,, ඉන්දියාව කිවුවොත් රත්තරන් එහෙම *** ලොවියි. ඒවගෙන් වැඩක් නෑ, කතාවට බහිමු,, ඇත්තම කිව්වොත් ලේලන්ට් ටාට දෙකම ප්‍රමිතියෙන් යුතු බස් හදන්න ගත්තෙ ඊයෙ පෙරේදා, නියමිත ප්‍රමිතියට අනුව ගත්තම අලුත්ම නීති අනුව බස් වලට දුනු කොල දාන්න බෑ, ඒත් ලේලන්ඩ් ටාට දෙකේම නෝමල් බස් සේරම වගේ හදලා තියෙන්නෙ දුනුකොල දාලා. එතකොට ගැස්සේනව පැද්දෙනව වැනෙනවා වීසිවෙනව, බස් වල පිටිපස්සෙ සීට්වල ගිහින් තියෙනවනම් දන්නව ඇති යන්න තියෙන අමාරුව,කොටින්ම කිව්වොත් මේවගේ ලොරි චැසියට් වීදුරු අල්ලපු බොඩියක් ගහලා විතරයි මේවට බස් කියනවනම් බස් වලට මොනා කියනවද මන්දා?

    හොඳ බස්වල දුනුකොල වෙනුවට තියෙන්නෙ බැලුන්.. බැලුන් කිව්වට හිල්වෙන එකක් එහෙම නෙමෙයි, ඒවගෙ බස් එක නැවැත්තුවම බස් එක ඉබේටම පාත්වෙනව යනකොට ඉබේම ඉස්සෙනවා, ඒවගේම යනකොට දොරවල් ඇරෙන්නෙ එහෙම නෑ තාක්ෂනය උපරිමයි. ඒවගේම දැන් තියෙන ඒසී බස්වලින් සියයට 99ක් ම තියෙන්නෙ ජපන් බස් වර්ග කියන එක අමතක එපා. ඒවගෙනුත් හුඟක්ම ඒවා 62-63 නම්බර්.

    අලුතෙන් ගෙන්වපු සමහර හොඳ බස් කොට උඩට ගියේ ඒවා හදන්න මක බාස්ලා දැනගෙන හිටියෙ නැති හින්දා මිසක් බස්වල දෝශ නෙමෙයි. අනික ලන්කාවෙ සීයට 75 පාරවල් සුපිරියටම තියෙනව වගේ,, ආන්ඩුව මේ වගේ සුපිරි බස් ගෙන්නන එකේ මූලිකම බලාපොරොත්තුව ලන්කාවට වාහන ගේන එක අඩු කරන්න කියලයි මටනම් හිතෙන්නෙ.. කොහොමටත් අවදානමක් නැතුව අලුත් දෙයක් කරන්න අමාරුයි. තව ඩින්ගෙන් අමතක වෙනවා සමහර උන්ට 1990ට වැඩිය චීනෙ අද දියුනුයි කියලා අමතක වෙලා තියෙනවා, ඒකයි ග්‍රේට්වෝල් බස් ගැන කතා කරන්නෙ.. ඒ අයට කියන්න තියෙන්නෙ 29 ශ්‍රී වගේ ජපන් බස් තාමත් නුවර පැත්තෙ වැඩ කරනව කියන ඒකයි.

    මගේ කතාව අවසන් අසා සිටි ඔබ සැමට ස්තූතියි

    පට්ට මචෝ..:love:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    වැඩි ගණන් දීල කුණු ගොඩවල් ගෙනේ වගේ නොරොච්චෝලේ වගේ තියේ
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Market oriented, with the philosophy of “Focus on safety and service”, HIGER BUS successfully developed the S, V, B, W and Star series of buses ranging from 6 to 13 meter to meet the customer’s demands of intercity transport、tourism、institutional commuting and city public transportation. Over 300 different models attracted customers from Europe, America、Africa, Southeast Asia and the Middle East. HIGER BUS has become a new star in the international bus industries.