ඉන්දුනීසියාව දූපත් ගණන් කරයි

banda065

Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    ඉන්දුනීසියාව දූපත් ගණන් කරයි

    ඉන්දුනීසියාව දූපත් ගණන් කරයි

    duu.jpg


    තම රටේ දේශසීමා නිසියාකාරයෙන් ලකුණු කරගැනීම පිණිස මතෛක් කරගන්නට බැරිවූ තම රටට අයත් දූපත් සියල්ල නිසියාකාරව ගණන් කිරීම ඉන්දුනීසියාව අරඹා තිබේ. මීට පෙර ඒ සඳහා ගත් උත්සාහය වැළකී ගියේ ඒ තරමටම දූපත් සංඛ්‍යාවක් එරටට අයත්ව තිබිම හේතුවෙනි. ගණන් කිරීම මෙන්ම එම දූපත් නම් කිරීමද එම අවස්ථාවන්හි වැළකී ගියේය. 1996දී දළ වශයෙන් කළ ගණන් ගැනීමකදී ඉන්දුනීසියාවට අයත්ව තිබූ දූපත් ගණන දහහත්දහස් පන්සිය අටක් ලෙස ගණන් බලන ලදී. නමුත් මෙය දළ වශයෙන් කළ ගණනයක් නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පිළිිගැනීමට ලක් නොවේ. ලබන අගෝස්තු මාසයේ පවත්වන එක්සත් ජාතීන්ගේ සමුළුවට පෙර ස්ථිර වශයෙන්ම දූපත් ගණන ගණන් කොට ඒවා නම් කිරීම එරට රජයේ බලා‍පොරොත්තුවයි.පසුව එම දූපත් එක්සත් ජාතීන්ගේ සංගමයේ ලියාපදිංචි කිරීම හරහා තම දේශ සීමාවන් මෙන්ම රට වටා ඇති සුවිසල් මත්ස්‍ය සම්පත් රැකගැනීම ඔවුන්ගේ පරමාර්ථය වී තිබේ. රට අවට වෙනත් රටවලින් කරන නීති විරෝධී මසුන් ඇල්ලීම නිසා ඉන්දුනීසියාවට වසරකට විශාල මුදලක් අහිමි වෙයි.

    හතරැස් කිලෝමීටර මිලියන 1.9ක භුමි භාගයක පැතිරුණු ඉන්දුනීසියාවේ දූපත් ගණන් කිරීම හා නම් කිරීම පහසු කටයුත්තක් නම් නොවනු ඇත. එරට අගනුවර වන ජකර්තාව අවට මුහුුදේ පමණක් දූපත් දහසකට වැඩි ගණනක් තිබෙන බව පැවැසෙයි. ඉන්දුනීසියාවට අයත් දූපත්වලින් සියයට හැටකට නමක් හෝ දේශසීමා ලකුණු කිරීමක් නැති බැවින් පහසුවෙන්ම වෙනත් රටවලට ඒවාට අයිතිවාසිකම් කීමට හැකිවීමේ අවදානමක් පවතියි. 2002දී දූපත් දෙකක් එලෙස මැ‍ලේසියාවට අයත්වූ අතර තවත් දූපත් දෙකක් ටිමෝර් ලෙස්ටේ විසින් අත්පත් කර ගන්නා ලදී. පුද්ගලික ආයතනයක් විසින්ද එක් කුඩා දූපතක් අයිති කරගෙන එහි සිටි වැසියන්ද ඉන් පළවා හැරීමට පියවර ගෙවන තිබුණි. එමෙන්ම කල්පනාකාරී නොවුණොත් දේශගුණික වෙනස්කම් නිසා මුහුදු මට්ටම ඉහළයාම හේතුවෙන් ඉන්දුනීසියාවට දූපත් රැසක් අහිමිව යාමේ අවදානමක්ද පවතියි.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පොඩි කියන්නේ බන් මිනිස්සුත් පේනවනෙ ගුගල් මැප් එකේ :baffled:

    වදඩිය බාදිය එද්දි යට වෙන මතු වෙන ඒව තියෙනවද දන්නෑනෙ ගූගල් එකෙං පොටෝ ගහල තියෙන්නෙ යට වෙලා තියෙන වෙලාවක නං ඒක නෑ කියල වැටෙන්නෙ :confused: