ඉන්දු-ශ්‍රී ලංකා පාලමක් ගැන සාකච්ඡා

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
ඉන්දු-ශ්‍රී ලංකා පාලමක් ගැන සාකච්ඡා

ඉන්දු-ශ්‍රී ලංකා පාලමක් ගැන සාකච්ඡා

අමෙරිකානු ඩොලර් බිලියන 5.19 ක මුදලක් වැයවේයයි අපේක්ෂිත ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර මුහුදු මාර්ගික පාලමක් සහ මුහුදු යටින් උමං මාර්ගයක් ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියක් පිළිබඳ දෙරට අතර අද (16) සාකච්ඡා කෙරෙනු ඇති බව ඉන්දීය පුවත් සේවා උපුටා දක්වයි.

ඉන්දීය මධ්‍යම රජයේ අමාත්‍ය නිටින් ගද්කාරි සහ මේවන විට ඉන්දියාවේ සංචාරයේ නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර මේ පිළිබඳ සාකච්ඡා කෙරෙනු ඇති බව සඳහන්ය.

ඉන්දියාවේ ධනුස්කොඩි ප්‍රදේශය හා ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම් දූපත යාකරමින් කි.මී 22 න් යුතුව මෙම මුහුදු පාලම හා උමං මාර්ගය නිර්මාණය කිරීම පිළිබඳ මෙහිදී අවධානය යොමුවනු ඇති බව ඉන්දීය පුවත් සේවා අනාවරණය කරයි.

බහු අංශික මූල්‍ය ප්‍රදාන ආයතනයක් වන ආසියානු සංවර්ධන බැංකුව විසින් අ.ඩො බිලියන 8ක පිරිවැයක් බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, ‍සහ නේපාලය වැනි රටවල මෙවන් සංවර්ධන ව්‍යාපෘති සඳහා යොදා ඇති අතර ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර වන ව්‍යාපෘතියටද ආසියානු සංවර්ධන බැංකුව එකඟවී තිබේ.

Source: Adaderana
 
mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
ඕකත් හදල අර සීපා ගිවිසුමත් ගැහුවම අපටත් ඉන්දියාවේ ප්‍රාන්තයක් වෙලා ඉන්න පුළුවන්.
 
MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
2j639g7.jpg
 
mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
හොද වැඩක්..

උඹේ නෑයෝ ඉන්දියාවේ ඉන්න හින්ද ඕක හැදුවම උඹට වාසියි තමයි. තමන්ගේ වාසිය ගැන විතරක් හිතන්නේ නැතුව රට ගැනත් හිතපන්.
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ඕකත් හදල අර සීපා ගිවිසුමත් ගැහුවම අපටත් ඉන්දියාවේ ප්‍රාන්තයක් වෙලා ඉන්න පුළුවන්.
පැහැදිලි කරපන්කො තර්කය. රටවල් දෙකක් ගොඩබිම් මාර්ගයකින් යා උනාම රටවල් දෙකේ සන්ස්කෘතීන් අනන්යතාවන් නැති වෙන්නේ කොහොමද?
…ප්‍රන්ශය, ඉතාලිය
…ඇමෙරිකාව මෙක්සිකොව
…සින්ගපූරුව මැලේශියාව
…ඉන්දියාව පකිස්තානය
…ජර්මනිය ප්‍රන්ශය
…ලිතුවේනියාව ලැට්වියාව
…මේ වගේ ගොඩක් රටවල් ගොඩබිමින් යා කෙරෙනවනේ..
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
උඹේ නෑයෝ ඉන්දියාවේ ඉන්න හින්ද ඕක හැදුවම උඹට වාසියි තමයි. තමන්ගේ වාසිය ගැන විතරක් හිතන්නේ නැතුව රට ගැනත් හිතපන්.
මගේ නැයො ඉතින් මාලදිවයිනෙත් ඉන්නවා. එහෙටත් පාලමක් ගහවියැ.. ගොඩබිම් මාර්ගයකින් රටවල් දෙකක් සම්බන්ද උනාම ඇතිවෙන ටැක්ස් ෆ්‍රී ට්‍රේඩ්ස්, ඉන්වෙස්ට්මන්ට්ස්, ප්‍රොජෙක්ට්ස්. ටුවරිසම් ඩිවෙලොප්මන්ට්, ඉන්ටර් ලින්කින් කන්ටිනෙන්ටල් මේ වගේ වාසි ගොඩයි. අනික ඔක අද ඊයේ නොතිබුනාට, අතීතයේ තිබුනු දෙයක් නේද? හුදෙකලා ජීවිතය දැන්වත් අත හරින්න. මැලේශියාව වගේ ලොකු රාජ්යක් එක්ක සින්ගපූරුව ලින්ක් උනා කියලා සින්ගපූරුව වැටුනේ නැ..
 
"ටැක්ස් ෆ්‍රී ට්‍රේඩ්ස්" lol::lol:
උඹට හරි ආස ඇති නේද බදු නැතුව ඉන්දියාවෙ බදු මෙහෙට ගෙනල්ලා විකුනන්න.

උඹ ඉතිහාසය ඉගෙනගත්තේ කොහෙන්ද? අතීතයේ ඔහොම පාලමක් තුමුනා කියන්නේ එකම එක පාරයි (රාවණාගේ රජ්ජුරුවන්ගේ කාලේ). ඒ පාලමෙන් කරේ උන් ලංකාව යටත් කරගත්ත එක.
 
prabo22

Well-known member
  • May 25, 2010
    12,637
    1,577
    113
    මගේ නැයො ඉතින් මාලදිවයිනෙත් ඉන්නවා. එහෙටත් පාලමක් ගහවියැ.. ගොඩබිම් මාර්ගයකින් රටවල් දෙකක් සම්බන්ද උනාම ඇතිවෙන ටැක්ස් ෆ්‍රී ට්‍රේඩ්ස්, ඉන්වෙස්ට්මන්ට්ස්, ප්‍රොජෙක්ට්ස්. ටුවරිසම් ඩිවෙලොප්මන්ට්, ඉන්ටර් ලින්කින් කන්ටිනෙන්ටල් මේ වගේ වාසි ගොඩයි. අනික ඔක අද ඊයේ නොතිබුනාට, අතීතයේ තිබුනු දෙයක් නේද? හුදෙකලා ජීවිතය දැන්වත් අත හරින්න. මැලේශියාව වගේ ලොකු රාජ්යක් එක්ක සින්ගපූරුව ලින්ක් උනා කියලා සින්ගපූරුව වැටුනේ නැ..

    okunge mona investment,tourism da ban,, higana haththa,, okun awith lankaweth paare renda gani
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    okunge mona investment,tourism da ban,, higana haththa,, okun awith lankaweth paare renda gani
    නැ බන්. තොරොබ්බල්කාරයො නෙමෙයි. මහා පරිමාන ට්‍රිඩ්ස් තියනවනේ බන්. කම්පැනි මට්ටමෙන් කරන. එවලට ගොඩබිම මාර්ගයක් උනාම එක්ස්පොර්ට් වැඩි වෙනවා පොඩි රටට. එතකොට මේ සිද්දියෙදි ලන්කාවට වාසියි. උබ කිව්ව තොරොම්බල් බඩු කාරයො එයාර් පොට් එකෙනුත් එනවා. එකනම් නවත්තන් ඔනෙ තමා. මේක මම කිව්වේ මහා පරිමානව. කැනඩා යුඇස් මෙහෙම ඇග්‍රිමන්ට් එකක් තියනවා ගැස් වලට. එකෙන් කැනඩාවට උපරිම වාසියි. හැමතිස්සෙම ලොකු ආර්තිකයක් තියන රටට පොඩි ආර්තිකයක් තියන රටක් කනෙක්ට් උනාම වැඩි වාසි තියෙන්නේ පොඩි රටට. මම කිව්වේ ඒ අර්තයෙන්.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඇයි මේ මෝඩයෝ රටට අහිතකර වැඩ කරන්න මේ තරම් වලිකන්නෙ...
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මැක්සා වැඩක් බන්.
    ඉන්දියන් බයික් එහෙම ලාභ වෙයි අපේ කට්ටියට.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ලංකාව කියන්නේ කොටි ප්‍රශ්න තිබ්බ රටක්.. ඉන්දියාවේ තමිල්නාඩුව ගැන කියන්න ඕනේ නෑනේ මන්.. ඔය පාලම තුලින් මෙහෙ ආර්ථිකය මොන වගේ වෙයිද දන්නේ නෑ .. නමුත් ඔය තමිල්නාඩු උන්දැලට නං ආයේ ගිණිගෙඩි ගෙනියන්න කියාපු අවස්ථාවක් වෙයි කියලයි මගේ මතය.. :)
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ලංකාව කියන්නේ කොටි ප්‍රශ්න තිබ්බ රටක්.. ඉන්දියාවේ තමිල්නාඩුව ගැන කියන්න ඕනේ නෑනේ මන්.. ඔය පාලම තුලින් මෙහෙ ආර්ථිකය මොන වගේ වෙයිද දන්නේ නෑ .. නමුත් ඔය තමිල්නාඩු උන්දැලට නං ආයේ ගිණිගෙඩි ගෙනියන්න කියාපු අවස්ථාවක් වෙයි කියලයි මගේ මතය.. :)
    උබ කියන තර්කේ වෙන විදියකට ඇත්තක් තියනවා. පාලමේ අයිතිය කාටද කියන එක තමා විසදගන්න ඔනේ. කාගේ සල්ලිවලටද හදන්නේ කියලා. කොහොමත් කස්ටම් එකෙන් ඉමිග්‍රේශන් එකෙන් දෙපැත්තෙන්ම ඉන්න නිසා එයාර්පොට් එකට වඩා ඔතන වැඩි වෙනසක් කියන්න බැ බන්. කුප්ප වැඩ කරන එකාට උඩින් ආවත් එකයි ඔතනින් ආවත් එකයි. පාලම නැ කියලා තමිල්නාඩු උන් ලන්කාවට බොට්ටුවෙන් එන්නේ නැතුවයැ බන්.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔහොම පාලමක් හැදුවොත් ලංකාවට ඕක අතිශයින්ම අවාසිදායකයි..
    නීතිමය පැත්තෙන් කියහන්කො හොද පැහැදිලි කිරීමක්. මේවගේ එහෙක අයිතිය කාටද?
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    උබ කියන තර්කේ වෙන විදියකට ඇත්තක් තියනවා. පාලමේ අයිතිය කාටද කියන එක තමා විසදගන්න ඔනේ. කාගේ සල්ලිවලටද හදන්නේ කියලා. කොහොමත් කස්ටම් එකෙන් ඉමිග්‍රේශන් එකෙන් දෙපැත්තෙන්ම ඉන්න නිසා එයාර්පොට් එකට වඩා ඔතන වැඩි වෙනසක් කියන්න බැ බන්. කුප්ප වැඩ කරන එකාට උඩින් ආවත් එකයි ඔතනින් ආවත් එකයි. පාලම නැ කියලා තමිල්නාඩු උන් ලන්කාවට බොට්ටුවෙන් එන්නේ නැතුවයැ බන්.

    ගොන් කතා කියන්න එපා බන්. එයාර්පොට් එකට වඩා වෙනසක් නැති වෙන්නේ කොහොමද? ප්ලේන් එකකින් ලංකාවට එන කොච්චර වියදමක් යනවද? පාලම හැදුවම තමිල්නාඩුවේ එවුන්ට රුපියල් 1000ටත් අඩු ගානක් දීල බස් එකේ ලංකාවට එන්න පුළුවන්.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ගොන් කතා කියන්න එපා බන්. එයාර්පොට් එකට වඩා වෙනසක් නැති වෙන්නේ කොහොමද? ප්ලේන් එකකින් ලංකාවට එන කොච්චර වියදමක් යනවද? පාලම හැදුවම තමිල්නාඩුවේ එවුන්ට රුපියල් 1000ටත් අඩු ගානක් දීල බස් එකේ ලංකාවට එන්න පුළුවන්.
    බොඩර් ක්‍රොසින් චාර්ජ් එකක් දැම්මම ඉවරනේ.. මේක මිනිස්සුන්ට එහා මෙහා යන්න විතරමද හදන්නේ..